දසකමාතිකාවණ්ණනා
දස මාතෘකා තථාගතයන්ගේ තථාගත දසබල යනාදියෙන් දශක එකකින් තබන ලදි. එහි දස යනු දැක්වීමය. තථාගතස්ස යන යම්සේ විශේෂ ආදි පෙර බුදුවරු ආවාහු එසේ ආවා වූ, යම්සේ ගියාහුද එසේම යන නිසා තථාගතස්ස යනු වේ. තථාගත බල යනු අන්‍යයන්ට අසාධාරණ තථාගතයන් වහන්සේගේම බල. පෙර බුදුවරුන්ගේ බල මෙන් පුඤ්ඤ උපනිස්සය සම්පත්තියෙන් එසේ ආවා වූ ආගත බලයයිද අර්ථ වේ. කාය බල ඤාණ බල වශයෙන් තථාගතයන් වහන්සේගේ බල දෙකකි. ඒ දෙකින් කාය බලය ඇත් කුල අනුසාරයෙන්ම දතයුතුය. පුරාණයන් විසින් එනිසා කියන ලදි.
කලුවක් ගගෙහි වන - පඬර තඹපිඟුවන් යන
ගඳමඟල හෙමියුත් - පොහොතය සදත් දස ගජ
කාලාවකඤ්ච ගංගෙය්‍යං පණ්ඩරං තම්බපිංගලං
ගන්‍ධ මංගල හෙමඤ්ච උපොසථ ඡද්දන්තිමෙ දස
මේ ඇත්කුල දහයයි.
එහි කාලාවක ප්‍රකෘති ඇත් කුලයය දතයුතුය. මිනිසුන් දසදෙනෙකුගේ කාය බලය කාලාවක එක ඇතෙකි. කාලාවක ඇතුන් දහයක කාය බලය ගංගෙය්‍ය එක ඇතෙකි. ගංගෙය්‍ය ඇතුන් දහයක බලය පණ්ඩර එක ඇතෙකි. පණ්ඩර ඇතුන් දහයක බලය තම්බපිංගල එක ඇතෙකි. තම්බපිංගල ඇතුන් දහයක බලය ගන්ධ එක ඇතෙකි. ගන්ධ ඇතුන් දහයක බලය මංගල එක ඇතෙකි. මංගල ඇතුන් දහයක බලය හේමවත එක ඇතෙකි. හේමවත ඇතුන් දහයක බලය උපොසථ එක ඇතෙකි. උපොසථ ඇතුන් දහයක බලය ඡද්දන්ත එක ඇතෙකි. ඡද්දන්ත ඇතුන් දහයක බලය එක් තථාගතයන් වහන්සේට ඇත. නාරායන බලය යයි මීටම කියනු ලැබේ. ඒ බලය ප්‍රකෘති ඇතුන්ගේ ගණනින් කෝටිදාහකි. මිනිසුන්ගේ ගණනින් එය දසකෝටි දහසකි. මෙය තථාගතයන් වහන්සේගේ කාය බලයයි.
මෙහි ඤාණ බලය පෙලෙහි එන ලද්දේම වේ. දසබල ඤාණය මහා සීහනාද සූත්‍රයෙනි. දසබල ඤාණය, චතුවෙසාරජ්ජ ඤාණය, අට්ඨසු පරිසාසු අකම්පන ඤාණය, චතුයොනි පරිච්ඡේදක ඤාණය පඤ්චගති පරිච්ඡේදක ඤාණය. සංයුත්තකයේ ආවා වූ තෙසත්තති ඤාණගති සත්ත සත්තති ඤාණගති මෙසේ අන්‍ය වූද අනෙක ඤාණ සහස්සාති මෙය ඤාණබල නම් වේ. මෙහිද ඤාණබලම අදහස් කරයි. කම්පා නොවන අර්ථයෙන් ඤාණයද උපකාර කරන අර්ථයෙන් බලය ද කියන ලදි.
යෙහි බලෙහි සමන්නාගතො යම් ඤාණබල දහයකින් යුක්ත වූයේ. ආසභට්ඨානං ශ්‍රේෂ්ඨ ස්ථානය. උත්තම ස්ථානය ආසභා යනු පූර්ව බුදුවරයෝය. උන්වහන්සේලාගේ සමානය යන අර්ථයයි. තවද ගවයින් සියයකට නායක වූයේ උසභ වේ. ගවයින් දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ වසභො වේ. වප් සත ගවගාල් සියයකට දෙටු වූයේ උසභද ගාල් දහසකට දෙටු වූයේ වසභද වේ. සියළු ගවයින්ට ශ්‍රේෂ්ඨ වූ සියළු උවදුරු ඉවසන සුලු පහදවන මහත් බර උසුලන අකුණු සිය ගණන් ශබ්දවලිනුත් කම්පා නොවන්නේ නිසභ වේ. මෙහි උසභ අදහස් කරයි. මෙයද ඔහුගේ පර්යාය වචනයකි. උසභගේ වේය යනු ආසභ වේ. ඨානං සතර පයින් පොළොව පෙළා නොසෙල්වෙන සිටීම. මෙය වනාහි ආසභ මෙන් ආසභය. “නිසභ සංඛ්‍යාත උසභය. උසභ බලයෙන් යුත් සතර පයින් පොළොව පෙළා නොසෙල්වෙන තැන සිටය. මෙසේ තථාගතයන් වහන්සේද තථාගත බල දහයෙන් යුක්තව සතර වෙසරද පයින් අටපිරිස් පොළොව කළඹා දෙවියන් සහිත ලෝකයෙහි සතුරකු විසින් පසමිතුරකු විසින් කම්පාකළ නොහැකි නොසෙල්වෙන ස්ථානයෙහි වැඩසිටිති. මෙසේ වැඩසිටින්නේ ඒ ආසභ ස්ථානය දනිති. එළඹෙති. අත් නොහරිති. තමා කෙරෙහි ආපෝපනය කරගනිති. එහෙයින් කියන ලදි. ආසභණ්ඨානං පටිජානාති.