අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධර්ම භාජනියෙහි ස්වරූපයෙන්ම සියළු ධාතු දක්වන්නාහු අටළොස් ධාතුවල චක්ඛුධාතු රූපධාතු යනාදිය කීහ. එහි උද්දේස වාරයෙහි එතෙක්:-
අරුත් ලකුණු විසින් - පිළිවෙල ගණන ලෙසිනා
දැකිය යුතු පසයෙහි - විනිස දතයුතු වේමැයි
දැකිය යුතු පසයෙහි - විනිස දතයුතු වේමැයි
එහි අර්ථ වශයෙන් බලන්නේ චක්ඛු වේ. වෙනස් වන්නේ රූප වේ. ඇසේ දැනීම චක්ඛු විඤ්ඤාණය වේ. මේ ආදි නයින් චක්ඛු ආදියේ වෙසෙස් අරුත් විනිස දැනගත යුතුය. අවිශේෂයෙන් වනාහි නියම කරයි. දරනු ලැබේ. විධානය මෙයින් කරනු ලැබේ. හෝ මෙහි දරයි යනු ධාතු වේ. ලෞකික වශයෙන් හේතුබවින් නියමකොට රන්රිදීධාතු මෙන් රන් රිදී ආදිය සසර දුක් නියම කරයි. භාරහාරවල භාරයක් මෙන් සත්ත්වයන් විසින් නියම කරනු ලැබේ. දරනු ලැබේ යන අර්ථ වේ. වසඟව නොපවත්නා හෙයින් මේවා දුක් නියම කිරීමක් පමණය. මෙය සසර දුක පිළියෙල කරනු ලැබේය එම දුක් දරනු ලැබේය තබනු ලැබේය යන අර්ථයි. මෙය චක්ෂු ආදී එක් එක් ධර්මයෙහි හටගත් අයුරු පෙන්වයි. දරනු ලැබේ ආදි අර්ථ වශයෙන් ධාතු යයි කියනු ලැබේ.
තවද තීර්ථකයන්ගේ ආත්මය නම් කිසිවක් නැත. එය එසේ නොවේ. ඒවා වනාහි තමාගේ ස්වභාවය දරන නිසා ධාතුයයි කියනු ලැබේ. ලෝකයෙහි රන්සිරියල් රත්සිරියල් ආදිය ගල් අවයව නිසා ධාතු යයි කියනු ලැබේ. එසේ ඒවාද ධාතු මෙන් ධාතුය. නුවණින් දතයුතු අවයව නිසා ඒවා විචිත්රය. ශරීරය නම්වූ සමූහයේ රසලේ ආදියෙහි ඔවුනොවුන් විසභාග ලක්ෂණවලින් වෙන්කිරීම ධාතුයයි දතයුතුය. එසේම මේ පංචස්කන්ධ නම්වූ ආත්මභාවයේ අවයවවල ධාතු සංඥාව දතයුතුය. අන්යොන්ය විෂභාග ලක්ෂණවලින් චක්ෂු ආදිය වෙන්කර ඇතත් ධාතු යනු ජීවියෙක් නොවේ යන්නට පර්යාය වචනයකි. එසේම භාග්යවතුන් වහන්සේ “ඡ ධාතුකො අයං භික්ඛු පුරිසො” යනාදියෙහි ජීව සංඥාව ඉවත් කිරීමට ධාතු යන දේශනාව කළ සේක. එසේ හෙයින් කියන ලද අර්ථයෙන් ඇසද ඒ ධාතුවදැයි චක්ඛුධාතු.........මනෝවිඤ්ඤාණයද ඒ ධාතුවදැයි මනෝවිඤ්ඤාණධාතු යයි මෙහි අර්ථ වශයෙන් විනිස දතයුතුය.
ලක්ෂණාදි වශයෙන් චක්ෂු ආදීන්ගේ ලක්ෂණ වශයෙන්ද මෙහි විනිස දතයුතු ඒවායේ ලක්ෂණාදිය යට කියනලද පරිදි දතයුතුය.
කම යන මෙහි පෙර කියනලද උත්පත්ති ක්රම සහ දේශනා ක්රමද යෙදේ. භෙද වනාහි හේතුඵල අනුපූර්ව විභාග කිරීම් වශයෙන් කියන ලදි. චක්ඛුධාතු රූපධාතු යන මේ දෙක හේතුවය. චක්ඛු විඤ්ඤාණධාතු යනු ඵලයයි. මෙසේ පියවි තන්හි ක්රම වශයෙන් දතයුතුය.
තාවත්වතො යනු ඒතාක් ස්වභාව වහයෙන් ඒ ඒ සූත්ර අභිධර්ම පදවල මෙය කියන ලද්දේ වේ. ආලෝක ධාතු සුභධාතු ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන, සඤ්ඤාවෙදයිත නිරොධ, කාම, ව්යාපාද, විහිංස, නෙක්ඛම්ම, අව්යාපාද, අවිහිංසා, සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපෙක්ඛා, අවිජ්ජා, ආරම්භ, නික්ඛම, පරක්කම, හීන, මජ්ඣිම, පණීත, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ, අසංඛත, අනේක, නානාධාතු ලෝකය යයි මේ ආදි තවත් ධාතු පෙනේ.
මෙසේ ඇතිකල්හි සියල්ල වශයෙන් සීමා නොකොට කුමක් හෙයින් අටළොස් යයි මෙයම සීමා කෙළේද? ස්වභාව වශයෙන් විද්යමාන සියළු ධාතු එහි අන්තර්ගත බැවින් එසේ සීමා කරන ලදි. ආභා සුභ ධාතු රූපධාතු හා සම්බන්ධය කුමක්ද? සුභ නිමිත්තෙහි සුභධාතු ඇත. එය රූපාදියෙන් වෙන්ව නොපවතී. කුසල විපාක අරමුණු හෝ රූපාදියම වේ. ආකාසානඤ්චායතනාදියෙහි සිත මනෝවිඤ්ඤාණධාතු වේ. සෙසු ධාතු ධම්මධාතු වේ. සඤ්ඤාවෙදයිතනිරොධධාතු ස්වභාවයෙන් නැත. එය වනාහි ධාතු දෙකක නිරෝධය පමණය. කාමධාතු ධම්මධාතු මාත්රයක් පමණක් හෝ වේ. එහි කාමධාතු කවරේද කාමයෙන් යුත් තර්කය.........වැරදි සංකල්පයකි. අටළොස්ධාතු හෝ යම්සේ කීවේද “අවීචි නිරය අවසන්කොට උඩින් පරනිර්මිත වසවර්ති කෙළවර කොට මේ අතරෙහි මෙහි අවසන්කොට ස්කන්ධ, ධාතු, ආයතන, රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මෙය කාමධාතු යයි කියනු ලැබේ. නෙක්ඛම්මධාතු ධම්මධාතුමය. සියළු කුසලකර්ම නෙක්ඛම්මධාතු හෝ යන වචනයෙන් එහි මනෝවිඤ්ඤාණධාතුද ඇත. ව්යාපාද විහිංසා අව්යාපාද අවිහිංසා සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා, අවිජ්ජා, ආරම්භ, නික්ඛම, පරක්කම ධාතු ධම්ම ධාතුමය.