(3:) තිකනිද්දෙසවණ්ණනා
තික නිද්දේසයෙහි අකුසල් මුල් තුනෙන් සංසාරයෙහි හැසිරේ යයි කියන ලදි. අකුසල විතක්කාදියෙහි විතර්ක වශයෙන් විතක්කො හැඳිනීම් වශයෙන් සඤ්ඤා ස්වභාව අර්ථයෙන් ධාතු යයි දතයුතුය. දුච්චරිත නිර්දේශයෙහි ප්රථම නය කම්මපථ වශයෙන් බෙදන ලදි. දෙවැන්න සර්ව සංග්රාහික කර්ම වශයෙන්ද තුන්වැන්න, නිපදවන චේතනා වශයෙන්ම බෙදන ලදි.
[missing trans]
ආසව නිර්දේශයෙහි සංක්ෂේපයෙන් තත්ථ කතමා කාමෙසනා යනාදි නයින් කියන ලද කාම සොයා යන රාගයයි. කාමෙසනා යො භාවෙසු භවච්ඡන්දො ආදි නයින් කියන ලදි. භව ගවේෂණ රාගය භවෙසනා වේ. සස්සතො ලොකො ආදි නයින් කියන ලද දෘෂ්ටිගතික සම්මතයයි. බ්රහ්ම චරිය ගවේෂණ දෘෂ්ටිය බ්රහ්මචරියෙසනා යයි දතයුතුය. රාග දෘෂ්ටිය පමණක් සෙවීම නොව කර්මයද එසනාවකි. (සෙවීමකි.) එනිසා එය දැක්වීමට බෙදන නය බෙදන ලදි. එහි තදෙකට්ඨං යනු සම්ප්රයුක්ත අර්ථය යයි දතයුතුය. එහි කාමරාග ඒකාර්ථය කාමාවචර සත්ත්වයෝම පවත්වති. භවරාග ඒකාර්ථය මහා බ්රහ්මයින්ගේ සමාපත්තියෙන් නැගිට සක්මන් කරමින් ධ්යානාංග ආශ්වාදනය කරන වේලවෙහි අකුසල කාය කර්මයක් වේ. අහෝ සැපයි අහෝ සැපයි කියා ආශ්වාදනය කරන කාලයෙහි වචී කර්මයද කාය අංග වචී අංග නොසොලවා මනසින්ම ආශ්වාදනය කරන වේලාවේ මනෝ කර්මයද වේ. අන්තර්ග්රහණ දෘෂ්ටි වශයෙන් සියළු දෘෂ්ටි ගතිකයන්ට සක්මන් කිරීම් වශයෙන් ඒවා සිදුවේ.
විධා නිර්දේශයෙහි සීලවන්තයන් කියන්නේ කුමන විධියකින්ද? ප්රඥාවන්තයන් කියන්නේ කුමන විධියකින්ද? යනාදියෙහි ආකාර සටහන් විධි නම් වේ. ‘එකවිධෙන ඤාණවත්ථු’ යනාදියෙහි කොටස් විධි වශයෙනි. එය වනාහි සෙය්යාදි වශයෙන් දැක්වීම නිසා විධා යයි කියනු ලැබේ. තබන අර්ථයෙන් හෝ විධා වේ. එහෙයින් සුදුසු මමයයි උපන් මානවිධ මාන ඨපනය සෙය්යොහමස්මීති විධා යයි දතයුතුය. සෙසු පද දෙකේද මේ ක්රමයමයි.
භය නිද්දේසයෙහි ජාති පටිච්ච භයං ජාතිය නිසා උපන් බිය. භයානකං යනු ආකාර විස්තරයයි. ඡම්භිතත්තං යනු බිය වශයෙන් ගත සැලීමයි. ලොමහංසො යනු ලෝමවල හංසනයයි. ලොම් අග උඩට සිටීමයි. මේ පද දෙකින් කෘත්ය වශයෙන් බිය දක්වා චෙතසො උත්රාසො ස්වභාව වශයෙන් දක්වන ලදි.
තප නිද්දේසයෙහි විචිකිච්ඡා හිසින් අවිජ්ජාව කියන ලදි. “ඒ අඳුර මුළාවයි. අවිජ්ජා ගඟ මහා බියයි” යන වචනවලින් අවිජ්ජාව තමො නම් වේ. අද්ධ තුනක් වශයෙන් දේශනා පහසුව සඳහා විචිකිච්ඡා හිසින් දේශනා කරන ලදි. එහි කුමක් නිසා මම අතීතයෙහි ක්ෂත්රියෙක් වීම්ද? නැතහොත් බ්රාහ්මණයෙක්, වෛශ්යයෙක් ශුද්රයෙක් කල්ලෙක් සුද්දෙක් මිට්ටෙක් උසයෙක් වීම්ද? සැක කරන්නේ අතීත කාලය අරබයා සැක කරයි. අතීතං අද්ධානං ආරබ්භ කංඛති කුමක් හෙයින් මම අනාගතයෙහි ක්ෂත්රියෙක් වන්නෙමිද නැතහොත් බ්රාහ්මණයෙක්........උස අයෙක් සැක කරන්නේ අනාගතං අද්ධානං ආරබ්භ කංඛති. කුමක් හෙයින් මම දැන් ක්ෂත්රියෙක් නැතහොත් බ්රාහ්මණයෙක් වෛශ්යයෙක් ශුද්රයෙක් වීම්ද? මම කුමක්ද? රූපයද? නැතහොත් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණද? සැක කරන්නේ පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කංඛති.
එහි කිසිවෙක් ක්ෂත්රිය හෝ තමාගේ ක්ෂත්රියභාවය බ්රාහ්මණ හෝ බ්රාහ්මණභාවය වෛශ්ය හෝ වෛශ්යභාවය ශුද්ර හෝ ශුද්ර භාවය නොදන්නෙක් නම් නැත. ජීවය ලත් සත්ත්වයෙක් ක්ෂත්රිය ජීවාදීන්ගේ වර්ණාදි භේදය අසා අපගේ අභ්යන්තර ජීවය කෙබඳු වේද? කිම නිල්වේද? නැතහොත් කහ? රතු? සුදු? සතරාකාර? සයාකාර? අටආකාර? යයි සැක කරන්නේ මේ සැක නම් වේ.
තිත්ථායතනානි යනු තීර්ථකයින්ගේ ආයතනය. එහි තිත්ථ නමි දෙසැටක් දෘෂ්ටිය. තිත්ථිය නම් ඒ දෘෂ්ටි කැමතිවන ඒවා ඉවසන අයයි. සියළුම දෘෂ්ටිගතිකයෝ මේ ස්ථාන තුනේම උපදිති. මෙහි හැසිරෙති. රැස්වෙති. දෘෂ්ටි ගතිකයන්ගේ දෘෂ්ටිභාවයෙන් මේ කරුණුය. එහෙයින් තීර්ථකයෝ එහිම හටගත්තේය ආදි අර්ථයෙන් ආයතනයන්ද තිත්ථායතන වේ. පුරිසපුග්ගලො යනු සත්ත්වයෙකි. කාමයද පුරුෂයෙකැයි පුද්ගලයෙකැයි කී කල සත්ත්වයෙක්ම කියන ලද්දේ වේ. මේවා සම්මත කතා වේ. යමෙක් දන්නා ලෙස කියන ලද ඒවාය. පටිසංවෙදෙති. යනු තමාගේ සන්තානයෙහි උපන් දේ දැනීමේ සංවේදීතාවය, කිරීම, ආනුභාවය හෝ පුබ්බෙ කත හේතු පෙර කරන ලද කරුණු. පෙර කරන ලද කර්ම ප්රත්යයෙන්ම දැනගනී යන අර්ථයයි. මේ නිගණ්ඨ සමයයි. මෙසේ මේ වාදීහු කර්ම වේදනාවද කිරිය වේදනාවද ප්රතික්ෂේප කොට විපාක වේදනාව පමණක් පිළිගනිති. පිත්ත සමුට්ඨාන තාදි අට ආබාධයෙහි හතක් ප්රතික්ෂේප කොට අටවැන්න භාරගනිති. දිට්ඨධම්ම වේදනාදි කර්ම තුනෙහි දෙකක් ප්රතික්ෂේප කොට එකම අපරාපරිය වේදනාව පමණක් පිළිගනිති. කුසල අකුසල විපාක කිරිය ආදියෙහිද චේතනා සතරින් විපාක චේතනාව පමණක් පිළිගනී.