තණ්හාවිචරිතනිද්දෙසවණ්ණනා
තණ්හා විචරිත නිද්දේසයෙහි තණ්හා විචරිතානි යන තණ්හා හැසිරීම, තෘෂ්ණා පැවැත්වීම. අජ්ඣත්තිකස්ස උපාදායා යනු අධ්යාත්මික ස්කන්ධ පංචකය අල්වාගෙන. මෙහි තෘතීයා වේ ෂෂ්ටි වචනයකි. අස්මීති හොති මේ අධ්යාත්ම ස්කන්ධ පංචකය අල්ලාගෙන තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් සමූහ වශයෙන් ගනිමින් වෙමි යයි සිතයි. එසේ ඇති කල්හි යන අර්ථයයි. ඉත්ථස්මීති හොතී යනාදියෙහි මෙසේ සමූහ වශයෙන් මම යයි ගැනීම ඇතිකල්හි හේතුවකින් නැතුවද හේතුවකින් ඇතැයි දෙගුණ කොට ගනී. එහි හේතුවකින් නැතැයි අනිත් ආකාරයකට පැමිණ ස්වකීය භවයම අරමුණුකොට මෙසේ වෙමියි සිතයි. ක්ෂත්රියාදීන් කෙරෙහි මේ ආකාරය මම යයි මෙසේ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් වේ යයි යන අර්ථයයි. මෙය හේතුවකින් තොර ගැනීමය. හේතුවකින් ගැනීම වනාහි සමත අසමත වශයෙන් දෙයාකාරය. එය දැක්වීමට එවස්මීතිච අඤ්ඤාථාස්මීතිච කියන ලදි. එහි එවස්මීති මෙය සමාන වශයෙන් හේතුවකින් ගැනීමය. මේ ක්ෂත්රියෙකි. මේ බ්රාහ්මණයෙකි. මෙසේ මමද අර්ථ වේ. අඤ්ඤථාස්මීති මෙය අසමාන වශයෙන් ගැනීමයි මේ ක්ෂත්රියා මේ බ්රාහ්මණයා මම එයින් වෙනත්ය හීන හෝ අධි හෝ යයි අර්ථ වේ. මේ වර්තමාන වශයෙන් තණ්හා සතරේ හැසිරීමයි. භවිස්සන්ති ආදිය සතර වනාහි අනාගත වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද නයින් අර්ථය දතයුතුය. අස්මී ශාස්වත වශයෙන් වෙමි. සාතස්මී අසාස්වත වශයෙන් වෙමි. සතස්මී හෝ පාඨයකි. එහි ඇත යන විය. නිත්ය යන්නට අධි වචනයකි. ගිලෙයි යනු සතංවේ අනිත්යයට අධි වචනයෙකි. මෙසේ මේ දෙක සාස්වත උච්ඡේද වශයෙන් කියන ලදැයි දතයුතුය. මෙයින් පසුව සියං යනාදි සතර සංසය පරිවිතක්ක වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද අයුරින්ම අර්ථ වශයෙන් දැනගත යුතුය. අපාහං සියං යනාදි සතර මම වන්නෙමියි මෙසේ ප්රාර්ථනා කල්පනා වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද පරිද්දෙන් දැනගත යුතුය.
දිටු හිස් දෙකෙක් වේ - සතරකි මුල් පිරිසිදු
තුන තුනය මේවා - අටලොසයයි දැක්විණී
තුන තුනය මේවා - අටලොසයයි දැක්විණී
මේවායෙහි සාස්වත උච්ඡේද වශයෙන් කියන ලදි. දිට්ඨීසීස නම් දෙකකි. අස්මී යන්න වන්නේය. වූයේය මම වෙමිද වන්නෙමි. මේ සතරය. සුද්ධ සීසමය. ඉත්ථස්මි ආදිය තුන තුන යයි දොළසකි. සීස මූලකය නම්ය. මෙසේ මේ දිට්ඨි සීස දෙක සුද්ධ සීස හතර සීසමුල දොළහ යයි දහඅට තෘෂ්ණාව හැසිරෙන ධර්මයයි දතයුතුය.
දැන් පිළිවෙල ඒ ධර්ම බෙදා දැක්වීමට කථඤ්ච අස්මීති හොති යනාදිය අරඹන ලදි. එහි කිඤ්චි ධම්මං අත්ථකාරිං කරිත්වා රූප වේදනාදියෙහි කිසි එක් ධර්මයකුදු අවිනිබ්භොග කොට එක එකින් ගෙන සමූහ වශයෙන් ගත්තේය යන අර්ථයය. අස්මීති ඡන්දං පටිලභති යනු පංචස්කන්ධයන් නිරවශේෂයෙන් ගෙන (අහං) මම යයි තෘෂ්ණාව ලබයි. මනා දිට්ඨිවලද මෙම නයයි. එහි මේ තෘෂ්ණාව හැසිරෙන නිර්දේශය මාන දිට්ඨි හැර තෘෂ්ණාව. එහෙයින් තදේකාර්ථ වශයෙන් මෙහි කියන ලදි. තෘෂ්ණා ශීර්ෂයෙන් හෝ පපඤ්ච තුනද දක්වන ලදි. එය උද්දේසනම් අනුරූපයෙන්ම විස්තර කරන්නට මාන දිට්ඨි ගන්නා ලදි. තෘෂ්ණාව ප්රපඤ්චයක් වශයෙන් දක්වමින් එය සමග සෙසු ප්රපංච දැක්වීමට මෙසේ කීහ.
තස්මිං සති ඉමානි පපඤ්චිතානි එහි අස්මීති ඡන්දං ලබයි ආදි නයින් කියන ලද්දේ ප්රපංච තුන ඇතිකල්හි නැවත මේ ඉත්ථස්මී යනාදිය ප්රපංච වේ යන අර්ථයයි.
ඛත්තියොස්මී යනාදියෙහි අභිසේක සේනා අමාත්යාදියෝ මේ ක්ෂත්රියෙකි මම. මන්ත්ර අධ්යයන කරන පුරෝහිතාදියෙන් බ්රාහ්මණයෙකි මම. කෘෂි ගවපාලන ආදියෙන් වෛශ්යයෙකි මම ගිහි ලක්ෂණවලින් ගෘහපතියෙකි මම. මේ නයින් අර්ථ දතයුතුය. මෙසේ ඉත්ථස්මීති හොතී මෙසේ ක්ෂත්රියාදියෙහි ක්ෂත්රියාදි ආකාර තමා කෙරෙහි උපදවා මේ ආකාර මම වේ.
යථා සො ඛත්තියො යනාදියෙහි හේ අභිසේක සේනා අමාත්යාදියෝ ක්ෂත්රිය වේ. එසේ මමද ක්ෂත්රියෙකැයි මේ නයින් අර්ථ දතයුතුය. දෙවන නියෙහි යම්සේ හේ අභිෂේක සේනා අමාත්යාදියෙන් ක්ෂත්රිය වේ. එසේ මම ක්ෂත්රියෙකු නොවේ. මම වනාහි එයින් හීනය. උසස්ය හෝ මේ නයින් අර්ථය දතයුතුය. භවිස්සන්ති ආදි නිර්දේශවලද මෙම නයයි.
මෙසේ අධ්යාත්මිකයාගේ අල්ලා ගැනීමෙන් තෘෂ්ණාව හැසිරෙන හැටි බෙදා දැන් බාහිරව ගෙන තෘෂ්ණාව හැසිරෙන ආකාරය බෙදීමට තත්ථ කතමානි යයි යනාදිය කීහ. එහි බාහිරස්ස උපාදාය යන බාහිර ස්කන්ධ පංචකය ගෙන මෙතැනද තෘතීයාර්ථයෙහි ෂෂ්ඨී වචනයි. ඉමිනා මේ රූපයෙන් හෝ........විඤ්ඤාණයෙන් හෝ අවසේසය උද්දේස වාරයෙහි කියන ලද නයින්ම දතයුතුය.