උපායාසනිද්දෙසො
උපායාස විස්තරයෙහි ආයාසය යන අර්ථයෙන් ආයාස වේ. පසුබැසීම් ආකාරයෙන් පවතින සිතේ ක්ලාන්ත ගතියට මෙය නමකි. සිතේ බලවත් පසුතැවිලි බව උපායාසිතත්ත වේ. අයං වුච්චති උපායාසො මෙය උපායාස යයි කියනු ලැබේ. එහි ලක්‍ෂණය ඇලීමය, කෘත්‍යය කෙඳිරිගෑමය, වැටහෙන ආකාරය සිත්තැවුලය.
උපායාසයේ දුක්ඛාර්ථය දතයුතුය. මෙහිද තමාම දුක් නොවේ. දුක් දෙකම වස්තුභාවය නිසා දුක් යයි කියන ලදි. කෝපවූ රජතුමා ඓශ්වර්ය සිඳ නසන ලද වධයට බියෙන් පුතුන්ගෙන් එකෙක් වනයට පිවිස සැඟවී මහා පසුතැවිල්ලට පත්වේ. මෙයින් දුකට පත්ව මහත් දුකක් උපදී. මෙපමණ නෑයින් හා ධනය විනාශවී යයි සිතන්නාට බලවත් දොම්නසක් උපදී. මෙසේ දුක් දෙකම වස්තුභාවයෙන් සිදුවූ බව දතයුතුය. තවද:-
දැවීම ද සිතෙහි වන - පසුතැවුම් කය වැඩුමෙන්
උපායාසය දුක් - දනවයි එයින් දුක් වේ
මෙහි භාජනය තුළ තෙල් ආදියෙන් පැසෙන දෙයක් මෙන් සෝකයද දැඩි ගින්නෙන් පැසෙනවිට භාජනයෙන් පිටතට නික්මෙන්නාක් මෙන් පරිදේවයද පිටතට නික්මීමට නොහැකිව භාජනය තුළම පැසී ක්‍ෂයවී යන දෙයක් ලෙස උපායාසයද දතයුතුය.
අප්පියසම්පයොගනිද්දෙසො
අප්‍රිය සම්පයෝග විස්තරයෙහි යස්ස යමෙක්, ඔහුගේ අනිට්ඨා යනු නොසෙවීමය. සෙවීම හෝ නොසෙවීම හෝ වේ. මෙය අමනාප අරමුණට නමකි. සිතට මනාප නැති, නොපිවිසියේය යනු අකන්ත වේ. සිතට ප්‍රිය නැති මනස නොවැඩෙන්නේ අමනාප වේ. රූප ආදියේ ස්වභාවය පෙන්වීමය. අනර්ථය කැමති වෙයි. බලාපොරොත්තු වෙයි යන අර්ථයෙන් අනත්‍ථකාමා වේ. අහිත දේ කැමති වේ. බලාපොරොත්තු වේ යන අර්ථයෙන් අහිතකාමා වේ. පහසු නොවූ දුක් විහරණ කැමති වේ බලාපොරොත්තු වේ යන අර්ථයෙන් අඵාසුකාමා වේ. සිව් යෝගයෙන් බිය නැති නිවන කැමති නොවී බිය සහිත වූ සසරම කැමති වේ යන අරුතින් අයෝගක්ඛෙම කාමා වේ.
[missing trans]
සංගති යනු ගොස් එකතුවීමය. සමාගමො යනු පැමිණ එකතුවීමය. සමොධානං යනු සිටීම් හිඳීම් ආදියෙන් සහභාගී වීමය. මිස්සීභාවො යනු සියළු කිසවල එකතුකිරීමය. මෙය සත්ත්වයන් වශයෙන් කරනු ලබන යෝජනාවයි. සංස්කාර වශයෙන් යමක් ලැබේ නම් එය ගතයුතුය. අයං වුච්චති මෙය අප්‍රිය සම්ප්‍රයෝගයයි කියනු ලැබේ. එය අනිට්ඨ සමෝධාන ලක්‍ෂණය වේ. සිත විනාශ කිරීම කෘත්‍යය යයි. අනර්ථභාවය වැටහෙන ආකාරයයි.
එය අර්ථ වශයෙන් එක් ධර්මයක් නැත. හුදෙක් අප්‍රිය සම්ප්‍රයුක්ත වූ දෙයාකාර දුකට වස්තුවන හෙයින් දුක යයි කියන ලදි. අනිට්ඨාවද වස්තුවල ඇතුළත් වූ විඳින සිඳින පලන ආදියෙන් කායික දුක්ද උපදවයි. උද්වේග ඇතිකිරීමෙන් මානසික දුක්ද උපදවයි. එනිසා මෙය කියන ලදි:-
දුටුමතින් අපියන් - සිතෙහි පළමුව ඇතිවේ
උවකම් සමග වී - පසුව කයෙහි ද ඇති වේ