පච්චනීය ගණන වර්ණනාව
දැන් ‘එතෙ කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස’ යනාදිය අනුලෝම වශයෙන් පසළොස් වාරයක් දක්වන ලදි. යම්සේ පච්චනීයෙහි ද මේවාමය. මෙයින් උඩ නොවේ. පහළ නොවේ. එහෙයින් යම් යම් පච්චයට පච්චනීයෙහි යම් යම් වාර ලබාද ඒ ඒවා මුල පටන් ගණන වශයෙන් දැක්වීමට න හෙතුයා පත්තරසා යනාදිය අරඹන ලදි.
එහි ‘න හෙතුයා සියල්ල ද යම්සේ දක්වන ලද පච්චයන්ගේ වශයෙන් පසළොස ලබයි. නාරම්මණ සහජාතයෙහි හේතුපච්චය පිවිසේ. ඒ ඒ වාරයෙහි සුද්ධ ආරම්මණ පච්චය පිරිහෙයි. සෙසු පච්චය වශයෙන් ඒ වාර විසඳුම් ලයි. නාරම්මණයෙහි යම්සේද මෙසේ සෙසු ඒවායෙහිද සහජාතයෙහි හේතුපච්චය පිවිසෙයි. ඒ ඒ වාරයේ ද න උපනිස්සයේ අනන්තර යයි මෙසේ පච්චනීයෙන් සිටියේ පච්චය පිරිහෙයි. අවසේස පච්චය වශයෙන් ඒ ඒ වාර විසඳුම් ලබයි. න සහජාතයෙහි කුසල ධර්මය කුසලයට ද අබ්යාකතයට ද, අකුසල ධර්මය අකුසලයට ද අබ්යාකතයටද කුසලද අබ්යාකතද ධම්ම කුසලයට ද අකුසලද අබ්යාකතද ධම්ම අකුසලයටදැයි මේ වාර සතර පිරිහෙයි. මේවායේ පළමු දෙක සහජාත පච්චයෙන් පච්චය වේ යයි එකොළොස් පච්චයන් ගේ වශයෙන් එකම පච්චය සංග්රහ කියන ලදි. ඒවා එහි ප්රතික්ෂිප්ත වූ කල අන්ය ආකාරයකින් විසඳුම් නො ලබයි. අවසාන දෙකෙහි නිස්සය අත්ථි අවිගත පච්චය සඳහා ‘සහජාතං පුරෙජාතං’ යයි කියන ලදි. ඒවා සහජාතය ප්රතික්ෂේප කළ කල්හි අවසේස හේතු ආදියේ ද පුරෙජාතයන්ගේ ද නිස්සය අත්ථ අවිගතයන්ගේ වශයෙන් විසඳුම් නොලබයි. මේ වාර සතරද පිරිහෙයි. අවසේසයන්ගේ වශයෙන් එකොළොස කියන ලදි.
එහි හේතු ප්රතික්ෂේප කළා සේ සෙසු අධිපති ආදීන්ගේ වශයෙන් ඒ වාර ලදි. මෙසේ සහජාතය ප්රතික්ෂේප කළ කල්හි අවසේස හේතු ආදීන්ගේ වශයෙන් කුමක් නිසා නොලබාද? වෙනම බැවිනි. හේතු ආදිය සහජාතයන්ගේ ඒකදේස පමණකින් සප්පදේසය. එහෙයින් ඒවා ප්රතික්ෂේප කළ කල්හි අන්යයන්ගේ වශයෙන් ඒ වාර ලබයි. සහජාතය වනාහි වෙනම සියළු හේතු ආදිය ගනී, එහෙයින් එය ප්රතික්ෂේප කළවිට ඒ සියල්ල ප්රතික්ෂේප කළා වේ. අසහජාත හේතු පච්චය ආදිය නම් නැත. මෙසේ සහජාතයේ වෙනම බැවින් එය ප්රතික්ෂේප වූ විට සියළු ඒ වාර දෙකම නොලැබේ. සහජාතං පුරෙජාතං විසඳූ වාරවල කිසිම සහජාත පච්චයෙක් නැත. යම්සේ මෙහි සහජාත මෙන් අරූප ස්කන්ධ නිස්සය අත්ථි අවිගත වශයෙන් පච්චය වේ. සහජාතය ප්රතික්ෂේප වූ විට ඒකාන්තයෙන් සහජාත නිස්සය අත්ථි අවිගත ප්රතික්ෂේප වේ. එහෙයින් එය ප්රතික්ෂේප කළ බැවින් ඒ වාරද නොලැබේ. මෙසේ මෙහි මේ වාර සතර සියළු ආකාරයෙන් පිරිහේ. අවසේසයන්ගේ වශයෙන් එකොළොස කියන ලදි.
අඤඤ්මඤ්ඤ නිස්සය න සම්පයුත්තයෙහිද ඒ වාරම පිරිහේ. කුමක් හෙයින්ද, සහජාත ගත් බැවිනි. අරූප සහජාත පච්චය යම්සේ වෙන් වූ සතර අරූප ස්කන්ධ ගනී. එසේ අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත ද සහජාත ගතික බැවින් මේවායේ ද ප්රතික්ෂේප වූ බැවින් ඒ වාර නොලබයි. එයින් කියන ලදි. න අඤ්ඤමඤ්ඤ එකාදස, න නිස්සයෙ එකාදස, න සම්පයුත්තෙ එකාදස
මේ කිසිවක් අවිසේසයෙන් කුසලාදි භේද සතර ස්කන්ධයන්ගේ සංගාහක බැවින් සහජාතගතික වේ. කුසලය කුසලාබ්යාකතයට සහජාත පච්චය හැර අන් ආකාරයකින් පච්චය නොවේ. එහෙයින් එය ප්රතික්ෂේප වූ විට ඒ වාරය පිරිහේ. කුසලය වනාහි කුසලාබ්යාකතයේ අඤ්ඤමඤ්ඤ පච්චය නොවේ. එය ප්රතික්ෂෙප වූ විට ඒ වාරය කුමක් නිසා පිරිහේද? අඤ්ඤමඤ්ඤ පච්චය ධර්ම වශයෙන් පැවති ස්වභාවයෙන්. කුසලා බ්යාකතා කුසලයට සහජාත පච්චය යම්සේ නොවේද. සහජාත ධම්ම වශයෙන් නිස්සයාදි පච්චයවලින් පැවති ස්වභාවය නිසා ඒ වාරය පිරිහේ. න අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො පදයේ මේ අර්ථය යම් ධර්මයක් අඤඤ්මඤ්ඤ පච්චයේ සංග්රහ වීද ඒවායින් පච්චය නොවේ. කුසලයද කුසලාබ්යාකතවල සහජාතාදි වශයෙන් පච්චය වන්නේ අඤ්ඤමඤ්ඤ පච්චය ධර්මයේම පච්චය වේ. එහෙයින් එය ප්රතික්ෂේප වූ විට ඒ වාරය පිරිහේ. ඒ වාරය යම්සේද, එසේ සෙසු තුන යයි ඒ වාර සතරද පිරිහේ.
න නිස්සයෙ ඒකාදස මෙහිද යම්සේ ඒ වාරවල ඒකාන්තයෙන් සහජාත පච්චය ධර්මයම නිස්සය වූ, එහෙයින් නිස්සය ප්රතික්ෂේප වූ විට පිරිහේ. න පුරෙජාත තෙරස සහජාත පුරෙජාතං යයි කියන ලද විසඳුමේ දූමූලකයෙහි දෙක ඉවත්කර තෙළෙස, යම්සේ ඒ සහජාතය ප්රතික්ෂේප වූ විට පුරෙජාතයේම නිස්සය අත්ථි අවිගතයන්ගේ වශයෙන් විසඳුම් නොලැබේ. එසේ පුරේජාතයේ ද ප්රතික්ෂේප වූ විට සහජාතයේම නිස්සය අත්ථි අවිගතයන්ගේ වශයෙන් විසඳුම නොලැබේ. එහෙයින් ඒවා ඉවත්කර තෙළෙස යයි දතයුතුය.
න පච්ඡාජාතෙ පන්තරස මෙහි ‘පච්ඡාජාත පච්චයෙන පච්චයො’ යයි හෝ ‘සහජාතං පච්ඡාජාතං ආහාර ඉන්ද්රියං’ හෝ ආ තැන්වල පච්ඡාජාත හැර අවසේස වශයෙන් ඒවා ප්රශ්න ලබයි. එහෙයින් පසළොසම කියන ලදි. න කම්මෙ යනාදියෙහි යම්සේ කම්ම විපාක ආහාර ඉන්ද්රිය ඣාන මග්ග ද කුසලාදි භේද සතර ස්කන්ධයන්ගේ ඒකදේසයක්ම, එහෙයින් ඒ ධර්ම හැර අවසේස ධර්ම වශයෙන් සහජාත ධර්මය පච්චය වේ. එක ප්රශ්න විසඳුමක් නො පිරිහේ. න සම්පයුත්තෙ එකාදස යම්හෙයකින් ඒ වාර සතරෙහි සම්පයුත්ත ධම්ම සහජාතාදි පච්චයෙන් පච්චය වේ. එහෙයින් සම්පයුත්ත පච්චය ප්රතික්ෂේපයෙන් ඒ වාරම පිරිහේ යයි දතයුතුය. න විප්පයුත්තෙ නවා දූ මූලක ඒක අවසාන සතර, ඒක මූලක දුකාවසාන දෙකදැයි මේ වාර හය ඒකාන්තයෙන් විප්පයුත්ත පච්චය ධර්මයෙහි යුක්තය. ඒවා ‘සහජාතාදි වශයෙන් පච්චය වේ. එහෙයින් විප්පයුත්ත ප්රතික්ෂේප වීමෙන් ඒ සියල්ල පිරිහේ යයි නවයම ලැබේ. එයින් කියන ලදි. ‘න විප්පයුත්තෙ නවා’ නො අත්ථිනො අවිගතවලද ඒවාම දතයුතුය. ඒකාන්තයෙන් ඒ වාර අත්ති අවිගත පච්චය ධම්ම දතයුත්තය. එහෙයින් ඒවා ඒවායේ ප්රතික්ෂේපයෙන් පිරිහේ. යමක් ලබාද ඒවායෙහි ආරම්මණ වශයෙන් හෝ අනන්තරාදි වශයෙන් හෝ විසඳීම් කළයුතුය. සහජාත පුරෙජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය භේදයෙන් පහේ අත්ථි අවිගතයන්ගේ විප්පයුත්ත ධර්මයන්ගේ වශයෙන් හෝ නොකළ යුතුය.