දැන් සංක්‍ෂෙප වශයෙන් දක්වන ලද දුක්ඛාදිය බෙදා දැක්වීමට තත්ථ කතමං දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා යයි මේ නිද්දේස වාරය අරඹන ලද්දේය. එහි ජාතිය දතයුතුය. ජාතියෙන් දුක්ඛාර්ථය දතයුතුය. ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් සිත් තැවුල් අප්‍රියයන් සමග එක්වීම් ප්‍රියයන්ගෙන් වෙන්වීම දතයුතුය. අප්‍රිය සම්ප්‍රයෝගයේ සහ ප්‍රිය විප්‍රයෝගයේ දුක්ඛාර්ථය දතයුතුය. ආශාව දතයුතුය. ආශාවේ දුක්ඛාර්ථය දතයුතුය. ස්කන්ධ දතයුතුය. ස්කන්ධයන්ගේ දුක්ඛාර්ථය දතයුතුය.
දුක්ඛාර්ථය සත්‍යය කීම සඳහා මේ මාතෘකා වේ. මේ දුක නම් අනේකය. නානාප්‍රකාරය. කෙසේද? දුක්ඛ දුක් වෙනස්වීමේ දුක සංඛාර දුක වැසුණු දුක නොවැසුණු දුක පර්යාය දුක නිෂ්පර්යාය දුක
එහි කායික චෛතසික දුක් වේදනා ස්වභාවයෙන්ද නාමයෙන්ද දුක් බව දුක්ඛ දුක නම් වේ. සැප වේදනාව වෙනස්වීමෙන් විපරිණාම දුක වේ. උපේක්‍ෂා වේදනාව සෙසු ත්‍රෛභූමික සංස්කාර උදයව්‍ය වශයෙන් පෙළන බැවින් සංඛාර දුක් නම් වේ. පීළනය වනාහි මාර්ග ඵලස්ථයනටද ඇත. එනිසා මේ ධර්ම දුක්ඛ සත්‍යයට ඇතුළත් බැවින් සංස්කාර දුක් යයි දැනගත යුතුය. කන් කැක්කුම දත් කැක්කුම රාගයෙන් උපදින දැවිල්ල දෝසයෙන් උපදින දැවිල්ල ආදී කායික චෛතසික ආබාධ විචාරා දැනගත යුතු හෙයින් උපක්‍රමයේද අප්‍රකට බැවින් පටිච්ඡන්න දුක් වේ. අප්‍රකට දුක් යයි කියනු ලැබේ. දෙතිස්වද කාරණාදිය නිසා උපදින ආබාධ නොවිචාරාම දැනගත හැකි බැවින් සහ උපක්‍රමයද ප්‍රකට බැවින් අපටිච්ඡින්න දුක් වේ. ප්‍රකට දුක් යයිද කියනු ලැබේ. දුක්ඛ දුක්ඛය හැර සෙසු ඒවා දුක්ඛ සච්ච විභංගයෙහි ආ ජාති ආදි සියළු ඒ ඒ දුක්වල වස්තු භාවයෙන් පරියාය දුක් වේ.
එහි පරියාය දුක් නිප්පරියාය දුක් යන මේ පද දෙකේ සිට දුක්ඛාර්ය සත්‍ය කථාකළ යුතුය. පෙලෙහි අරියසච්ච යයි සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද එයි. සංක්‍ෂේපයෙන් ආ තැන සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද කීමට වටී. විස්තරයෙන් ආ තැන විස්තරයෙන් කීමට වටී. සංක්‍ෂේපයෙන් නොවටී. මේ ස්ථානයෙහි විස්තරයෙන් ආ බැවින් විස්තරයෙන්ම කිවයුතුය. එහෙයින් විස්තර කරන වාරයෙහි “එහි දුක්ඛාර්ය සත්‍යය කවරේද?” ජාතිපි දුක්ඛා ආදිය යයි ආදි පද ගෙන ජාතිය දතයුතුය. ජාතියේ දුක්ඛාර්ථය දතයුතුයි ආදිය කියන ලදි. එහි ජාති ආදිය පළමුව:- එහි ජාතිය නම් කවරේද? එය ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වල ඉපදීම පහළවීම යන මේ පද භාජනිය වශයෙන් දතයුතුය.
එහි මේ අර්ථ වර්ණනාවය. තෙසං තෙසං සත්තානං මෙය සංක්‍ෂේපයෙන් නොයෙක් සතුන්ගේ සාධාරණ විස්තරයකි. දේවදත්තගේ ඉපදීම සෝමදත්ගේ ඉපදීම යයි කියන කල්හි සම්පූර්ණ සතුන්ගේ ගැනීමක් නොවේ. සියල්ල පසුව සිදුවේ. මේ පද දෙකෙන් කිසි සතෙක් නොගෙන නැත. පසුව කිසි දැන්වීමක් නොවන්නේ නොවේ. එහෙයින් කියන ලදි. ඒ ඒ සතුන්ගේ තමහී තමහී උපන් ගති වශයෙන් නොයෙක් සත්ත්ව කොටස්වල සාධාරණ විස්තරයයි. සත්ත නිකායෙ යනු සත්වයින්ගේ කොටසෙහි සත්ව සමූහයෙහි යන අර්ථයයි.
ජාති මේ ජාති ශබ්දය නොයෙක් අර්ථ ඇත. එක් ජාතියක ජාති දෙකක මෙය භවයෙහි එයි. ‘විසාඛ, නිගණ්ඨ නම් ශ්‍රමණ ජාතියක් ඇත’ මෙය කොටසෙහිය. ‘තිරි නම් තෘණ විශේෂයකි. නැබින් නැගී අහසෙහි ගැටී පැවති සේය.’ මෙහි පැනවීමෙහි. ජාති ස්කන්ධ දෙකක සංගෘහිතය මෙය සංඛත ලක්‍ෂණයෙහි. මහණෙනි, මව්කුස පළමුව උපන් සිතක් පළමු විඤ්ඤාණය පහළවීමයි. එය ගෙන ඔහුගේ ජාති වේ. මෙහි ප්‍රතිසන්ධියයි. ආනන්ද, දැන් බෝධිසත්ත්වයෝ ජාතය, මෙහි ප්‍රසූතයෙහි. ජාතිවාදයෙන්, මෙහි කුලයෙහි. යම් හෙයකින් මම නැගනියෙනි, ආර්ය ජාතියෙහි, මෙහි ආර්ය සීලයෙහි එහෙයින් ජායමානවසෙන මෙහි වෙන්වූ ස්වභාවයෙහි. මනාව ඉපදීම් වශයෙන් සඤ්ජාති උපසර්ගය පදාර්ථය වඩන ලදි. බැසගැනීම් වශයෙන් ඔක්කන්ති. සංජායන අර්ථයෙන් සඤ්ජාති. එය සම්පූර්ණ ආයතන වශයෙන් කියන ලදි. ඔක්කමන අර්ථයෙන් ඔක්කන්ති, එටය අණ්ඩජ ජලාබුජ වශයෙන් කියන ලදි. ඔව්හු බිත්තරයෙන්ද වැදෑමසින්ද බැස ගනිති. බැසගන්නවුන්ද පිවිසෙන්නාක් මෙන් ප්‍රතිසන්ධිය ගනු ලැබේ. අභිනිබ්බත්තන අර්ථයෙන් අභිනිබ්බත්ති, එය සංසේදජ ඕපපාතික වශයෙන් යුක්ත වේ.