ප්රශ්න විචාරක වර්ණනාව
අටළොස් ධාතූන්ගේ ප්රශ්න විචාරයෙහි යට කියන ලද නය අනුසාරයෙන් කුසලාදි බව දතුයුතුය. ආරම්මණ ත්රිකයෙහි ධාතු සය සුළු අරමුණු යයි මෙය වනාහි චක්ඛු විඤ්ඤාණාදි ප්රභේද මනෝධාතුවේද රූපාදි අරමුණු පහේ පැවැත්ම සඳහා කියන ලදි. ධාතු දෙක යයි කියන ලද ධම්මධාතු මනෝවිඤ්ඤාණ ධාතූන්ගේ මනායතන ධම්මායතනවල කියන ලද නයින්ම සුළු අරමුණු බව දතයුතුයි. මේ ප්රශ්න විචාරයෙහිද සෝළසධාතු කාමාවචරය. චතුභූමික වූ ධාතු දෙකක් ලෞකික ලෝකෝත්තර මිශ්රව කියන ලදි. මෙසේ මේ ධාතුවිභංගයද තිපරිවෘත්තය ගෙනහැර බෙදා දේශනා කරන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ තුන්වන ධාතුවිභංග නිද්දේසයයි.
4. සච්ච විභංගය
සූත්රාන්ත භාජනීය වර්ණනාව
අනතුරුව සත්ය විභංගයෙහි චත්තාරි ගණන වෙන්කිරීමය. අරිය සච්චානි සීමා කරගත් දහම් කොටසය. දුක්ඛං අරිය සච්චං ආදියේ උද්දේස වාරයෙහි:-
ලකුණු ඈ බෙදුමෙන් - නිරුවචන පිරියෙසුමෙන්
අරුත් ඉදිරීමෙන් - අඩු වැඩි නැතිව එලෙසේ
අරුත් ඉදිරීමෙන් - අඩු වැඩි නැතිව එලෙසේ
සිව්සස් පිළිවෙළින් - නැණ එහි වන කිස ලෙසින්
බෙදුම් ඇතුළත් වන - උවමින් සතර වගුවෙන්
බෙදුම් ඇතුළත් වන - උවමින් සතර වගුවෙන්
එක්විදි හිස්බැවින් - ඈ සම විසම විලසින්
දතයුතු විනිස මෙහි - වියතුන් සසුන් නයෙහි
දතයුතු විනිස මෙහි - වියතුන් සසුන් නයෙහි
එහි විභාග වශයෙන් දුක්ඛාදියෙහි සතර සතර වූ අර්ථ බෙදන ලදි. දුක්ඛාදිය අවබෝධ කරගන්නන් විසින් තථ අවිතථ අනඤ්ඤථ වශයෙන් අවබෝධ කළයුතුය. මෙසේ කීහ:- දුකෙහි පෙළීම් සංස්කරණය කිරීම් තැවීම් වෙනස්වීම් සතර අර්ථය සත්ය වේ. අසත්ය නොවේ. අන් පරිද්දකින් නොවේ. සමුදයෙහි රැස්කිරීම්, නිධාන, සංයෝග, පළිබෝධ අර්ථ, නිරෝධයෙහි නිදහස, විවේකය, අසංස්කරණය, අමෘතය, අර්ථ මාර්ගයෙහි පැමිණවීම්, හේතු, දර්ශන අර්ථ තථ අවිතථ අනඤ්ඤථ වශයෙන් අවබෝධ කළයුතුය. මේ සතර මාර්ගයෙහි මාර්ගස්ථ වූ සත්ය වූ අසත්ය නොවූ අන් ලෙස නොවූ යයි එසේම දුකෙහි පෙළීම් ආදිය සමුදයෙහි රැස්කිරීම් ආදිය නිරෝධයෙහි නිදහස ආදිය මාර්ගයෙහි පැමිණවීම් ආදිය යයි මේ ආදිය මෙසේ බෙදනලද සතර සතර අරුත් විසින් දතයුතුය. මෙසේ විභාග වශයෙන් දතයුතුය.
නිර්වචන ලක්ෂණ ප්රභේද වශයෙන් මෙහි පළමුව:- දු යන මේ ශබ්දය නින්දිත යන්නෙහි, ‘ඛ’ ශබ්දය හිස්බවෙහි අහස මෙන් හිස්බව මෙහි පළමු සත්ය නින්දිත නොයෙක් උපද්රව සහිත හිස් මෝඩ මිනිසුන් හිතන ස්ථිර සැප ආත්ම රහිත බැවින්, නින්දිතබව හිස්බවද දුකයයි කියනු ලැබේ. ‘සං’ මේ ශබ්දය සමාගමෙහි, සමෙතං ආදියෙහි සංයෝගය දක්වයි. ‘උ’ ශබ්දය උදිතං ආදියෙහි ඉපදීම දක්වයි. ‘අය’ ශබ්දය හේතුව පෙන්වයි. මේ දෙවන සත්යය සෙසු ප්රත්ය සමායෝගය ඇතිවූ කල්හි දුක් ඉපදීමට හේතුවේ මෙසේ දුක් සංයෝගවීමට හේතුවන බැවින් දුක්ඛ සමුදය යයි කියනු ලැබේ.