(3:) තිකනිද්දෙසවණ්ණනා
ත්රිවිධ වූ ඤාණවත්ථු නිද්දේසයෙහි යොග විහිතෙසු යෝගය ප්රඥාව කියයි. පඤ්ඤා විහිතෙසු ප්රඥා පරිණාමිත යෙන යන අර්ථයයි. කම්මායතනෙසු මෙහි කර්මයම කම්මායතනයයි. නොහොත් කර්මයද ඒ ආයතනද ජීවිකාව ගෙනයෑමද කම්මායතන වේ. සිප්පායතනෙසු මෙහිද එම නයයි. හීන උත්කෘෂ්ට වශයෙන් කර්මය දෙපරිදිය. එහි හීන නම් වඩු කර්මය, මල බැහැරලීම් ආදියයි. උත්කෘෂ්ට කෘෂි වණික් ගවපාලනය ආදියයි. ශිල්පයද හීන උත්කෘෂ්ට වශයෙන් ද්විධය. එහි හීන සිල්ප නම් නළකාර ශිල්ප පේෂකාර ශිල්පය කුම්භකාර චම්මකාර කරණවෑම් ආදියයි. උත්කෘෂ්ට ශිල්ප නම් මුද්රණ, ගණක, ලේඛක ආදියයි. විද්යාවම විජ්ජාට්ඨාන වේ. එය ධාර්මික වශයෙන්ම ගන්නා ලදි. නා මඬල පිරිත සමාන සර්ප දමන මන්ත්රයක් වැනි සැත්කටු වෙදකම ශල්ය වෛද්ය විධි ආදිය වෛද්ය ශාස්ත්ර, ආචාර්යන් වහන්ස ශිල්ප ඉගෙනීමට කැමති වෙතියි ශිල්පායතනයට ඇතුල් වූවහු නොගන්නා ලදි.
එහි එක් පණ්ඩිතයෙක් මිනිසුන්ගේ පහසු වාසය සඳහා තමාගේද ධර්මතා වශයෙන් ගෙවල් ප්රාසාද යාන නැව් ආදිය උපදවයි. මේ මිනිස්සු විසීමට තැනක් නැතිව දුකට පැමිණියෝ යයි හිතවත්කමින් සිට දීඝ චතුරස්ස ආදි භේදයෙන් යුත් ගෙයක් හදයි. සීත උෂ්ණ වැළැක්වීමට එක් බුමු දෙබුමු භේදයෙන් යුත් ප්රාසාද කරයි. යානයක් නැතිව සංචාරය කිරීම දුකය. දඟ වෙහෙස දුරුකිරීමට දෝලා කරත්ත (ගමනාන්තය) සන්දමානික (අසුන් යොදන රථය) ආදිය නිර්මාණය කරයි. නැව් නැති කල්හි මුහුදු ගමන් නැතැයි නානාප්රකාර වූ නැව් නිපදවයි. ඔහු මේ සියල්ල කරන්නේ කවුරුවත් කරන දිහා බලාගෙන සිට නොවේ. කාගේවත් ඉගැන්වීමකින්ද නොවේ. තමාගේ ධර්මතාවයෙන් චින්තනයෙන් කරයි. ප්රඥාවන්ත වූ තමාගේ ධර්මතාවෙන් කළත් අන්යයන් ගෙන් ඉගෙන කලාක් මෙන් වේ. මෙය හීන කර්ම නයයි.
උත්කෘෂ්ට කර්මයෙහිද කෘෂිකර්මය නොමැතිවිට මිනිසුන්ගේ ජීවිතය නොපවතී යයි සිතූ එක් පණ්ඩිතයෙක් මිනිසුන්ට පහසුවෙන් විසීමට නගුල් වියගස් ආදි කෘෂි උපකරණ උපදවයි. එසේම නානා ප්රකාර වණික් කර්ම ගවපාලන උපකරණයද නිපදවයි. මේ සියල්ල ඔහු තමාගේ චින්තනයෙන් පරිකල්පනයෙන්ම කරයි. වෙන කෙනෙකුගෙන් ඉගෙන කලා මෙන් පවතී. මෙය උත්කෘෂ්ට කර්ම නයයි.
ද්විධ වූ ශිල්පායතනයෙහි එක් පණ්ඩිතයෙක් මිනිසුන්ගේ පහසු විහරණය පිණිස නළකාර ශිල්පාදි හීන ශිල්පාදි හස්තමුද්රා ගණන සංඛ්යාත මුද්රා අච්ඡින්න සංඛ්යාත ගණන මාතෘකා ප්රභේද වූ ලේඛන උපදවයි. මේවා තමාගේම චින්තනයෙන් උපදවයි. වෙන කෙනෙකුගෙන් ඉගෙන කළා සේම වෙයි. මෙය ශිල්පායතන නයයි.
ඇතැම් පණ්ඩිතයෙක් අමනුස්ස සර්ප ආදීන්ගෙන් මිනිසුන්ට වන උපද්රවවලින් බේරීම සඳහා පිළියම් පිණිස නාගමණ්ඩල මන්ත්රාදි විජ්ජාඨාන උපදවයි. ඒවා තමාගේ චින්තනයෙන්ම උපදවයි. [missing trans]
කම්මස්ස කතං වා මේ කර්මය සත්ත්වයන්ගේ ස්වකීය වේ. මෙය ස්වකීය නොවේ යයි දැකීම් නුවණ සච්චානුලෝමිකං වා විපස්සනා ඤාණය එය සතර සත්යවලට අනුලෝම වන බැවින් සච්චානුලෝමික යයි කියනු ලැබේ. දැන් ඒවායෙහි පවත්නා ආකාරය දැක්වීමට රූපං අනිච්චන්ති වා යනාදිය කියන ලදි. මෙහිම අනිත්ය ලක්ෂණම ආවේය. දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ නොවේ. අර්ථ වශයෙන් ආ ඒවායි දතයුතුය. යමක් අනිත්යද [missing trans]
[missing trans] දක්වන ලද අනුලෝමික ස්වභාවය ඛන්ති ආදි සියල්ල ප්රඥාවේ සමාන වචනම වේ. එය යට කියන ලද කම්මායතනාදි කරුණු පහේ විරුද්ධ නොවනු දැකීමෙන් අනුලෝමිකා එසේම සත්ත්වයින්ගේ හිත පිණිස හැසිරීමෙන් පිළිවෙල යයි මාර්ග සත්යයේ අනුලෝම වෙයි. පරමාර්ථ සත්ය වූ නිර්වාණයේ පිළියෙල වීමෙන් අනුලෝමෙති යනුද අනුලෝමිකා නම් වේ. මේ සියළු කරුණු ක්ෂමා කරයි. ඉවසයි. දැකීමට හැකිවෙයි යනු ඛන්ති වේ. බලයි. යනු දිට්ඨි වේ. රුචිකරයි යනු රුචි මිදේ යනු මුති මුදයි යනු මුදි යනුද පාඨයකි. බලයි යනු පෙක්ඛා ඒ කර්මායතනාදි සියළු දහම් මෙනෙහි කරමින් ඉවසයි. විශේෂයෙන් පඤ්චස්කන්ධ සංඛ්යාත ධර්ම අනිත්ය දුක්ඛ අනාත්ම වශයෙන් නැවත නැවත මෙනෙහි කරන්නේ ඉවසයි යනු ධම්ම නිජ්ඣානක්ඛන්ති.
පරතො අසුත්වා පටිලභති අන්යයකුගේ උපදේශ වචන නොඅසා තමාම සිතමින් ලබයි. අයං වුච්චති මෙය චින්තාමය ප්රඥාව යයි කියනු ලැබේ. එය වනාහි හැමදෙනාටම උපදින්නේ නැත. මනාසේ දත්තා වූ මහා සත්ත්වයන්ටම උපදී. එහිද සත්තානුලෝමික ඤාණය බෝධි සත්ත්වයන්ට දෙගුණව උපදී. සෙසු ප්රඥා (පුරන ලද පාරමිතා ඇති) සියළු දෙනාටම මනා ප්රඥාවන්තයන්ට ම උපදීයයි දතයුතුය.