කායානුපස්සනාඋද්දෙසවණ්ණනා
අජ්ඣත්තං යනු තමාගේ අජ්ඣත්තය අදහස් කරයි. එනිසා අජ්ඣත්තං කායෙ යනු තමාගේ ශරීරය යන අර්ථ වේ. එහි කායෙ යනු රූප කයයි. රූප කයෙහි මෙහි කේසාදී අඟපසඟවල සමූහාර්ථයෙන් ඇත්කය අස්කය රථකය ආදිය මෙන් කය යයි අදහස් කරයි. සමූහ අර්ථයෙන් මෙසේ පිළිකුල් වූ කේසාදීන්ගේ එකතුවීම අර්ථයෙන් පිළිකුල් බවද අතිශයින් පිළිකුල් කටයුතු දේ එක්වීමද කය වේ.
කය අනුව බලනවා කාය යයි කියාත් නැවත කායානුපස්සී යයි දෙවනුවත් ගැනීම අසම්මිශ්ර වශයෙන් නියම ඝන වෙන්වීම් ආදිය දැක්වීම සඳහා කරන ලදැයි දතයුතුය. එයින් කයෙහිම යන තේරුම මිස වේදනා චිත්ත ධම්ම අනුපස්සනාවල නොවේ. ඉක්බිතිව කායෙ කායානුපස්සී යෙව යයි කාය සංඛ්යාත කායානුපස්සනාව කිරීම දැක්වීමෙන් අසම්මිශ්ර වශයෙන් නියමය දක්වන ලදී. එසේ කයෙහි අඟපසඟ වෙන්වූ එක් කොටසක් නොවේ. කෙස් ලොම් ආදිය වෙන්වූ ස්ත්රී පුරුෂයන් දැකීමක් නොවේ. මෙහි කෙස් ලොම් ආදි භූත උපාදාය රූප සමූහයෙන් කාය වේ. එහිද භූත උපාදාය රූප සමූහයෙන් වෙන්වූ එක් කොටසක් බැලීම නොවේ. නැවත රථයක උපකරණ රාශිය දකින්නාක් මෙන් අඟපසඟ සමූහය දැකීමය. නගරයක අවයව දකින්නෙකු මෙන් කෙස් ලොම් සමූහය දැකීමය. කෙසෙල් කඳක අතු පතුරු වෙන් කරන්නෙකු මෙන් හිස්වූ මිට දිගහැර පෙන්වන්නකු මෙන්ද භූත උපාදාය රූප සමූහය දැකීමම යයි නොයෙක් අයුරින් සමූහ වශයෙන් වූ ශරීර සංඛ්යාත වස්තුව දැකීමෙන් ඝනය වේනවීම දකින ලද්දේ වේ. මෙහි කියන ලද සමූහයෙන් වෙන්වූ කයක් හෝ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ වෙනත් අයෙක් හෝ නොමැති වේ. කියන ලද ධර්ම සමූහ මාත්රයෙහිම ඒ ඒ සත්ත්වයෝ වැරදි ලෙස දකිති. එය පුරාණ ඇදුරෝ කීහ.
පෙනෙන දේ නොදකී - දකින දේ නොපෙනේමය
මුළාවී බැඳෙනා - නොමිදේය බැඳුමෙන් මේ
මුළාවී බැඳෙනා - නොමිදේය බැඳුමෙන් මේ
ඝන වූ එකට බැඳුණු දේ යනාදිය දැකීම සඳහා යයි කියන ලදි. මේ ආදි ශබ්දයෙන් මේ අර්ථයද දතයුතුය. මෙය මේ කයෙහි කායානුපස්සනාවමය. අනිත් ධම්මානුපස්සී නොවේ යයි කුමක් කියන ලදද? යම්සේ ජලය නැතිවුවද මිරිඟුවෙහි ජලය දකින්නේ වේ. මෙසේ අනිත්ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ ශරීරයෙහි නිත්ය සුඛ ආත්ම සුභ බවක් නොපෙනේ යයි කියන ලද්දේ වේ. තවද මේ මහා සතිපට්ඨානයෙහි “මහණෙනි, මෙහි භික්ෂූන් වහන්සේ නමක් ආරණ්යයට ගියේ........හෙතෙම සිහියෙන්ම ආශ්වාස කෙරේ” ආදි නයින් ආශ්වාස ප්රශ්වාසාදි අණුවලින් හටගෙන ඇටවලින් අවසාන වන කය කියන ලදි. යමෙක් මේ පොළොව නැමති කය අනිත්ය වශයෙන් බලයි. එසේම ආපෝ කය තේජෝ කය වායෝ කය කේස කය ලෝම ඡවි මංස රුහිර නහරූ අට්ඨි අට්ඨි මිඤ්ජ කායයන් පටිසම්භිදාවෙහි කාය යයි කියන ලදි. ඒ සියල්ල මෙම කායයෙහි අනුපස්සනා වශයෙන් කයෙහි කායානුපස්සී හැර මෙසේ ද අර්ථය දතයුතුය.
එසේ නැතහොත් කයෙහි මමය මාගේ යයි අනුපස්සනා රහිතව ගත් කිසිවෙකුට හෝ ඒ ඒ කේස ලෝමාදි ධර්ම සමූහය අනුපස්සනා වශයෙන් කයෙහි කේසාදි ධර්ම සමූහ සංඛ්යාතය කායානුපස්සී යයි මෙසේ අර්ථය දතයුතුය. තවද මේ කයෙහි නිත්ය වශයෙන් නොව අනිත්ය වශයෙන් අනුපස්සනා කෙරෙයි යන ආදි අනුක්රමයෙන් පටිසම්භිදායෙහි නයේ සියළු අනිත්ය ලක්ෂණාදි ආකාර සමූහ සංඛ්යාත කයෙහි කායානුපස්සනා වශයෙන් ද කායෙ කායානුපස්සී යයි මෙසේද අර්ථය දතයුතුය.
එසේ මේ කයෙහි කායානුපස්සනා ප්රතිපදාවට පිළිපන් යෝගාවචරයා (භික්ඛු) මෙම කය අනිච්ච අනුපස්සනාදීන් හෝ සත් අනුපස්සනා වශයෙන් නිත්ය වශයෙන් නොව අනිත්ය වශයෙන් බලන්නේය. සුඛ වශයෙන් නොව දුක් වශයෙන් බලන්නේය. ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලන්නේය. සතුටුවීම් වශයෙන් නොව කලකිරීම් වශයෙන් බලන්නේය. ඇලීම් වශයෙන් නොව නොඇලීම් වශයෙන් බලන්නේය. සමුදය වශයෙන් නොව නිරෝධ වශයෙන් බලන්නේය. ගැනීම් වශයෙන් නොව හැරදැමීම් වශයෙන් බලන්නේය. හෙතෙම එය අනිත්ය වශයෙන් බලන්නේ නිත්ය සංඥාව දුරුකරයි. දුක් වශයෙන් බලන්නේ සුඛ සංඥාව දුරු කරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරුකරයි. කළකිරෙන්නේ තෘෂ්ණාව දුරුකරයි. විරාග වන්නේ රාගය දුරුකරයි. නිරෝධ වන්නේ සමුදය දුරුකරයි. අත්හරින්නේ ගැනීම දුරුකරයි යයි දතයුතුය.