(7:) සත්තකනිද්දෙසාදිවණ්ණනා
සත් ආකාරයකින් ඤාණවත්ථු නිද්දේසයෙහි ජාති පච්චයා ජරාමරණං යනාදි නයින් පැවතීම් නැවතීම් වශයෙන් එකොළොසක් වූ පටිච්ච සමුප්පාද අංගවල එක එකක කාලත්රයෙන් යුක්ත වූ ප්රත්යවේක්ෂා ඤාණය කියා නැවත ධර්ම ස්ථිති ඤාණය සංක්ෂේපයෙන් ක්ෂය ධර්මතා ආකාරයෙන් කියන ලදි. එහි ජාති පච්චයා ජරාමරණං අසති ජාතියා නත්ථි ජරාමරණං යයි ඤාණ දෙකක් වර්තමාන කාල වශයෙන් කියන ලදි. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං යයි මෙසේ අතීතයෙහි ඤාණ දෙකක් අනාගතයෙහි ඤාණ දෙකක්යැයි සිය ධර්ම ස්ථිති ඤාණය සමග සතකි. එහි ධම්මට්ඨිති ඤාණං යනු ප්රත්ය ආකාර ඤාණයයි. ප්රත්යාකාරව ධර්මයන්ගේ පැවතී සිටීමට කරුණුවන බැවින් ධම්මට්ඨිති යයි කියනු ලැබේ. එහි ඤාණය ධම්මට්ඨිති ඤාණයයි. මෙයම සයාකාර වූ ඤාණයට අධිවචනයකි. මෙසේ එක එක අංගයෙහි මේවා සත බැගින් අංග එකොළහේ සත් සැත්තෑවක් වේ. එහි ඛය ධම්මං යනු ක්ෂයවන ස්වභාවයයි. වය ධම්මං වැයවන ස්වභාවයයි. විරාග ධම්මං යනු නොඇලෙන ස්වභාවයයි. නිරොධ ධම්මං යනු නිරුද්ධවන ස්වභාවයයි. මෙයින් කුමක් කියන ලදද? පසු විදර්ශනාවෙන් පෙර විදර්ශනා සිහිකිරීම කියන ලදි. එයින් කුමක් කියන ලදද? සත්වරක් විපස්සනා පටිවිපස්සන කියන ලදි. පළමුවන ඤාණයෙන් සියළු සංස්කාරයන් අනිත්ය දුක්ඛ අනාත්ම යයි දැක ඒ ඤාණය දෙවැනි නුවණින් දැකීමට වටී. දෙක තුන්වැනි ඤාණයේ තුන සතරවැනි ඤාණයෙන් සතර පස්වැනි ඤාණයෙන් පහ සවැනි ඤාණයෙන් සය සත්වැනි ඤාණයෙන් මෙසේ සත් විපස්සනා පටිවිපස්සනා කියන ලද්දේ වේ.
සත්තකං
අට ආකාරයකින් ඤාණවත්ථු නිද්දේසයෙහි සෝතාපත්ති මග්ගෙ පඤ්ඤා යනු සෝවාන් මාර්ගයෙහි ප්රඥාවයි. එයින් යුත් ප්රඥාවම කියන ලදි. සෙසු පදවලද මෙම නයයි.
අට්ඨකං
නව ආකාර ඤාණවත්ථු නිද්දේසයෙහි අනුපුබ්බ විහාර සමාපත්තිසු අනුපූර්ව විහරණ සමාපත්තිවල. ඒවායේ පිළිවෙලින් අනුපිළිවෙලින් විහරණය කළයුතු තැන පිළිවෙලින් වසන බව. සමවදින තැනින් සමාපත්ති බව දතයුතුය. කත්ථ පඨමජ්ඣාන සමාපත්තියා පඤ්ඤං යනාදිය සම්ප්රයුක්ත ප්රඥා අට දැනගත යුතුය. නවවැනි ප්රත්යවේක්ෂා ප්රඥාව. එය නිරෝධ සමාපත්තිය සාන්ත වශයෙන් ප්රණීත වශයෙන් ප්රත්යවේක්ෂා කරන්නාට පවතී. එයින් කියන ලදි. සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තියා වුට්ඨිතස්ස පච්චවෙක්ඛණ ඤාණං සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටි තැනැත්තාගේ ප්රත්යවේක්ෂා ඤාණය.
නවකං
(10:) දසකනිද්දෙසවණ්ණනා
පඨම බල නිද්දේසය
දස ආකාරයකින් ඤාණවත්ථු නිද්දේසයෙහි අට්ඨානං හේතු ප්රතික්ෂේපය. අනවකාසො යනු ප්රත්ය ප්රතික්ෂේපයයි. දෙකින්ම හේතුව ප්රතික්ෂේප කරයි. හේතුවෙහි ඊට අයත් පැවතුම් ඇති බැවින් තමාගේ ඵලයට හේතුව යයිද ප්රත්යයයිද කියනු ලැබේ. යං යම් කරුණිකන්. දිට්ඨි සම්පන්නො යනු මාර්ගය දැකීමෙන් යුත් සෝවාන් ආර්ය ශ්රාවකයා. කිඤ්ච සංඛාරං චතුභූමිවල සංඛත සංස්කාරයන් අතරෙහි කිසියම් එක් සංස්කාරයක් ද. නිච්චතො උපගච්ඡෙය්ය නිත්ය වශයෙන් ගන්නේය. නෙතං ඨානං විජ්ජති මේ කරුණ නැත. නොලැබේ. යං පුථුජ්ජනො යම් කරුණකින් පෘථග්ජන වූ. ඨානමෙතං විජ්ජති මේ කරුණ ඇත. සාස්වත දෘෂ්ටියෙන් හේ ත්රෛභූමක සංස්කාරවල කිසියම් සංස්කාරයක් නිත්ය වශයෙන් ගන්නේය යන අර්ථයයි. චතුභූමික සංස්කාර තේජෝ ධාතුව අධික බැවින් දවස තැවුණේ යකඩ ගුලියක් මෙන් මැස්සෙකුගේ දැකීම හෝ අන්ය වූ හෝ අකුසලයන්ගේ අරමුණක් නොවේ. මෙම නයින් කිඤ්චි සංඛාරං සුඛතො ආදියෙහි අර්ථය දතයුතුය. සුඛතො උපගච්ඡෙය්ය මරණයෙන් පසුද ආත්මය ඒකාන්තයෙන් සුවපත් වේ. අරෝග වේ. මෙසේ ආත්ම දෘෂ්ටි වශයෙන් සැප වශයෙන් ගැනීම සඳහා මෙය කියන ලදි. ආර්ය ශ්රාවකයා දෘෂ්ටි විප්රයුක්ත සිතින් දැවීමෙන් මඩනා ලද්දේ දැවීම සංසිඳවීමේ සමත් මත් ඇතුන්ගෙන් ත්රාසයට පත්වූවා මෙන් පිරිසිදු කැමති පොක්ඛර බ්රාහ්මණයා අසූචිය මෙන් කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගනියි. ආත්ම වාදයෙහි කසිණාදි පැනවීම් සංග්රහයක් සංස්කාර යයි නොකියා කිඤ්චි ධම්මං යයි කියන ලදි. මෙහි ආර්ය ශ්රාවකයාගේ චතුභූමක වශයෙන් සීමාව දතයුතුය. පෘථග්ජනයා ත්රෛභූමික වශයෙන් සියළු වාරයන්හි හෝ ආර්ය ශ්රාවකයාටද ත්රෛභූමික වශයෙන්ම සීමාව වටී. යඤ්හි යම් පෘථග්ජනයෙක් ගනී. එයින් ආර්ය ශ්රාවකයා ගැනීම බැඳුමෙන් ඉවත් කරයි. පෘථග්ජනයා යමෙක් නිත්ය සුඛ ආත්ම වශයෙන් ගනී. ආර්ය ශ්රාවකයා එය අනිත්ය දුක්ඛ අනාත්ම වශයෙන් ගනිමින් ග්රහණ වෙළුම් අත්හරියි.