උපාදානක්ඛන්ධනිද්දෙසො
උපාදාන ස්කන්ධ විස්තරයෙහි සංඛිත්තෙන දේශනාව සඳහා කියන ලදි. දුක් නම් දුක් සියයක් පමණ යයි හෝ දහසක් පමණ යයි හෝ ලක්ෂයක් පමණ යයි හෝ ගණන් කිරීමට නොහැක. දේශනා කිරීමට හැකිය. එසේ හෙයින් දුක් නම් අන් කිසිවක් නොව කෙටියෙන් පංච උපාදානස්කන්ධ දුක් යිය දේශනය හකුළුවමින් මෙසේ කීහ. සෙය්යථීදං නිපාතයකි. ඒවා කවරේදැයි යන අර්ථයයි. රූප උපාදාන යන ස්කන්ධයන්ගේ අර්ථ ස්කන්ධ විභංගයෙහි වර්ණනා කරන ලද්දේය.
ස්කන්ධයන්ගේ දුක්ඛාර්ථය දැනගත යුතුය. මෙය වනාහි:-
ඉපදීම මුල්කොට - දුක් යයි කියන ලද මෙහි
නොකියන ලද සියල් - ඇති නොවේ මෙය නොමැතිව
නොකියන ලද සියල් - ඇති නොවේ මෙය නොමැතිව
එනිසාම කෙටියෙන් - උපාදාන කඳු මෙහී
දුක් යයි වදහළේ - මහරිසි වෙයි දුක් නැසූ
දුක් යයි වදහළේ - මහරිසි වෙයි දුක් නැසූ
යම්සේ ගින්න ඉන්ධන මෙන් පහරට ඉලක්කය මෙන් ඩංස මකසයන්ට ගවරූපය මෙන් කපන්නන්ට (ගොයම්) කෙතක් මෙන් ජාති ආදියට උපාදාන ස්ක්නධ පංචකය මෙන් නොයෙක් ආකාරයේ බාධා කරනු ලබන තෘණ ලතාදියට බිමක් මෙන් ගස්වල මල් ගෙඩි කොළ ආදිය මෙන් උපාදානය ස්කන්ධවලම උපදී. උපාදාන ස්කන්ධවල මුල්ම දුක ඉපදීමය. මැද දුක ජරාවය. අවසාන දුක මරණයයි. මාරාන්තික දුක්වලින් පහර දෙනලද දවනු ලබන දුක සෝකයයි. එය නොඉවසන්නේ වැලපෙන දුක පරිදේවයයි. එයින් ධාතු කැළඹීම් වශයෙන් ඇතිවූ ශරීරයේ ආබාධ ඇතිකරන්නේ දුක්ඛ දුක වේ. එයින් බාධා පමුණුවන පෘථග්ජනයින් එහි තරහ ඉපදවීම් වශයෙන් ඇතිවන සිත පෙළන දුක දෝමනස්සයයි. සෝකාදිය වර්ධනය වීමෙන් ඇතිවන කලකිරීම ඇතිකරන දුක උඵායාසයයි. බලාපොරොත්තු ඉටු නොවී ඉච්ඡා භංගයට පත් දුක කැමති දේ නොලැබීමයි. මෙසේ නොයෙක් ආකාරයෙන් පරීක්ෂා කරනු ලබන උපාදාන ස්කන්ධයම දුක් යයි එක එක දක්වා කියන ලද නොයෙක් කල්පවලිනුත් සම්පූර්ණයෙන් කියා නිමකළ හැකි නොවේ. ඒ සියළු දුක් එක ජල බින්දුවක සියළු මුහුදෙහි ජල රසය මෙන් මේ පංචස්කන්ධයෙහි හකුළුවා දැක්වීමට සංඛිත්තෙන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා යයි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
දුක්ඛ සච්ච නිද්දේසයයි
සමුදයසච්චනිද්දෙසවණ්ණනා
සමුදය සත්යය නිද්දේසයෙහි යායං තණ්හා යනු යම් මේ තෘෂ්ණාවක්. පොනොභවිකා යනු නැවත භවය ඇතිකරන, පුනර්භවය මෙහි ස්වභාවය වේ යයි යන අර්ථයෙන් පොනොභවික වේ. තවද පුනර්භවය දෙයි. පුනර්භවය පිණිස පවතියි. නැවත නැවත භවයෙහි උපදවයි යනුවෙන්ද පොනොභවික වේ. එය වනාහි පුනර්භවයට දායකද අදායකද වේ. මෙය පුනර්භවය පිණිස පැවතීමද නොපැවතීමද වේ. දෙනලද ප්රතිසන්ධියෙන් ස්කන්ධ විපාක නියමයද එය පුනර්භවය දේද නොදේද පුනර්භවය පිණිස පවතීද නොපවතීද දෙනලද ප්රතිසන්ධියෙහි විපාක ප්රමාණයද පොනොභවික නම ලබයි. සතුටුවීම් සංඛ්යාත නන්දි රාගයෙන් යුක්ත නිසා නන්දිරාග සහගතා වේ. නන්දිරාගය සමග යන අර්ථයෙන් ඒකාන්තයෙන්ම ගියා යයි කියන ලදි. තත්ර තත්රාභිනන්දිනී යනු ආත්මභාව තිබෙන තැන්වල ඇලෙන, සතුටුවන, රූපාදියෙහි හෝ අරමුණුවල ඇලෙන, සතුටුවන. රූපයෙහි සතුටුව ඇලෙන, ශබ්ද ගන්ධ රස ඵොට්ඨබ්බ ධම්ම යන මේවායේ සතුටුව ඇලීම යන අර්ථ වේ. සෙය්යථීදං? නිපාතයකි. එහි කවරේද? යන තේරුම වේ. කාම තණ්හා කාමයෙහි තෘෂ්ණාවය. පංචකාම ගුණයෙන් යුත් රාගයට පර්යාය වචනයකි. භවයෙහි තෘෂ්ණාව භව තෘෂ්ණා වේ. භවය ප්රාර්ථනා කිරීම් වශයෙන් උපන් ශාස්වත දෘෂ්ටි සහගත රූපාරූප රාගයෙහිද ධ්යාන ආශාවටද මෙය සමාන වචනයකි. විභවයෙහි තෘෂ්ණාව විභව තණ්හා වේ. උච්ඡේද දෘෂ්ටි සහගත රාගයට සමාන වචනයකි.
තෘෂ්ණා වස්තු විස්තර වශයෙන් දැක්වීමට සා ඛො පනෙසා යනාදිය කීහ. එහි උප්පජ්ජති උපදී. නිවිසති නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටුවීමය. යං ලොකෙ පියරූපං සාතරූපං ලෝකයෙහි ප්රියවූද, මිහිරි වූද යමක්. චක්ඛුං ලොකෙ ලෝකයෙහි චක්ඛු ආදිය කෙරෙහි මමත්වයට සත්ත්වාය සම්පත්තියෙහි පිහිටා තමාගේ ඇස කැඩපත් ආදියෙහි නිමිති අනුසාරයෙන් ගෙන ප්රසන්න වූ පංච ප්රසාදය රන්විමනක අරින ලද මැණික් සීමැදුරු කවුළුවක් මෙන් හඟියි. කන රිදී කුප්පියක් මෙන් හවඩි නූලක් මෙන්ද සිතයි. උස නාසය යයි ව්යවහාර වන ඝාණය ගුලිකොට තැබූ රන්සිරියල් ගුලියකැයි හඟියි. දිව රත් කම්බිලි පටලයක් මෙන් මෘදු සිනිඳු මිහිරි රස දේ යයි හඟියි. කය සල්ගසක් මෙන් රන් තොරණක් මෙන්ද හඟියි. මනස අන්යයන්ගේ මනසට අසමාන සේ උදාර සේ සිතයි. රූපය රන් කිණිහිරි මල් වර්ණ මෙන්, ශබ්දය මත් කුරවි කොවුලන් මද නදැති මිණි වෙණින් නිකුත් නදක් මෙන්, තමා ලද චතු සමුට්ඨානික සුවඳ අරමුණු ආදිය ගැන මේවායේ තිබෙන්නේ කාටදැයි සිතයි. මෙසේ සිතන්නාට ඒ චක්ඛු ආදිය ප්රිය රූපද මිහිරි රූපද වේ. ඉක්බිති ඔවුන්ට එහි නූපන් තෘෂ්ණාව උපදී. උපන් තෘෂ්ණාව නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටුවයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ චක්ඛුං ලොකෙ පිය රූපං සාතං රූපං, එත්ථෙ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති ආදිය වදාළහ. එහි උප්පජ්ජමානා යනු යම්කලක උපදී නම් එකල මෙහි උපදී යන අර්ථයි. සියළු තැන මෙම නයයි.