(8:) අට්ඨකනිද්දෙසවණ්ණනා
අට්ඨක නිද්දේසයෙහි කෙලෙස්ම කිලෙසවත්‍ථුති වේ. කුසීත වත්‍ථුති යනු කුසීතයාගේ අලසයාගේ වස්තු පිහිටීම. කුසීතවීමට හේතු යන අර්ථයයි. කම්මං කත්තබ්බං හොති යනු චීවර පිළියෙල කිරීම් ආදි කර්මාන්ත කළයුතු වේ. න විරියං ආරභති දෙයාකාර වීර්යම ආරම්භ නොකරයි. අප්පත්තස්සා යනු විපස්සනා මග්ග ඵල ධර්මවලට නොපැමිණි පැමිණි පිණිස අනධිගතස්ස එම අනධිගමයේ අධිගමය පිණිස. අසච්ඡිකතස්ස එහිම සාක්‍ෂාත් නොකළ දේ සාක්‍ෂාත් කරනු පිණිස. ඉදං පඨමං දැන් බැහැ මම නිදාගනිමි යයි මෙසේ පසුබැසීම පළමු කුසීත වස්තුවයි. මෙයින් සියළු තන්හි අර්ථය දතයුතුය.
මාසාචිතං මඤ්ඤෙ යනු මෙහි මාසාචිත නම් තෙත මාසයයි. යම්සේ තෙත මාසය ගරුක වේද මෙසේ ගරුක වේ යන අදහසයි. ගිලානාවුට්ඨිතො හොති ගිලන්ව සිට පසුව නැගිටීම වේ.
අට්ඨසු ලෝකධම්මෙසු මෙහි ලෝකයේ ධර්ම ලෝකධම්මො මෙයින් මිදුනෙක් නම් නැත. බුදුවරුන්ටද වේ. එහෙයින් ලෝක ධර්ම යයි කියනු ලබත්. පටිඝාතො යනු නසන ආකාරයයි. ලාභෙ සාරාගො මම ලාබ ලබමියි මෙසේ ගෙහසිත සොම්නස් වශයෙන් උපන් රාගය. එය සිත නසයි. අලාභෙන පටි විරොධො මම ලාභ නොලබමියි දොම්නස් වශයෙන් උපන් විරෝධය. එයද සිත නසයි. එනිසා පටිඝාතො යයි කියන ලදි. යස ආදියෙහිද මම බොහෝ පිරිවර මම අඩු පිරිවර මම ප්‍රශංසාවට පැමිණ මම නින්දාවට පැමිණ මම සැපයට පැමිණ මම දුකට පැමිණ මෙසේ මේවායෙහි ඉපදීම දතයුතුය. අනරියවොහාරා අනාර්යන්ගේ ව්‍යවහාරයයි.
පුරිසදොසා යනු පුරුෂයින්ගේ දොස් න සරාමි මම මොහු කළ දේ සිහි නොකරමි. නොසලකමි. මෙසේ නොමැතිවීමෙන් නොවෙළයි. මුදවයි. වොදකං යෙව පටිප්ඵරති විරුද්ධව සිට පතුරුවයි. නැවත කතා කිරීමෙන් සිටියි. කින්නුඛො තුය්හං යනු ඔබ වගේ බාලයකුගේ අව්‍යක්තයකුගේ බිණීමෙන් කිම? ඔබ ඇවතට නොපැමිණි චෝදනාව නොදන්නේදැයි දක්වයි. ඔබ කිසිවක් නොදන්නේ කිවයුතුද සිතන්නේ යයි මඩියි. පච්චාරොපෙති ඔබද කවුදැයි ආදිය කියන්නේ නැවත ආරෝපණය කරයි. පටිකරොහි දේසනාගාමිනිය දෙසන්න. වුට්ඨාන ගාමිනියෙන් නැගී සිටින්න. එයින් ඔබ සැපසේ පිහිටියේ අනිකක් චෝදනා කරන්න යයි දක්වයි.
අඤ්ඤෙනඤ්ඤං පටිවිරති යනු අනිත් හේතුවකින් වචනයෙන් අනිත් හේතුවක් වචනයක් වසයි. ඇවතට පැමිණියෙහිදැයි කී කල්හි කවුද පැමිණියේ? කුමකටද පැමිණියේ? කෙසේද පැමිණියේ? කොහේදීද පැමිණියේ? කුමක්ද කියන්නෙ? යයි කියයි. මෙබඳු වූ යමක් ඔබ දකිනා ලද්දෙහිද කීමෙන් ඇසුනෙමි. කතා නොකරයි. බහිද්ධ කථං අපනාමෙති මෙබඳු නම් ඇවතට පැමිණියෙහිද විචාල කල පැලලුප් නුවර ගියෙමියි කියා නැවත ඔබේ පැලලුප් නුවර ගමන නොවිචාලෙමුයි කී කල්හි එයින් රජගහ ගියෙමියි රාජගහට හෝ යව, බ්‍රාහ්මණ ගෙයක හෝ ඇවතට පැමිණියෙහිද එහි මට ඌරුමස් ලැබුනේය ආදිය කියමින් කතාව බැහැරට විසුරුවයි. කොපං කිපි බව. දොසං දූෂිත බව මේ දෙකම ක්‍රෝධයට නම් වේ. අප්පච්චයං අසන්තෝෂ ආකාරය. මෙය දොම්නස වේ. පාතුකරොති දක්වයි. ප්‍රකාශ කරයි. බාහා වික්ඛෙපකං භණති අත් විසුකරමින් ලැජ්ජ නැති වචන කතා කරයි. විහෙසෙති වෙළයි. බාධා කරයි. අනාදියිත්‍වා ගෞරවයෙන් නොගෙන අවමන් කොට අනාදර කොට යන අර්ථයය.