(2:) දුකනිද්දෙසවණ්ණනා
දුවිධෙන ඤාණවත්‍ථු නිද්දේසයෙහි චතුසු භූමිසු කුසලෙ යන සේක පුහුදුන්නේ සිව්භූමික කුසල ප්‍රඥාව. පටිසම්භිදා විභංගයෙහි කියන ලද පස් අර්ථවල තම තමාගේ භූමියට ඇතුළත් විපාක සංඛ්‍යාත අර්ථය උපදවයි. පවත්වයි යන අත්‍ථජාපිකා, අරහතො අභිඥා ඉපදවීමට සමාපත්ති ඉපදවීමට සුදුසුය. කිරිය අබ්‍යාකත අභිඤ්ඤා සමාපත්ති පරිකර්ම කාලයෙහි කිරිය ප්‍රඥාව කාමාවචරය. එයද අභිඤ්ඤා සමාපත්ති ප්‍රභේද කිරිය සංඛ්‍යාත අර්ථය උපදවයි. පවත්වයි යන අත්‍ථජාපිකා පඤ්ඤා යයි කියන ලදි. මෙය වනාහි පෙලෙහි නැති තවත් අට්ඨකථා නයකි. පෙර මේ කාමාවචර කිරිය පසු කාමාවචර කිරියාවෙන් අනන්තරා ආදි වශයෙන් ප්‍රත්‍ය වේ. එයද ඒ කිරියාව උපදවයි. අත්‍ථ ජාතිකා පඤ්ඤා එය අර්ථය උපදවන ප්‍රඥා නම් වේ. රූපාවචර අරූපාවචරවලද මෙසේය.
දුතිය නිද්දේසයෙහි චතුසු භූමිසු විපාකෙ යනු කාමාවචර විපාකයෙහි ප්‍රඥාව සහජාතාදි ප්‍රත්‍යය වශයෙන් කාමාවචර විපාක අර්ථය උපදවා සිටියේයයි ජාපිතත්‍ථා වේ. රූපාවචරාදි විපාක ප්‍රඥාවද මෙම නයයි. මෙය තම තමාගේ සියළු කරුණුවලදී උපදවන ලද පවත්වන ලද තමන්ම අර්ථ වූද ජාපිතත්‍ථා වේ. අරහතො උප්පන්නාභාය අභිඤ්ඤාය උප්පන්නාය සමාපත්තියා යයි කියන ලද කිරිය පඤ්ඤාවේ ද මෙම නයයි. මෙයද පාලිමුත්තක අටුවා නයකි. කාමාවචර කිරිය ප්‍රඥාවද සහජාතාදි වශයෙන් කාමාවචර කිරිය සංඛ්‍යාත අර්ථය උපදවා සිටියේ යයි ජාපිතත්‍ථා රූපාවචර අරූපාවචර කිරිය ප්‍රඥාවලද මෙම නයයි. මෙය තම තමාගේ සියළු කරුණු උපදවන ලද පවත්වන ලද තමා ද අර්ථ වීයයි ජාපිතත්‍ථා මෙහි සෙසු සියල්ල ධම්මසංගහ අට්ඨකථාවේ කියන ලද බැවින් ප්‍රකට වේ.
දුකය.
(3:) තිකනිද්දෙසවණ්ණනා
ත්‍රිවිධ වූ ඤාණවත්‍ථු නිද්දේසයෙහි යොග විහිතෙසු යෝගය ප්‍රඥාව කියයි. පඤ්ඤා විහිතෙසු ප්‍රඥා පරිණාමිත යෙන යන අර්ථයයි. කම්මායතනෙසු මෙහි කර්මයම කම්මායතනයයි. නොහොත් කර්මයද ඒ ආයතනද ජීවිකාව ගෙනයෑමද කම්මායතන වේ. සිප්පායතනෙසු මෙහිද එම නයයි. හීන උත්කෘෂ්ට වශයෙන් කර්මය දෙපරිදිය. එහි හීන නම් වඩු කර්මය, මල බැහැරලීම් ආදියයි. උත්කෘෂ්ට කෘෂි වණික් ගවපාලනය ආදියයි. ශිල්පයද හීන උත්කෘෂ්ට වශයෙන් ද්විධය. එහි හීන සිල්ප නම් නළකාර ශිල්ප පේෂකාර ශිල්පය කුම්භකාර චම්මකාර කරණවෑම් ආදියයි. උත්කෘෂ්ට ශිල්ප නම් මුද්‍රණ, ගණක, ලේඛක ආදියයි. විද්‍යාවම විජ්ජාට්ඨාන වේ. එය ධාර්මික වශයෙන්ම ගන්නා ලදි. නා මඬල පිරිත සමාන සර්ප දමන මන්ත්‍රයක් වැනි සැත්කටු වෙදකම ශල්‍ය වෛද්‍ය විධි ආදිය වෛද්‍ය ශාස්ත්‍ර, ආචාර්යන් වහන්ස ශිල්ප ඉගෙනීමට කැමති වෙතියි ශිල්පායතනයට ඇතුල් වූවහු නොගන්නා ලදි.
එහි එක් පණ්ඩිතයෙක් මිනිසුන්ගේ පහසු වාසය සඳහා තමාගේද ධර්මතා වශයෙන් ගෙවල් ප්‍රාසාද යාන නැව් ආදිය උපදවයි. මේ මිනිස්සු විසීමට තැනක් නැතිව දුකට පැමිණියෝ යයි හිතවත්කමින් සිට දීඝ චතුරස්ස ආදි භේදයෙන් යුත් ගෙයක් හදයි. සීත උෂ්ණ වැළැක්වීමට එක් බුමු දෙබුමු භේදයෙන් යුත් ප්‍රාසාද කරයි. යානයක් නැතිව සංචාරය කිරීම දුකය. දඟ වෙහෙස දුරුකිරීමට දෝලා කරත්ත (ගමනාන්තය) සන්දමානික (අසුන් යොදන රථය) ආදිය නිර්මාණය කරයි. නැව් නැති කල්හි මුහුදු ගමන් නැතැයි නානාප්‍රකාර වූ නැව් නිපදවයි. ඔහු මේ සියල්ල කරන්නේ කවුරුවත් කරන දිහා බලාගෙන සිට නොවේ. කාගේවත් ඉගැන්වීමකින්ද නොවේ. තමාගේ ධර්මතාවයෙන් චින්තනයෙන් කරයි. ප්‍රඥාවන්ත වූ තමාගේ ධර්මතාවෙන් කළත් අන්‍යයන් ගෙන් ඉගෙන කලාක් මෙන් වේ. මෙය හීන කර්ම නයයි.
උත්කෘෂ්ට කර්මයෙහිද කෘෂිකර්මය නොමැතිවිට මිනිසුන්ගේ ජීවිතය නොපවතී යයි සිතූ එක් පණ්ඩිතයෙක් මිනිසුන්ට පහසුවෙන් විසීමට නගුල් වියගස් ආදි කෘෂි උපකරණ උපදවයි. එසේම නානා ප්‍රකාර වණික් කර්ම ගවපාලන උපකරණයද නිපදවයි. මේ සියල්ල ඔහු තමාගේ චින්තනයෙන් පරිකල්පනයෙන්ම කරයි. වෙන කෙනෙකුගෙන් ඉගෙන කලා මෙන් පවතී. මෙය උත්කෘෂ්ට කර්ම නයයි.