මරණනිද්දෙසො
මරණය පිළිබඳ විස්තරයෙහි වෙන්වී යෑම් වශයෙන් චුති එක, සතර ස්කන්ධවල චුතියට සමාන වචනයකි. මෙය චවන්තා භාව වචනයෙන් ලක්ෂණ දැක්වීමය. භෙදො ස්කන්ධවල බිඳීම වෙන්වීම දැක්වීමය. අන්තරධානං තලයක් බිඳුනාක් මෙන් ස්කන්ධවල බිඳීම අභාවය දැක්වීමය. මච්චුමරණං මච්චු සංඛ්යාත මරණය, කාලය නම් අන්තකය, ඔහුගේ ක්රියාව කාලකිරියා වේ. මෙපමණකින් දක්වන ලද්දේ සම්මුති මරණයයි.
දැන් පරමාර්ථ වශයෙන් දැක්වීමට ඛන්ධානං භෙදො යනාදිය කීහ. පරමාර්ථ වශයෙන් ස්කන්ධයම බිඳේ. සතෙක් නම් කිසිවකු නොමරයි. ස්කන්ධ බිඳෙන කල්හි සතා මැරේ. බිඳුණු කල්හි මැරුණේ යයි ව්යවහාර වේ. මෙහිද චතු පංචවෝකාර වශයෙනි. ඛන්ධානං භෙදො ඒක වෝකාර වශයෙනි. කළෙබරස්ස නික්ඛෙපො චතු වෝකාර වශයෙන් හෝ ස්කන්ධයන්ගේ බිඳීම, සෙසු දෙක වශයෙන් කළේබරස්ස නික්ඛෙපෝ දතයුතුය. කුමක් හෙයින්ද? භව දෙකේම රූපකාය සංඛ්යාත කළේබරයේ හටගැනීම නිසාය. චාතුම්මහාරාජිකාදියෙහි ස්කන්ධ බිඳෙන්නේය. කිසිවක් හැර නොදමයි. එහෙයින් ඔවුන්ගේ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීම වේ. මිනිස් ආදීන් කෙරෙහි කළේබරය හැරදැමීම වේ. මෙහිද කළේබරයේ හැරදැමීම කරන හෙයින් කළේබරස්ස නික්ඛෙපො යයි කියන ලදි.
ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො යන මෙයින් මරණය නම් ඉන්ද්රිය බද්ධම වේ. අනින්ද්රිය බද්ධ මරණයක් නම් නැතැයි දක්වයි. සස්ය මැරුණේය. ගස මළේය යන මේවා වනාහි ව්යවහාර මාත්රයකි. මේ වචනවල අර්ථ වශයෙන් ක්ෂය ව්යය දෙක දක්වයි. ඉදං වුච්චති මරණං මෙහි සියළු මරණම කියන ලදි.
එසේ වුවද මෙහි ක්ෂණික මරණ සම්මුති මරණ සමුච්ඡේද මරණ යන මේවායේ භේදයද දතයුතුය. එහි ඛණික මරණ නම් පැවතෙන රූපාරූප ධර්මයන්ගේ බිඳීමය. තිස්ස මළා, ඵුස්ස මළා යනු සම්මුති මරණය වේ. ක්ෂීණාශ්රවයන් වහන්සේගේ ප්රතිසන්ධි රහිත වූ කාලක්රියාව සමුච්ඡේද මරණ නම් වේ. මෙහි වනාහි සම්මුති මරණය අදහස් කරයි. ජාතික්ඛය මරණය, උපක්රම මරණය, සරස (සියදිවි හානිය) මරණය, ආයුක්ඛය මරණය, පුඤ්ඤක්ඛය මරණය ඊටම නම් වේ. මෙහි ලක්ෂණය චුතියයි. කෘත්යය වෙන්කිරීමයි. වැටහෙන ආකාරය වෙන්ව විසීමය.
මරණයේ දුක්ඛාර්ථය දැනගත යුතුය. මෙහිද මරණය තමාම දුක් නොවේ. වස්තුභාවයෙන් දුක්යයි කියන ලදි. මරණ යයි කායික වේදනා යටි සුළඟට ඇල්ලූ ගිනිහුලක් මෙන් ශරීරය දවයි. නරක නිමිති අරමුණු වනවිට බලවත් දොම්නසක් උපදී, මෙසේ මේ දුක් දෙකම වස්තුවෙන් දුක් යයි දතයුතුය. තවද:-
පව්කම් පව්කමේ - නිමිති අනුදැක්මෙහි දී
සොඳුරු පිය වත්වල - වෙන්වුම නො මැඩලන්නා
සොඳුරු පිය වත්වල - වෙන්වුම නො මැඩලන්නා
මියන කල යම් දුක් - මනසට වෙසෙස් නො වෙමින්
සියළු එක්වීමෙහි - බැඳුම් සිඳුමෙන් ආදී
සියළු එක්වීමෙහි - බැඳුම් සිඳුමෙන් ආදී
මරු තැන් විදීමෙන් - දුක් වෙයි සිරුරෙහි උපන්
නැත පිළියම් සහන - මෙදුකට යම් ලෙසින් වන
එය මරණ වත් නම් - දුක්ම යයි යෙති එහෙයින්
නැත පිළියම් සහන - මෙදුකට යම් ලෙසින් වන
එය මරණ වත් නම් - දුක්ම යයි යෙති එහෙයින්
තවද මේ ජරා මරණ නම් සතුන්ගේ වධක පසමිතුරකු මෙන් සිදුරු සොයමින් හැසිරේ. යම්සේ පුරුෂයකුගේ සිදුරු සොයමින් හැසිරෙන පසමිතුරන් තිදෙනාගෙන් එකෙක් මෙසේ කියයි. මම අසවල් වනය වර්ණනා කර මොහු රැගෙන එහි යමි. මෙය මට දුෂ්කර නැත. දෙවැන්නා මෙසේ කියන්නේය. මොහු රැගෙන ගියකල මම තලා දුර්වල කරමි. එය මට දුෂ්කර නැත. තෙවැන්නා මෙසේ කියන්නේය. ඔබ විසින් තළා මොහු දුර්වල කළපසු තියුණු කඩුවකින් හිස සිඳීම මට බාර වේවා. ඔව්හු මෙසේ කියා එසේ කරන්නාහුය.
එහි පළමු පසමිතුරා වනයෙහි වර්ණනාව කියා ඔහු රැගෙන ගිය කාලය මෙන් සුහද ඤාති සමූහයෙන් ඇද යම්කිසි තැනක ඉපදවීම ජාතියේ ක්රියාවයි. දෙවැන්නා තළා දුර්වල කරනවා මෙන් උපන් ස්කන්ධයන් වැටී පරාධීනව ඇඳට ඇදදැමීම ජරාවේ ක්රියාවයි. තෙවැන්නා සියුම් අවියෙන් හිස සිඳිනවා මෙන් ජීවිතක්ෂයට පැමිණවීම මරණයේ කාර්යයි. එසේ දතයුතුය.