දිට්ඨිගතනිද්දෙසවණ්ණනා
දිට්ඨි යන නිද්දේසයෙහි බ්රහ්මජාල වෙය්යාකරණො යන බ්රහ්මජාල නම් ප්රකාශ කිරීමෙහි දීඝනිකායේ පළමුවන සූත්රාන්තයෙහි චුත්තානිභගවතා ශාස්තෲවරයා විසින් තමාම ගැටී වදාරන ලදි. චත්තාරො සස්සත වාදා යනාදියෙහි පින්වත් ශ්රමණ බ්රාහ්මණයෝ කුමකට පැමිණ කුමක් අරබයා සාස්වතවාදය සාස්වතද ආත්මයද ලෝකයද පනවත්. සතර වස්තුවලින් යයි ආදියෙන් බ්රහ්මජාලයෙහි කියන ලද නයින්ම ප්රභේදද අර්ථයද දතයුතුය.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දාහත්වන ඛුද්දක වස්තු විභංග නිද්දේසයයි.
18. ධම්මහදය විභංගය
සබ්බසඞ්ගාහිකවාරවණ්ණනා
ඉක්බිතිව දැන් ධම්මහදය විභංගයේ පෙල පළමුව මෙසේ දතයුතුය. මෙහි මුලින්ම ස්කන්ධාදීන්ගේ දොලොස් කොටස් වශයෙන් සර්ව සංග්රාහික නම් වාරයක් කියන ලදි. දෙවනුව ඒ ධර්මයන්ගේම කාමධාතු ආදියෙහි උත්පත්ති අනුප්පත්ති දස්සන වාරය නම් වේ. තුන්වෙනුව එහිම පරියාපන්න අපරියාපන්න දස්සන වාරය නම් වේ. සතරවනුව භූමිතුනේ උත්පත්ති ක්ෂණයෙහි විද්යමාන අවිද්යමාන ධම්ම දස්සන වාර නම් වේ. පස්වෙනුව ඒ ධර්මයන්ගේ භූමිඅන්තර වශයෙන් දස්සන වාර නම් වේ. සවෙනුව ගතිවල උපදින කර්ම ආයු ප්රමාණය දක්වන වාර නම් වේ. සත්වෙනුව අසඤ්ඤෙය්යාදි වාර නම් වේ. අටවෙනුව සාරම්මණ ආරම්මණ වාර නම් වේ. නවවෙනුව ඒ ස්කන්ධාදි ධර්මයන්ගේ දිට්ඨි සූත්රාදි වශයෙන් සංග්රහ කළ දස්සන වාර නම් වේ. දසවෙනුව කුසලත්රිකාදි වශයෙන් සංග්රහ කළ දස්සන වාර නම් වේ.
මෙසේ දස වාරයකින් පිරිසිඳ පෙළෙහි පළමු සර්ව සංග්රාහික වාරයෙහි අවීචියේ පටන් භවාග්රය දක්වා අතරෙහි ස්කන්ධ කීයදැයි විචාල කල්හි එකක් යයි හෝ........සතරක් යයි හෝ නොකියා සයකදැයි නොකියා පසක් යයි කීමට අනිත් සමර්ථයෙක් නැති බැවින් තමන්ගේ ඤාණ බලය දක්වන්නේ පඤ්චක්ඛන්ධො යයි ඇසූ දෙයට අනුරූපව විසඳුම කීහ. ප්රශ්න විසඳීමෙහි සර්වඥ ව්යාකරණ නම් යයි කියනු ලැබේ. ද්වාදසායතනාති යනාදියෙහිද මෙම නයමැයි. රූපස්කන්ධාදීන්ගේ ප්රභේදය ඛන්ධ විභංගාදියෙහි කියන ලද නයින්ම දතයුතුය.
උප්පත්තානුප්පත්තිවාරවණ්ණනා
දෙවන වාරයෙහි කාම භවයෙහි යම් ධර්මයක් කාම ධාතුවෙන් හටගත් සත්ත්වයන්ගේ උත්පත්තිය කාමධාතුවට ඇතුළත් හෝ ඇතුළත් නොවන හෝ ඒ සියල්ල සංග්රහකොට කාමධාතුයා පඤ්චක්ඛන්ධො යනාදිය කියන ලදි. රූපධාතු ආදියෙහිද මෙම නයයි. යම්හෙයකින් රූප ධාතුවට ඇතුළත් සත්ත්වයින්ගේ ඝානයතනාදීගේ අභාවයෙන් ගන්ධායතනාදිය ආයතන කෘත්යය නොකරයි. එහෙයින් රූපධාතුයා ඡ ආයතනානි නව ධාතුයො යනාදිය කියන ලදි. යම්හෙයකින් අවකාශ වශයෙන් හෝ සත්වෝත්පත්ති වශයෙන් හෝ ඇතුළත් නොවන ධාතු නම් නැත. එහෙයින් අපරියාපන්න ධාතුයා යයි නොකියා ඒ ඒ අපරියාපන්න ඒ ඒ අවස්ථාවේ දැක්වීම සඳහා අපරියාපන්නෙ කති ඛන්ධා? යයි කියන ලදි.
පරියාපන්නාපරියාපන්නවාරවණ්ණනා
තුන්වන වාරයෙහි කාමධාතු පරියාපන්නා යයි කාම ධාතුව භජනය කරන අර්ථයෙන් පරියාපන්න වේ. එය නිශ්රිතව ඊට ඇතුළත්ව කාමධාතු සංඛ්යාවටම යන ලද යන අර්ථයයි. සෙසු පදවලද මෙම නයයි. පරියාපන්නා යනු භව වශයෙන් හා අවකාශ වශයෙන්ද සීමා කරන ලදි. අපරියාපන්නා යනු එසේ සීමා නැත.