17. ඛුද්දක වත්‍ථු විභංගය
එකකමාතිකාදිවණ්ණනා
ඉන් අනතුරුව දැන් ඛුද්දක වත්‍ථු විභංගයෙහි පළමුවන මාතෘකාව තබා තබන ලද පද පිළිවෙලින් නිර්දේශය කරන ලදි. මේ නික්‍ෂේප පරිච්ඡේදයේ මුලින්ම ජාතිමදො එක එක හැත්තෑතුනක් තබන ලදි. එයින් කොධො ච උපනාහො ච යන අකුසල මූලාදි අටළොස් දුකය, ආසව චතුක්කාදි පන්තිස් තිකයද ඔරංභාගිය සංයෝජනාදි තුදුස්දස චතුක්කය විවාද මූලාදි පසළොස් පංචකය අනුසයාදි තුදුස් දස සය කිලේස වත්‍ථු ආදි සප්ත සත ආඝාත වත්‍ථු ආදි අටෙහි අට කිලේස වත්‍ථු ආදි නවයෙහි නවකය අජ්ඣත්ති උපාදාය ආදි සතෙහි දසකය. අට්ඨාරස තණ්හා විචරිතානි ආදිය අටළොස් හය යයි සියල්ල කෙලෙස් එකසිය අටක් තබන ලද යයි දතයුතුය. මෙය නික්ඛෙප පරිච්ඡේදයයි.
(1:) එකකනිද්දෙසවණ්ණනා
දැන් තබන ලද මාතෘකා පිළිවෙලින් කත්‍ථ කතමො ජාතිමදො යනාදි නයින් අරඹන නිද්දේස වාරයෙහි ජාතිං පටිච්චා යනු ජාතිය නිසා මෙහි ද පටිච්ච නවය කියන ලදි. එහෙයින් ජාතික පවතින කල්හි යනු මෙහි අර්ථයයි. ගොත්තං පටිච්චා ආදියෙහි ද මෙම නයයි. රාගය වශයෙන් මදො වේ. මත්වීම් ආකාරය මජ්ජනා වේ. මත්වීම් භාවය මජ්ජිතත්තං වේ. මානො මඤ්ඤනා යනාදිය යට ධම්මං සංගහට්ඨ කථාවෙහි කියන ලද පරිදිය. අයං වුච්චති මේ ජාතියම ඇතිකල්හි ඒ ජාතිය නිසා උපන් මත්වීම් ආකාරයෙන් පවතින මානය ජාති මදයයි කියනු ලැබේ. මෙය ක්‍ෂත්‍රිය ආදි වර්ණ සතරෙහිම උපදී. ජාති සම්පන්න ක්‍ෂත්‍රියෙක් මා හා සමාන අනිකෙක් නැත. අවසේස අය අතරකදී නැගී සිටි ක්‍ෂත්‍රියයෝ වූහ. මා වනාහි වංසාගත ක්‍ෂත්‍රියයෙකියි මානය කරයි. බ්‍රහ්මණාදියෙහිද මෙම නයයි. ගොත්ත මද නිද්දේසාදියෙහිද මේ උපායෙන් අර්ථය දතයුතුය. ක්‍ෂත්‍රියයෝද මම කොණ්ඩඤ්ඤ ගෝත්‍රයෙහිද මම ආදිච්ච ගෝත්‍රයෙහිද මානය කරයි. කාශ්‍යප ගෝත්‍රය භාරද්වාජ ගෝත්‍රය යයි මැනීම කරයි. වෛශ්‍ය ශුද්‍රයෝද තම තමන්ගේ කුලගොත් නිසා මැනීම කරයි. අටළොස් ශ්‍රේණියද එක් එක් ශ්‍රේණියක් මානය කරයි.
ආරෝග්‍යමද ආදියෙහි මම අරෝග වෙමි. සෙස්සෝ රෝග බහුලය. කුඩා ක්‍ෂණයකද රෝගයක් මට නැතැයි මද වශයෙන් උපන් මානය ආරෝග්‍ය මදයයි.
මම තරුණය. අනිත් අයගේ ජීවිත ප්‍රපාතයක ඇති ගස් වගේය. මම පළමු වයසෙහි සිටිමි යයි මත්වීම් වශයෙන් උපන් මානය සොබ්බත මදො නම් වේ.
මම බොහෝකල් ජීවත්වූයේ බොහෝ කල් ජීවත්වෙමි. සුවසේ ජීවත් වූයේ සුවසේ ජීවත්වෙමි යයි මත්වීම් වශයෙන් මානය ජීවිතමදො නම් වේ.
මම ලාභියෙකි. අවසේස අය අඩු ලාභ ඇත්තේය. මට ලැබෙන ලාභවල ප්‍රමාණයක් නැතැයි මත්වීම් වශයෙන් උපදින මානය ලාභමදො නම් වේ.
අවසේස අය එහෙන් මෙහෙන් ලබති. මම වනාහි මනාව කළ ප්‍රණීත සිවුරු ආදි ප්‍රත්‍ය ලාභය යයි මත්වීම් වශයෙන් උපදිනා මානය සක්කාරමදො නම් වේ.
අවසේස භික්‍ෂූන්ගේ පා පිටද මැඩගෙන යන මිනිස්සු මේ ශ්‍රමණයෙකැයි නොවඳිති. මා දැකම වඳිති. ගල් කුඩයක් මෙන් ගරුකොට ගිනි කන්දක් මෙන් ඈත්ව සිටීමට සිතති යයි මත්වීම් වශයෙන් මැනීම ගරුකාරමදො නම් වේ.
ඇතිවන ප්‍රශ්න මගේ මුවින්ම විසඳමි. පිඬු පිණිස යන්නේද මාම පෙරටුකොට යති යයි මත්වීම් වශයෙන් උපදිනා මානය පුරෙක්ඛාර මදො නම් වේ.
ගිහියෙක් වූ මම මිනිසුන් සියයක් මිනිසුන් දහසක් පිරිවරන ලද්දේ වෙමි. අනගාරික වූ විටද ශ්‍රමණයින් සියක් දාහක් පිරිවරති. සෙස්සෝ අඩු පිරිවර ඇත්තෝය. මම මහ පිරිවර හොඳ පිරිවර ඇත්තේ වෙමි යයි මත්වීම් වශයෙන් උපන් මානය පරිවාර මදො නම් වේ.
අවසේස අය තමන්ගේ පරිභෝග පමණක්වත් නොලබති. මට නිදන්ගත ධනයේද ප්‍රමාණයක් නැතැයි මත්වීම් වශයෙන් උපන් මානය භොගමදො නම් වේ.
වණ්ණං පටිච්ච යනු ශරීර වර්ණයද ගුණ වර්ණයද නිසා. අවසේස අය දුර්වර්ණය. අවලස්සනය. මම අභිරූපය. පැහැපත්ය. අවසේස අයට ගුණ නැත. මගේ කීර්තිය දෙව්මිනිසුන් අතර ප්‍රකටය. ස්ථවිර බහුස්සුතය. සිල්වත්ය. ධාතු ගුණවලින් යුක්ත යයි මත්වීම් වශයෙන් උපන් මානය වණ්ණ මදො නමි.
අවසේස අය අල්පශ්‍රැතය. මම බහුස්සුත යයි මත්වීම් වශයෙන් උපන් මානය සුතමදො නම් වේ.