පච්ච යුද්ධාර වර්ණනාව
දැන් පච්චනීය වේ. එහි යම්සේ පටිච්ච වාරාදියෙහි ‘අකුසල ධර්ම නිසා අකුසල ධර්මය උපදී. හේතු පච්චය නොවේ’ යනාදි නයින් ලැබෙන ප්‍රශ්න ලැබෙන පච්චයන්ගේ වශයෙන් ස්වරූපයෙන්ම විස්තර කරන ලදි. මෙසේ විස්තර නොකොට එක් ලක්‍ෂණයකින් සංක්‍ෂේප වශයෙන් දැක්වීමට ධම්ම සංගණියෙහි කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො යනාදි නයින් අනුලෝම වශයෙන් කුසලාදීන්ගේ පච්චය උපුටන ලදි. ඒ පච්චයෝද සමූහ වශයෙනි. එක එක පච්චය වශයෙන් නොවේ. එහෙයින් යමක් යම්තැන සමූහ වශයෙන් දක්වන ලදද ඒවාද බෙදා දතයුතුය. මේ සියළු සූවිසි පච්චයෝ පච්චය අටක සංග්‍රහ වේ. කුමන අටකද? ආරම්මණයෙහි, සහජාතයෙහි, උපනිස්සයෙහි, පුරෙජාතයෙහි, පච්ඡාජාතයෙහි, කම්මයෙහි, ආහාරයෙහි, ඉන්‍ද්‍රියෙහි. කෙසේද? මේ පච්චය අට හැර සෙසු සොළොසෙහි හේතු පච්චය, අඤ්ඤමඤ්ඤ, විපාක, ඣාන, මග්ග, සම්පයුත්ත පච්චය යයි මේ පච්චය හය ඒකාන්තයෙන් සහජාත වී සහජාතයන්ගේම පච්චය භාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. අනන්තර පච්චය, සමනන්තර, ආසේවන, නත්‍ති විගත පච්චයො යයි මේ පහ වනාහි ඉපදී නිරුද්ධව තමාගේ අනතුරුව උපදිනු ලබන්නේම පච්චය භාවයෙන් අනන්තර උපනිස්සය ලක්‍ෂණයෙන් උපනිස්සයෙහි සංග්‍රහ වේ. නිස්සය පච්චය, සහජාත පුරෙජාත භේදයෙන් ද්විධ වේ. එහි සහජාත නිස්සය සහජාතයෙන්ම නිස්සය පච්චයභාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. පුරෙජාත නිස්සය පුරෙජාත පච්චයෙහි සංග්‍රහ වේ.
අධිපති පච්චය ද සහජාත අධිපති ආරම්මණ අධිපති වශයෙන් ද්විධය. එහි සහජාතාධිපති සහජාතයන්ගේම අධිපතිභාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. ආරම්මණාධිපති ආරම්මණ උපනිස්සය වේයයි ආරම්මණ උපනිස්සය ලක්‍ෂණයෙන් උපනිස්සය පච්චයේ සංග්‍රහ වේ. විප්පයුත්ත පච්චය සහජාත පුරෙජාත පච්ඡාජාත භේදයෙන් ත්‍රිවිධ වේ. එහි සහජාත විප්පයුත්ත සහජාතයන්ගේම විප්පයුත්ත පච්චයභාවයෙන් සහජාත පච්චයේ සංග්‍රහ වේ. පුරෙජාත විප්පයුත්ත පෙර ඉපදී පසුව උපදින්නට පච්චයභාවයෙන් පුරෙජාතයෙහි සංග්‍රහ විය. පච්ඡාජාත විප්පයුත්ත පසුව ඉපදී පෙර උපන් අයට උපස්ථම්භන වශයෙන් පච්චයභාවයෙන් පච්ඡාජාත පච්චයෙහි සංග්‍රහ වේ. අත්‍ථි පච්චය අවිගත පච්චය සහජාත පුරෙජාත පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රියන්ගේ ද අත්‍ථි අවිගතවලද එක එකේ වශයෙන් භේද හයකින් සිටියේය. එහි සහජාත අත්‍ථි අවිගත සහජාතයන්ගේම අත්‍ථි අවිගත පච්චයභාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. පුරෙජාත පෙර ඉපදී පසුව උපදිනු ලබන්නන්ට පච්චයභාවයෙන් පුරෙජාත පච්චයෙහි සංග්‍රහ වේ. පච්ඡාජාත පසුව ඉපදී පෙර උපන්නාට උපස්ථම්භන වශයෙන් පච්චයභාවයෙන් පච්ඡාජාත පච්චයෙහි සංග්‍රහ වේ. ආහාර කබලීකාර ආහාර පච්චයෙහි සංග්‍රහ වේ. ඉන්‍ද්‍රිය රූප ජීවිතේන්‍ද්‍රිය පච්චයෙහි සංග්‍රහ වේ. මෙසේ මේ සොළොස් පච්චය මේ පච්චය අටෙහි සංග්‍රහ වේයයි දතයුතුය.
මේ පච්චය අටේ අන්‍යොන්‍ය සංග්‍රහ ද ඇත්තේය. මුලින් දැක්වූ ආරම්මණ පච්චය අධිපති අනධිපති භේදයෙන් ද්විධය. එහි අධිපති වූ ආරම්මණ උපනිස්සය ලක්‍ෂණයෙන් උපනිස්සයෙහි සංග්‍රහ වේ. අනධිපති සුද්ධ ආරම්මණ පච්චය වේ. කම්ම පච්චය ද සහජාත නා නා ක්‍ෂණික වශයෙන් ද්විධ වේ. තම සහජාතයන්ගේම කම්ම පච්චයභාවයෙන් සහජාතයෙහි ම සංග්‍රහ වේ. නා නා ක්‍ෂණික කම්මය බලවත් දුබල වශයෙන් ද්විධය. එහි බලවත් කර්මය විපාක ධර්මයන්ගේ උපනිස්සයව පච්චය වේයයි උපනිස්සය පච්චයෙහි සංග්‍රහ වේ. බලවත් රූපයන්ගේ දුබල වූ අරූපයන්ගේ නා නා ක්‍ෂණික කම්ම පච්චයෙන්ම පච්චය වේ. ආහාර පච්චයද රූප අරූප වශයෙන් ද්විධය. එහි අරූපාහාරය තම සහජාතයන්ගේ ම පච්චය වේ යයි සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. රූපාහාරය සහජාත පුරෙජාත පච්ඡාජාතයන්ගේ පච්චය නොවේ. තමාගේ වනාහි උප්පාද ක්‍ෂණය ඉක්මවා ඨිතියට පැමිණ ආහාර පච්චයභාවය සාදන්නේ යයි ආහාර පච්චය වේ. ඉන්‍ද්‍රිය පච්චය ද රූප අරූප වශයෙන් ද්විධය. අරූප ඉන්‍ද්‍රිය පච්චය තම සහජාතයන්ගේම ඉන්‍ද්‍රිය පච්චයභාවය සාදන්නේ යයි සහජාතයෙහිම සංග්‍රහ වේ. රූප ඉන්‍ද්‍රිය පච්චය වනාහි අජ්ඣත්ත බාහිර භේදයෙන් ද්විවිධය. එහි අජ්ඣත්ත ඉන්‍ද්‍රිය පච්චය පෙර ඉපදී පසුව උපදිනු ලබන්නන්ට සසම්ප්‍රයුත්ත ධර්මයන්ගේ චක්ඛු විඤ්ඤාණාදියට ඉන්‍ද්‍රිය පච්චය වේ යයි පුරෙජාතයෙහි ම සංග්‍රහ වේ. බාහිර ඉන්‍ද්‍රිය පච්චය නම් රූප ජීවිතේන්‍ද්‍රිය වේ. එහි සහජාතයන්ගේ පච්චය වේ යයි අනුපාලන මාත්‍ර වශයෙන් ම වේ. ජනක වශයෙන් නොවේ. ඉන්‍ද්‍රිය පච්චය වේ. මෙසේ මේ පච්චය අට ඔවුනොවුන් කෙරෙහි සංග්‍රහයට යයි. මේ පච්චය අටෙහි අවසේස සොළොසෙහිම එ්වායේම අට අන්‍යොන්‍ය වශයෙන් සංග්‍රහ නය.
දැන් මේ පච්චය අටේ එක එකෙහි සූවිසි පච්චයවල යමක් යමක් සංග්‍රහයට යයිද ඒ ඒවා දතයුතුය. එහි අටේ සියල්ලට පළමුව ආරම්මණ පච්චයෙහි ආරම්මණ පච්චයම සංග්‍රහයට යයි. සෙසු තෙවිස්ස නොවේ. දෙවැන්නෙහි සහජාත පච්චයෙහි හේතු පච්චය, සහජාතාධිපති පච්චය, සහජාත පච්චය, අඤ්ඤමඤ්ඤ පච්චය, සහජාත නිස්සය පච්චය, සහජාත ඉන්‍ද්‍රිය පච්චය, ඣාන පච්චය, මග්ග පච්චය, සම්පයුත්ත පච්චය, සහජාත විප්පයුත්ත පච්චය, සහජාත අත්‍ථිපච්චය, සහජාත විගත පච්චය යයි මේ පසළොස් පච්චය සංග්‍රහ වේ. තෙවැන්නෙහි උපනිස්සය පච්චයෙහි අධිපති වූ ආරම්මණ පච්චය, ආරම්මණ වූ අධිපති පච්චය, අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන පච්චයා නා නා ක්‍ෂණික බලවත් කම්ම පච්චය, නත්‍ථි පච්චය, විගත පච්චය යයි මේ පච්චය නවය සංග්‍රහ වේ. සිව්වැන්නෙහි පුරෙජාත පච්චයෙහි පුරෙජාත නිස්සය පච්චය, පුරෙජාත ඉන්‍ද්‍රිය පච්චය, පුරෙජාත විප්පයුත්ත පච්චය, පුරෙජාත අත්‍ථි පච්චය, පුරෙජාත විගත පච්චය යයි මේ පච්චය හය සංග්‍රහ වේ. පස්වැන්නෙහි පච්ඡාජාත පච්චයෙහි පච්ඡාජාත පච්චය, පච්ඡාජාත විප්පයුත්ත පච්චය, පච්ඡාජාත අත්‍ථි පච්චය, පච්ඡාජාත විගත පච්චය යයි මේ පච්චය සතර සංග්‍රහ වේ. සවැන්නේ කම්ම පච්චයෙහි නා නා ක්‍ෂණික කම්ම පච්චයම සංග්‍රහ වේ. සත්වැන්නෙහි ආහාර පච්චයෙහි කබලීකාර ආහාර වශයෙන් ම ආහාර පච්චය, ආහාර අත්‍ථි පච්චය, ආහාර අවිගත පච්චය යයි මේ පච්චය තුන සංග්‍රහ වේ. අටවැන්නෙහි ඉන්‍ද්‍රිය පච්චයෙහි රූප ජීවිතේන්‍ද්‍රිය පච්චය, ඉන්‍ද්‍රිය අත්‍ථි පච්චය, ඉන්‍ද්‍රිය විගත පච්චය යයි මේ පච්චය තුන සංග්‍රහ වේ. මෙසේ මේ පච්චය අටේ එක එකෙහි මේ මේ පච්චය සංග්‍රහ වීයයි දැන යමක් යම්තැනක සංග්‍රහවීද ඒවා එහි ගණනින් ගන්නා ලදැයි දතයුතුය.