අප්පියසම්පයොගනිද්දෙසො
අප්‍රිය සම්පයෝග විස්තරයෙහි යස්ස යමෙක්, ඔහුගේ අනිට්ඨා යනු නොසෙවීමය. සෙවීම හෝ නොසෙවීම හෝ වේ. මෙය අමනාප අරමුණට නමකි. සිතට මනාප නැති, නොපිවිසියේය යනු අකන්ත වේ. සිතට ප්‍රිය නැති මනස නොවැඩෙන්නේ අමනාප වේ. රූප ආදියේ ස්වභාවය පෙන්වීමය. අනර්ථය කැමති වෙයි. බලාපොරොත්තු වෙයි යන අර්ථයෙන් අනත්‍ථකාමා වේ. අහිත දේ කැමති වේ. බලාපොරොත්තු වේ යන අර්ථයෙන් අහිතකාමා වේ. පහසු නොවූ දුක් විහරණ කැමති වේ බලාපොරොත්තු වේ යන අර්ථයෙන් අඵාසුකාමා වේ. සිව් යෝගයෙන් බිය නැති නිවන කැමති නොවී බිය සහිත වූ සසරම කැමති වේ යන අරුතින් අයෝගක්ඛෙම කාමා වේ.
[missing trans]
සංගති යනු ගොස් එකතුවීමය. සමාගමො යනු පැමිණ එකතුවීමය. සමොධානං යනු සිටීම් හිඳීම් ආදියෙන් සහභාගී වීමය. මිස්සීභාවො යනු සියළු කිසවල එකතුකිරීමය. මෙය සත්ත්වයන් වශයෙන් කරනු ලබන යෝජනාවයි. සංස්කාර වශයෙන් යමක් ලැබේ නම් එය ගතයුතුය. අයං වුච්චති මෙය අප්‍රිය සම්ප්‍රයෝගයයි කියනු ලැබේ. එය අනිට්ඨ සමෝධාන ලක්‍ෂණය වේ. සිත විනාශ කිරීම කෘත්‍යය යයි. අනර්ථභාවය වැටහෙන ආකාරයයි.
එය අර්ථ වශයෙන් එක් ධර්මයක් නැත. හුදෙක් අප්‍රිය සම්ප්‍රයුක්ත වූ දෙයාකාර දුකට වස්තුවන හෙයින් දුක යයි කියන ලදි. අනිට්ඨාවද වස්තුවල ඇතුළත් වූ විඳින සිඳින පලන ආදියෙන් කායික දුක්ද උපදවයි. උද්වේග ඇතිකිරීමෙන් මානසික දුක්ද උපදවයි. එනිසා මෙය කියන ලදි:-
දුටුමතින් අපියන් - සිතෙහි පළමුව ඇතිවේ
උවකම් සමග වී - පසුව කයෙහි ද ඇති වේ
ඉන් දුක් දෙකම වත් - නිසා වනබව මහරිසි
දෙසූබව දතයුතුය - අපියන් සමාගමයේ
පියවිප්පයොගනිද්දෙසො
ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන ලද්දෙහි ප්‍රතිපක්‍ෂ ක්‍රමයෙන් දතයුතුය. මාතා වා යන මෙහි දියුණුව කැමති ස්වරූපයෙන් දැක්වීමට කියන ලදි. එහි මමායනය මාතා වේ. පිය කෙරේ යනු පිතා වේ. ඇසුරු කෙරේ යයි භාතා වේ. භගිනියද එසේය. මෛත්‍රිය කෙරේ යයි මිත්තා. මනී යයි හෝ මිත්තා වේ සැඟවුණු සියළු ඇතුළත එළියට දමයි යන අර්ථයයි. කළයුතු කාර්යවල සහභාගි වන අර්ථයෙන් යහපත් වන්නේ යයි අමච්ච වේ. මේ තෙමේ අපගෙ ආධ්‍යාත්මයයි. මෙසේ දනියි. හැඳින ගනියි හෝ ඤාති වේ. ලෙයින් සම්බන්ධ වූයේ සාලොහිතා වේ. මෙසේ මේ පදවල අර්ථ දතයුතුය. අයං වුච්චති මෙය ප්‍රියයන්ගෙන් වෙන්වීම යයි කියනු ලැබේ. එය ඉෂ්ට වස්තුවල වෙන්වීම ලක්‍ෂණය වේ. සෝකය ඉපදීම කෘත්‍යයයි. ව්‍යසන වැටහෙන ආකාර යයි.
එහි අර්ථ වශයෙන් එක් ධර්මයක් නැත. කේවලවූ ප්‍රිය විප්‍රයෝගය දුක් දෙකම වස්තුභාවයෙන් දුක් යයි කියන ලදි. ඉෂ්ට වූ වස්තු වෙන්වනවිට ශරීරයේ විලීම් මැලවීම් ආදියෙන් කායික දුක් උපදවයි. අපට යමක් තිබී නැතිවෙයි. එයට සෝක කිරීමෙන් මානසිකවද දුක් ඇතිවේ. එහෙයින් මෙය කියනු ලැබේ:-
නෑ දන වියෝගය - විදියි ඊ සර සෝ නම්
මැරුණු පිය වියොවින් - දුකින් තැවෙති බාලයෝ
ඉච්ඡානිද්දෙසො
කැමති විස්තරයෙහි ජාතිධම්මානං යනු ජාති ස්වභාවයන්ගේ ජාති ප්‍රත්‍යයන්ගේ ඉච්ඡා උප්පජ්ජති යනු තෘෂ්ණාව උපදී. අහොවත යනු ප්‍රාර්ථනාවය. න ඛො පනෙතං ඉච්ඡා පත්තබ්බා යනු යම් දෙයකින් අපි ඉපදීම් ධර්මයට නොපැමිණේම යයි පැතීම, අප ඉපදීමට නොපැමිණේවායි මෙසේ සමුදය ප්‍රහාණයෙන් සාධූන් කෙරෙහි විද්‍යමාන නොඉපදීම් ධර්ම වූ පරිනිර්වාණයෙහි විද්‍යමාන ඉපදීමේ නොපැමිණීම කැමතිවන ලදි. මාර්ග භාවනාවෙන් තොරව නොපැමිණිය හැකි බැවින් නොකැමති වන්නාටද භාවනාවෙන් පැමිණිය යුතු බැවින් කැමතිවීමෙන් පැමිණීම නම් දෙයක් නැත. (කැමතිවීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් ඉපදීම නැතිකළ නොහැකිබව කී සේය) ඉදම්පි මෙයද, මත්තෙහි සෙස්ස ‘පි’ කාරයෙන් ගනී. යම්පිච්ඡං යම් ධර්මයකින් නොලැබිය හැකි වස්තු කැමතිවන්නා නොලබයි. නොලැබිය හැකි වස්තු කැමතිවීම දුක් යයි දතයුතුය. ජරාධම්මානං ආදියෙහිද මෙම නයයි. මෙසේ මෙහි නොලැබිය හැකි වස්තු කෙරෙහි කැමැත්තම යමක් නොලබයිද එය දුක්යයි කියන ලදි. එහි නොලැබිය හැකි වස්තු කැමතිවීම ලක්‍ෂණ යයි. ඒ ගැන සෙවීම කෘත්‍යයයි. ඒවායේ නොපැමිණීම වැටහෙන ආකාරයයි.