(5:) පඤ්චකනිද්දෙසවණ්ණනා
පඤ්චක නිද්දේසයෙහි යමෙකුට සක්කාය දිට්ඨි ආදිය අප්රහීන නම් ඔව්හු භවාංගයෙහි උපන්නත් මේවායින් ඇද කාමභවයෙහිම හෙලයි. එහෙයින් ඔරම්භාගියානි සංයෝජනානි යයි කියන ලදි. මේ පස යන්නා නොවළක්වයි. ගිය තැනැත්තා කැඳවයි. රූපරාගාදි පසද යන්නා නොවළක්වයි. පැමිණීමට නොදෙයි. රාගාදි පහ ලගින අර්ථයෙන් සංගා නම් වේ. අනු ප්රවේශවීම් අර්ථයෙන් සල්ලා යයි කියනු ලැබේ.
චෙතොඛිලා යනු සිතේ තදබව, කසලබව, කණුබව. සත්ථරි කංඛෙති ශාස්තෲ ශරීරයෙහි හෝ ගුණයෙහි හෝ සැක කරයි. ශරීරයේ සැක කරන්නේ උතුම් වූ දෙතිස් ලක්ෂණවලින් යුත් ශරීරයක් නම් ඇතිවිය හැකිද? නැතැයි සැක කරති. ගුණයෙහි සැක කරන්නේ කාලත්රය දැනීමෙහි සමත් සර්වඥතා ඤාණයක් ඇත්ද නැත්දැයි සැක කරයි. විචිකිච්ඡති සොයන්නේ දුකට පත්වෙයි විනිශ්චය කිරීමට නොහැකි වේ.
ධමමෙ යනු පරියත්ති ධර්මයෙහිද ප්රතිවේධ ධර්මයෙහිද සැක කරයි. පරියත්ති ධර්මයෙහි සැක කරන්නේ ත්රිපිටක බුද්ධ වචනය සුවාසු දහසක් ධර්ම ස්කන්ධය ඇතිද නැතිදැයි සැක කරයි. ප්රතිවේධ ධර්මයෙහි සැක කරන්නේ විපස්සනාවෙන් මාර්ගය මාර්ගයෙන් ඵලය සියළු සංඛාර අත්හැරීම නිර්වාණය නම් ඇත්ද නැත්දැයි සැක කරයි.
සංඝෙ කංඛති උජුපටිපන්න තාදි පද වශයෙන් මෙබඳු වූ ප්රතිපදාවකට පිළිපන් සතරමග සතරඵලයට යන අට පුද්ගලයන්ගේ සමූහයක් වූ සංඝයා ඇත්ද නැත්දැයි සැක කරයි. භික්ෂාවෙහි සැක කරන්නේ අධිසීල භික්ඛා අධිචිත්ත භික්ඛා අධිපඤ්ඤා සික්ඛා යයි කියති. එය ඇත්ද නැද්දැයි සැක කරයි.
චෙතසො විනිබන්ධා සිත බැඳ මිටියක් කොට මෙන් ගන්නේය යනු චෙතසො විනිබන්ධ වේ. කාමෙ යනු වස්තුකාම ක්ලේශකාම දෙකේ කායෙ තම ශරීරයෙහි. රූපෙ බාහිර රූපයෙහි. යාවදත්ථ යම් පමණ කැමති වේද එපමණ. උදරාව දෙහකං යනු උදරය පුරව. එහි උදරය අවදේහක වශයෙන් උදරාවදේහක යයි කියනු ලැබේ. සෙය්යසුඛෙ ඇඳ පුටු සුවය සෘතු සුවය හෝ. ඵස්ස සුඛං පෙරලී නිදන්නාට දකුණු පැත්තේ වම්පැත්තේ ඇති සුවය වේ. මෙසේ උපන් සුවය. මිද්ධ සුඛං යනු නිදිසුවය අනුයුත්තො යුත්ත ප්රයුක්තව වාසය කරයි. පණිධාය ප්රාර්ථනා කොට සීලෙනා ආදියෙහි සීලං යනු චතුපාරිසුද්ධි සීලයයි. වතං යනු වත් සමාදන්වීම තපො යනු තපස් හැසිරීමය. බ්රහ්මචරියං මෛථූනයෙන් වෙන්වීම. දෙවො වා භවිස්සාමි මහේශාක්ය දෙවියෙක් හෝ වන්නෙමි. දෙවඤ්ඤතරොවා අල්පේශාක්ය දෙවියෙකු හෝ වන්නෙමි. කුසල ධර්මයන් ආවරණය කරයි. වළක්වයි. නීවරණානි වේ.