(1:) එකකනිද්දෙසවණ්ණනා
දැන් තබන ලද මාතෘකාවෙන් පඤ්චවිඤ්ඤාණා න හෙතු මෙව ආදි නයින් අරඹන ලද නිද්දේසවාරයෙහි නහෙතුමෙව යන සාධාරණ හේතු ප්‍රතික්‍ෂේප නිර්දේශයෙහි එහි හේතු හේතු පච්චය හේතු උත්තම හේතු සාධාරණ හේතු යන චතුර්විධ හේතු ආදි නයින් කිවයුතු සියල්ල රූප කාණ්ඩයෙහි “සච්චං රූපං මා හෙතුමෙව” යනාදියේ අර්ථවර්ණනාවේ කියන ලද්දේමය. අහෙතුකමෙව යනාදියෙහි ව්‍යඤ්ජන සන්‍ධි වශයෙන් ම කාරය දතයුතුය. අහේතුක යන අර්ථනය සෙසු පදවලද මෙම නයයි. තවද “හෙතු ධම්මා න හෙතු ධම්මා” යනාදි ධර්ම කොටස්වල පඤ්ච විඤ්ඤාණ හේතු ධම්ම හෝ සහේතුක හේතුධම්ම හෝ නොවේ. ඒකාන්තයෙන් හේතු නොවේමය. අහේතුකමයයි මේනයින් මේ සියළු පදවල අර්ථය දතයුතුය. අබ්‍යාකත මෙව යන පදය විපාක අබ්‍යාකත වශයෙන් කියන ලදි. සාරම්මණාමෙව එල්බ ගත් අරමුණු වශයෙන් පච්චය ආරම්මණ ඕලුබ්භ ආරම්මණ යයි අරමුණු දෙපරිදිය. මෙම ස්ථානයෙහි ඕලුබ්භ (එල්බ) අරමුණම උසුලයි. පච්චය අරමුණද ලැබේ. අචෙතසිකමෙව යන පදය චිත්ත රූප නිබ්බාණ යන අචේතනික තුන. මෙහි සිතම සඳහා කියන ලදි. නො අපරියාපන්න මෙව ගති චුති සංසාර වට්ටභව ඇතුළත් භාවයෙන් පරියාපන්න වේ. ඇතුළත් නොවේ. ලෝකයෙන් (සසරින්) නොපමුණුවයි. අනිය්‍යානික උප්පන්නං මනොවිඤ්ඤාණං විඤ්ඤය්‍යමෙව රූප කාණ්ඩයෙහි චක්ඛු විඤ්ඤාණාදීන්ගේ වර්තමාන රූපාදිය අරබයා පැවතීමෙන් අතීතාදි විෂය මනෝ විඤ්ඤාණයෙහි ද පඤ්චවිඤ්ඤාණ සෝත්‍රයට පතිතකොට උපන් විඤ්ඤාණ හයම දන්නා ලදැයි කියන ලදි. පඤ්ච විඤ්ඤාණවල වර්තමාන චක්ඛු විඤ්ඤාණාදියේ අරමුණු නොවේද මනෝ විඤ්ඤාණයෙහිම වේ. එහෙයින් මනෝවිඤ්ඤාණ විඤ්ඤෙය්‍යමෙව යයි කියන ලදි. අනිච්චමෙව ඇතිවී නැතිව යන අර්ථයෙන් අනිච්ච වේ. ජරාභිභුතමෙව ජරාවෙන් මඩනා ලද බැවින්.
උප්පන්න වත්‍ථුකා උප්පන්නාරම්මණා අනාගතය ප්‍රතික්‍ෂේපය. ඒවා අනාගතයෙහි වස්තු අරමුණුකොට නූපදී.
පුරෙජාත වත්‍ථුකා පුරෙජාතාරම්මණා උත්පත්තිය සමග ප්‍රතික්‍ෂේප කිරීම. ඒවා සමග උපන් වස්තු හෝ අරමුණු හෝ නිසා නූපදී. තමා පසුව ඉපිද පෙර උපන් වස්තු අරමුණුවල උපදී.
අජ්ඣත්තික වත්‍ථුකා අධ්‍යාත්ම වශයෙන් කියන ලදි. ඒවා අජ්ඣත්තික පඤ්ච ප්‍රසාද වස්තුකොට උපදී. බාහිරා රම්මණා. බාහිර රූපාදි අරමුණු. එහි චතුෂ්කයක් දතයුතුය. පඤ්ච විඤ්ඤාණවල ප්‍රසාද වස්තුක බැවින් අජ්ඣත්තිකය අජ්ඣත්තනික වස්තුකය, මනෝ විඤ්ඤාණය හෘදය රූපය වස්තුකොට උපදින කාලයෙහි අජ්ඣත්තිකය බාහිර වස්තුකය. පඤ්ච විඤ්ඤාණ සම්ප්‍රයුක්ත ස්කන්ධ තුන හෘදය රූපය වස්තුකොට උපදින කාලයෙහි බාහිර ඒවා බාහිර වස්තුක වේ.
අසම්භින්න වත්‍ථුකා නිරුද්ධ නොවන වස්තු ඒවා නිරුද්ධ නොවූ අතීත වස්තු නිසා උපදී. අසම්භින්න අරමුණුවලද මෙම නයයි.
අඤ්ඤං චක්ඛු විඤ්ඤාණස්ස වත්‍ථුච ආරම්මණඤ්ච ආදියෙහි චක්ඛු විඤ්ඤාණයේ අන්‍ය වස්තුවකි. අන්‍ය අරමුණකි. සෝත විඤ්ඤාණාදියේ අනිකකි. චක්ඛු විඤ්ඤාණ සෝතප්පසාදියෙහි අන්‍යතර වස්තු වේ. සද්දාදියෙහි හෝ අන්‍යතර අරමුණක් කොට කල්පයකින් කපක් ගියත් නූපදී. චක්ඛු ප්‍රසාදයම වස්තුකොට රූපයද අරමුණුකොට උපදී. මෙසේ එහි වස්තුවද ද්වාරයද අරමුණද නිතර බැඳී ඇත. අන්‍ය වස්තු හෝ ද්වාර හෝ අරමුණ හෝ සංක්‍රමණය නොවේ. නිබද්ධ වස්තු ද්වාර අරමුණු ඇතිව උපදී. සෝතවිඤ්ඤාණාදියෙහිද මේ නයයි.
න අඤ්ඤමස්ස ගෝචරවිසයං පච්චානුභොන්ති මෙහි අඤ්ඤමඤ්ඤස්ස අනිකක් අනිකක් යනු ඇස කනට කන ඇසට යන මෙසේ එකක එකකට ගෝචර විසයවීම අනුභව නොකෙරේ යන අර්ථයයි. නීලාදි භේද වූ රූපාරම්මණය එකතුකොට සෝත ඉන්‍ද්‍රියට පමුණුවන්නේය. හා එය විමසව විස්තර කරනු මේ අරමුණ කුමක්ද? චක්ඛු විඤ්ඤාණය හැර තම මුවින් ධර්මතා බැවින් මෙසේ කියන්නේය. මෝඩය, අන්‍ධ බාලය, වස් සියයක් වස් දහසක්ද දුවන්නේ මවිසින් මොහුගේ ඉපදීම ලබන්නෙහිද? ඔහු හෙතෙම චක්ඛු ප්‍රසාදයෙහි පමුණුව. මම මේ අරමුණ දන්නෙමි. නිල් හෝ කහ හෝ මෙය කාටවත් විසය නොවේ. මටම විසය වේ. සෙසු විඤ්ඤාණවලද මෙම නයයි. මෙසේ අනිකක් අනිකකට ගෝචර විෂය ආනුභාව නැත.