(2:) දුකනිද්දෙසවණ්ණනා
දෙවන කොටසෙහි ක්‍රෝධ නිද්දේසාදිය යට කියන ලද ආකාරයෙන් දතයුතුය. පසුගිය අනාගත උපනාහ විස්තරයෙහි ක්‍රෝධයේ මුල් අවස්ථාව උපනය්හතී වේ. පසු අවස්ථාව උපනාහ නමි. උපනය්හනාකාර පමුණුවන ආකාරය උපනය්හනා වේ. පැමිණවූ ආකාරයේ භාවය උපනය්හිතත්තං වේ. අට්ඨපනා යනු පළමු උපන් දේ අනතුරුව තැබීම. සීමා වේ. අවසානය දක්වා තැබීම. ඨපනා ප්‍රකෘති තැබීම. සණ්ඨපනා හැම අංශයකින්ම ආඝාතය තැබීම. අනුසංසන්‍දනා පළමුව උපන් ක්‍රෝධය සමග අතරක් නොදක්වා තබාගැනීම අනුප්පඛන්‍ධතා පෙර හා පසු සම්බන්ධ කිරීම. දළ්හී කම්මං ස්ථිර කිරීම. අයං වුච්චති මේ වෙළන ලද ලක්‍ෂණය වූ වෛරය අත්නොහරින කෘත්‍ය ඇත්තේ උපනාහයයි කියනු ලැබේ. එයින් යුක්ත පුද්ගලයාට වෛරය අත්හැරීමට නොහැකි වේ. මෙබඳු වූ මට මෙසේ කියන්ට නොසුදුසු යයි නැවත නැවත ලුහුබඳියි. ඇවිලගත් ගිනි පෙනෙල්ලක් මෙන් දැල්වේමය. සෝදනු ලබන වලස් සමක් මෙන් වුරුණු තෙලෙහි බහන ලද රෙදිකැබැල්ලක් මෙන්ද පිරිසිදු නොවේ.
මැකීම් වශයෙන් මක්ඛො අනුන් ගුණ මැකීමෙන් පවත්වන්නා වූද තමාගේ ඇඟේ අසූචියෙන් පහරදෙන්නා සේ අසූචිය මෙන් පළමුවම ගෑවේය යන අර්ථයයි. ඉන්පසු ආකාරයන් දෙකකින් යුත් විස්තරය කර්කශභාවය නිට්ඨුරියං වේ. ඔහු නිසා මෙපමණවත් නැතැයි කෙල ගසයි යනු අර්ථයයි. නිට්ඨුරිය කම්මං කර්කශ වීම ගිහියෙක් ගිහියෙකු භික්‍ෂු නමක් භික්‍ෂු නමක් නිසා වසන්නේ අප්‍රමාණව කිපී ඔහු නිසා මෙපමණවත් නැතැයි කියා කෙලගසා පයින් මඩින්නාක් (පාගන්නාක්) මෙන් කර්කශ භාවයෙන් යුක්ත වේ. ඔහුගේ ඒ කර්මය නිට්ඨුරිය කර්මයයි කියනු ලැබේ. මෙහි ලක්‍ෂණ වශයෙන් අනුන්ගේ ගුණ මැකීමය. ඒවා විනාශ කිරීම කෘත්‍යයයි. අනුන් විසින් කරන ලද යහපත් ක්‍රියා වැසීම වැටහෙන ආකාරයයි අනුන්ගේ දොස් කියනුයි
විලාසා අනුන්ගේ ගුණය දක්වා තමාගේ ගුණවලින් සමාන කෙරේ යන අර්ථයයි. පලාසයගේ ආයනම (පැමිණවීම) පලාසායනා වේ. පලාසය ද තමාගේ ජය ගෙන ඒමෙන් ආහාරය පලාසාහාරො වේ. විවදට්ඨානං විවාද කරුණ. යුගග්ගාහො යනු සමසේ කරගැසීම අප්පටිනිස්සග්ගො යනු තමා ගන්නා ලද දේ අත් නොහැරීමය. ලක්‍ෂණ වශයෙන් තරඟ කිරීමය. රස වශයෙන් අනුන්ගේ ගුණයෙන් තමාගේ ගුණ සමකිරීමය. අන්‍යයන්ගේ ගුණ ප්‍රමාණයෙන් වැටහෙන ආකාරය සහ පදස්ථානය වේ. පලාසී පුද්ගලයා දෙවැන්නාට අවස්ථාවක් නොදෙයි. සමානව දිගහැර සිටියි. සාකච්ඡා මණ්ඩලයෙහි අනිත් භික්‍ෂුවක් බොහෝ සූත්‍රවලින් කරුණු ඉදිරිපත් කළත් ඔබේ සහ මගේ වාදයෙහි මොකක්ද ඇති වෙනස? මැදින් බිඳුණු රන් බඳුනක් මෙන් අපගේ වචන එක සමාන නොවේදැයි කියයි. ඉස්සා මච්ඡරිය නිද්දේස කියන ලද අර්ථ ඇත්තේම වේ.
මායා නිද්දේසයෙහි වාචං භාසති යනු පැනවීම දැනගෙනම ව්‍යතික්‍රමණය කරන භික්‍ෂුව බැරෑරුම් කාරියක් කරයි. අපගේ ව්‍යතික්‍රමණය වූ තැනක් නැතැයි උපශාන්තයකු මෙන් කියයි. කායෙන පරක්කමති යනු මවිසින් කළ පාපකර්මය කිසිවෙක් නොදනිත්වායි කයින් වත් කෙරෙයි. විද්‍යමාන දොස් වැසීමෙන් ඇස රවට්ටන මායාවක් මෙන් යයි මායා වේ. මායාවගේ භාවය මායාවිතා වේ. පව කොට නැවත වැසීමෙන් ඉකුත් වූ ඇස රාත්‍රී අච්චාසරා වේ. කාය වාක් ක්‍රියාවලින් අන්‍යාකාරයකින් දැක්වීමෙන් වංචා කෙරේ යයි වඤ්චනා නම් වේ. මෙයින් ජනයින් වංචා කෙරේනුයි නිකති නම් වේ. මිථ්‍යාවක් කෙරේ යන අර්ථයයි. මා මෙසේ නොකරමියි පව් විසුරුවීම විකිරණ නම් වේ. මම මෙසේ නොකරමියි වර්ජනය කිරීම පරිහරණා නම් වේ. කායාදි සංවරයෙන් ගුහනා වේ. සෑම අංශයකින්ම ගුහනය වීම පරිගුහනා වේ. තෘණපත්‍ර ආදියෙන් අසූචිය මෙන් කාය වචී කර්මවල පාපය වැසීම ඡාදනා වේ. සියළුම අංශවලින් වැසීම පටිච්ඡාදනා නම් වේ. මතුකොට නොදක්වයි යනු අනුත්තානි කම්මං වේ. ප්‍රකට කොට නොදක්වයි යනු අනාවීකම්මං වේ. මනාව වැසීම වොච්ඡාදනා නම් වේ. කරන ලද වැසීම් වශයෙන් නැවත පාප කිරීමෙන් පාපකිරියා යනු වේ. අයං වුච්චති මේ කරන ලද වැසීම් ඇති මායාව නමැයි කියනු ලැබේ. මෙයින් සමන්විත පුද්ගලයා අළුයට ගිනිඅඟුරු මෙන් ජලයෙන් වැසී ඇති හුල් මෙන් රෙදිවලින් වෙළූ ආයුධයක් මෙන් වේ.
සාඨෙය්‍ය නිද්දේසයෙහි සඨො අසත් ගුණ දැක්වීමෙන් මනාව කතා නොකරන්නෙකි. සියළු අංශවලින් සඨ වූයේ පරිසඨො නම් වේ. යං තත්‍ථා යනු ඒ පුද්ගලයා කෙරෙහි. සඨං යනු නැති ගුණ දක්වන කෛරාටිකය සඨතා යනු සඨ ආකාරය. (නැති ගුණ දක්වන අයුරු) කක්ඛරතා අතගෑමට නොහැකි පියුම් නාලයක් මෙන් රළු පරුෂභාවය. කක්ඛරියං යනු එයටම පරියාය වචනයකි පරික්ඛත්තතා. පාරික්ඛත්තියං යන පද දෙකින් හාරා තබන ලද මෙන් දැඩි කෛරාටිකකම් කියන ලදි. ඉදං වුච්චති මේ තමාගේ අවිද්‍යමාන ගුණ ප්‍රකාශ කරන ලක්‍ෂණය සාඨෙය්‍ය නම් යයි කියනු ලැබේ. මෙයින් සමන්විත පුද්ගලයාගේ බඩ හෝ පිට හෝ දැනගැනීමට හැකි නොවේ.
වමෙන් වෙයි සූකර - දකුණෙන් එළු මුවෝ වෙත්
හඬින් එළුවෙක් වේ - අඟින් ගවයෙකි මහළූ
[missing trans]
වංක නිර්දේශයෙහි අනජ්ජවො යනු සෘජු නොවන ආකාරයයි. අනජ්ජව භවය අනජ්ජවතා වේ. ජිම්හතා යනු සඳ වක් බව මෙනි. වංකතා යනු ගෝ මූත්‍ර ඇදය මෙනි. (ගමන් කරන ගොනාගේ මූත්‍ර පාර) කුටිලතා යනු නගුලිස කෙළවර ඇදය මෙනි. මේ සියළු පදවලින් කාය වචී චිත්ත වංකතාව කියන ලදි.