(9:) නවකනිද්දෙසවණ්ණනා
නවක නිද්දේසයෙහි නව ආඝාත වත්‍ථුති සත්ත්වයන් කෙරෙහි උත්පත්ති වශයෙන් කියන ලදි. පුරුෂයින්ගේ මල පුරිස මලානි වේ. නවවිධානි කොටස් නවය, ප්‍රභේද නවය.
තණ්හං පටිච්ච යනු තෘෂ්ණාව නිසා. පරියෙසනා යනු රූපාදී අරමුණු සෙවීම. එය තෘෂ්ණාව ඇතිකල්හි වේ. ලාභො යනු රූපාදි අරමුණු ලැබීමය. එය සෙවීම ඇතිකල්හි වේ. විනිශ්චය ඤාණ තණ්හා දිට්ඨි විතක්ක වශයෙන් සතරාකාරය. එහි “සුව විනිස දැනීම සුව විනිස දැන අධ්‍යාත්මයට සුව එලවා ගන්නේය”යි මෙය ඤාණ විනිසයි. විනිච්ඡයො තෘෂ්ණා දෘෂ්ටියයි. විනිශ්චය දෙකකි. මෙසේ ආවා වූ එකසිය අටක් තෘෂ්ණාවෙහි හැසිරීම තෘෂ්ණා විනිශ්චයයි. දෙසැට දිටු දිටු විනිසයි. ඡන්‍දො ඛො දෙවානමින්‍ද විතක්කනිදානො මේ සූත්‍රයෙහි මෙහි විනිශ්චය යයි කියන ලද විතක්කයම ආවේය. ලාබ ලැබ ඉටු අනිටු සුන්දර අසුන්දර ද යනු විතර්කයෙන්ම විනිසති. මෙපමණක් මගේ රූප අරමුණ පිණිස වන්නේය. මෙපමණක් ශබ්ද අරමුණ පිණිස වන්නේය. මෙපමණක් මට වන්නේය. මෙපමණක් අනුන්ට වන්නේය. මෙපමණක් පරිභෝග කරමි. මෙපමණක් නිදන් කරමි. ලාභං පටිච්ච විනිච්ඡයො යයි එහෙයින් කියන ලදි.
ඡන්‍දරාගො මෙසේ අකුසල විතර්කයෙන් විතර්කනය කළ වස්තුවෙහි දුබල රාගයද බලවත් රාගයද උපදී. මෙහි ඡන්‍දය යනු දුබල රාගයට වෙනත් වචනයකි. අජ්ඣොසානං යනු මම මගේ යයි බලවත් නිගමනයයි. පරිග්ගහො තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අයිතිකර ගැනීමයි. මච්ඡරියං අනුන් විසින් ලබාගන්නා සාධාරණ භාවය නොඉවසීමයි. එහෙයින්ම පුරාණයෝ මෙසේ වචනාර්ථයක් කියති. “මෙය ආශ්චර්ය වේ. මටම වේවා, අනිකකුට නොවේවා” යනුවෙන් පැවතීම මච්ඡරිය යයි කියනු ලැබේ. ආරක්ඛො යනු දොර වසන පෙට්ටි රැකීම් වශයෙන් මනාව රැකීමයි. පාලනය කෙරේනුයි අධිකරණං හේතුවට මේ අධිවචනයකි. ආරක්ඛාධිකරණං භාව නපුංසකය. ආරක්ෂා හේතු යන අර්ථයයි. දණ්ඩාදානාදියෙහි අනුන් වැළැක්වීම සඳහා දඬුවම් ගැනීම දණ්ඩාදාන වේ. එක් මුවහත ඇති ශාස්ත්‍රයක් ගැනීම සත්‍ථාදාන වේ. කලහො කාය වාචා දෙකකි. මුලින් විරෝධය විග්ගහො පසුවය. විග්ගහා වේ. පසුව විවාදො වේ. තුවං තුවං අගෞරව වචන ත්‍වං යන අර්ථයි.
ඉඤ්ජිතානි සෙලවීම්. අස්මීති ඉඤ්ජිතමෙතං ආදි සියළු පදවලින් මානය කියන ලදි. අහං පවතින මානයේ සෙලවීමකි. අයමහං පැවතේ. නෙවසඤ්ඤිනාසඤ්ඤි භවිස්සති පවත්නේද සෙසු නවයෙන්ම මානයම කියන ලදි. මානය සෙලවීමෙන් සෙලවෙන ලදි. හැඟීමෙන් නැඟෙන ලදි. සැලීමෙන් සැලෙන ලදි. ප්‍රමාදයෙන් ප්‍රමාදවන ලදි. ඒ ඒ කාරණයේ සංඛත බැවින් සංඛත යයි කියන ලදි. සෙසු සියල්ල ප්‍රකටය.
නවක නිද්දේසය
(10:) දසකනිද්දෙසවණ්ණනා
දසක නිද්දේසයෙහි කෙලෙස්ම කිලෙස වත්‍ථුනි වේ. මෙහි ආගාත වස්තු වනාහි අනත්‍ථං මෙ අචරී යනාදි වශයෙන් කෝප නොවිය යුත්තෙහි කනු කටු ආදි අස්ථානයෙහි උපන් ආඝාතය සමානයි කියන ලදි.
මිථ්‍යා ආත්මයෙහි මිච්ඡා ඤාණං යන පාප ක්‍රියාවල උපාය චින්තා වශයෙන් පව්කොට යහපත් දෙයක් කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන ආකාරයෙන් උපන් මෝහ යයි. මිච්ඡා විමුත්ති යනු අවිමුක්තවම සිටියේ විමුක්ති සංඥාව සෙසු සියල්ල ප්‍රකටය.
දසක නිද්දේසය
තණ්හාවිචරිතනිද්දෙසවණ්ණනා
තණ්හා විචරිත නිද්දේසයෙහි තණ්හා විචරිතානි යන තණ්හා හැසිරීම, තෘෂ්ණා පැවැත්වීම. අජ්ඣත්තිකස්ස උපාදායා යනු අධ්‍යාත්මික ස්කන්ධ පංචකය අල්වාගෙන. මෙහි තෘතීයා වේ ෂෂ්ටි වචනයකි. අස්මීති හොති මේ අධ්‍යාත්ම ස්කන්ධ පංචකය අල්ලාගෙන තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් සමූහ වශයෙන් ගනිමින් වෙමි යයි සිතයි. එසේ ඇති කල්හි යන අර්ථයයි. ඉත්‍ථස්මීති හොතී යනාදියෙහි මෙසේ සමූහ වශයෙන් මම යයි ගැනීම ඇතිකල්හි හේතුවකින් නැතුවද හේතුවකින් ඇතැයි දෙගුණ කොට ගනී. එහි හේතුවකින් නැතැයි අනිත් ආකාරයකට පැමිණ ස්වකීය භවයම අරමුණුකොට මෙසේ වෙමියි සිතයි. ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි මේ ආකාරය මම යයි මෙසේ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් වේ යයි යන අර්ථයයි. මෙය හේතුවකින් තොර ගැනීමය. හේතුවකින් ගැනීම වනාහි සමත අසමත වශයෙන් දෙයාකාරය. එය දැක්වීමට එවස්මීතිච අඤ්ඤාථාස්මීතිච කියන ලදි. එහි එවස්මීති මෙය සමාන වශයෙන් හේතුවකින් ගැනීමය. මේ ක්‍ෂත්‍රියෙකි. මේ බ්‍රාහ්මණයෙකි. මෙසේ මමද අර්ථ වේ. අඤ්ඤථාස්මීති මෙය අසමාන වශයෙන් ගැනීමයි මේ ක්‍ෂත්‍රියා මේ බ්‍රාහ්මණයා මම එයින් වෙනත්ය හීන හෝ අධි හෝ යයි අර්ථ වේ. මේ වර්තමාන වශයෙන් තණ්හා සතරේ හැසිරීමයි. භවිස්සන්ති ආදිය සතර වනාහි අනාගත වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද නයින් අර්ථය දතයුතුය. අස්මී ශාස්වත වශයෙන් වෙමි. සාතස්මී අසාස්වත වශයෙන් වෙමි. සතස්මී හෝ පාඨයකි. එහි ඇත යන විය. නිත්‍ය යන්නට අධි වචනයකි. ගිලෙයි යනු සතංවේ අනිත්‍යයට අධි වචනයෙකි. මෙසේ මේ දෙක සාස්වත උච්ඡේද වශයෙන් කියන ලදැයි දතයුතුය. මෙයින් පසුව සියං යනාදි සතර සංසය පරිවිතක්ක වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද අයුරින්ම අර්ථ වශයෙන් දැනගත යුතුය. අපාහං සියං යනාදි සතර මම වන්නෙමියි මෙසේ ප්‍රාර්ථනා කල්පනා වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද පරිද්දෙන් දැනගත යුතුය.