අනුලෝම පච්චනීය වර්ණනාව
අනුලෝම පච්චනීයෙහි ‘හේතුවෙහි සහ අරමුණෙහි නවය’ මෙසේ අනුලෝමයෙහි ‘නහෙතුවෙහි පසළොස නාරම්මණයෙහි පසළොස’ යයි මෙසේ පච්චනීයෙහි ලැබූ පච්චය ගණන්වල යම් පච්චයක් අනුලෝම වශයෙන් සිටීද එහි අනුලෝමයෙහි ලැබූ වාර සමග යම් පච්චනීයෙන් සිටි පච්චනීයේ ලැබූ වාරවල සමාන වාර ඒවායේ වශයෙන් ගණන දතයුතුය. අනුලෝමයෙහි හේතු පච්චයේ හේතුවෙහි සත යයි වාර හතක් ලබන ලදි. පච්චනීයෙහි නාරම්මණ පච්චයෙහි නාරම්මණයෙහි පසළොස යයි පසළොස ලැබීය. ඒවායින් හේතුවෙහි සත යයි කියන ලද ඒවා සමග නාරම්මණයෙහි කියන ලද පසළොසෙහි කුසලය කුසලයට අබ්‍යාකතයට කුසලාබ්‍යාකතයට අකුසලය අකුසලයට අබ්‍යාකතයට අකුසලාබ්‍යාකතයට අබ්‍යාකතය අබ්‍යාකතයටදැයි මේ සත හා සමානය. ඒවා සඳහා හෙතුපච්චයා නාරම්මණ සත්තාති වුත්තං නාධිපතියා සත්තනි යනාදියෙහි ද මෙම නයම වේ.
න සහජාතයට වනාහි හේතු පච්චයේ අභාවයෙන් න සහජාතයෙහි එකක්වත් නොලැබේ. එහෙයින් එය සමග යෙදීම නොකළේය. න අඤ්ඤමඤ්ඤ කුසලාදි තුන රූපාබ්‍යාකතයට ලැබේ. ඒවා සඳහා තීණක යයි කියන ලදි. න සම්පයුත්තයෙහිද එසේය. න විප්පයුත්තයෙහි වනාහි කුසලය කුසලයට අකුසලය අකුසලයට, අබ්‍යාකතය අබ්‍යාකතයටද අරූප ධර්ම වශයෙන් තුන දතයුතුය. න හිස්සයට අත්‍ථයට අවිගත නාසහජාත මෙන් නොලැබේ යයි ඒවා සමග යෙදීම නො කළේය. මෙසේ මෙහි සත තුන දෙක ගණන වේ. ඒවායේ වශයෙන් අඩු ගණන සමග අතිරේක ගණනේ ද ගණන පිරිහෙළා පච්චය ගැටීම්වල ගණන දතයුතුය.
එහි හෙතු සහජාත නිස්සය අත්‍ථි අවිගතංති නාරම්මණෙ සත්ත යයි ‘කුසල ධර්මය කුසල ධර්මයට හේතු පච්චයෙන් පච්චය වේ. නාරම්මණ පච්චයෙන් පච්චය වේ. කුසල හේතු සම්පයුත්ත ස්කන්ධයන්ට හේතු පච්චයෙන් පච්චය වේ. සහජාත නිස්සය අත්‍ථි අවිගත පච්චයෙන් පච්චය වේ. නාරම්මණ පච්චයෙන් පච්චය වේ’ යයි මෙම නයින් සත් වාරයෙහි ඉදිරිය යුතුය. නාධිපතියා සත්ත යනාදියෙහි ද මෙම නයම වේ. දෙවන ගැටුමෙහි අඤ්ඤමඤ්ඤයට න සම්පයුත්ත හැර පිවිසි බව සෙසු තුන යයි කියන ලදි. න සම්පයුත්තයෙහි වනාහි අඤ්ඤමඤ්ඤ විප්පයුත්තය ප්‍රතිසන්ධි නම් රූපය සඳහා එකං යයි කියන ලදි. මෙහි අඤ්ඤමඤ්ඤ පච්චයද අනුලෝම ගැටුමෙහි පිවිසි බැවින් පච්චනීයෙන් නොලබයි. එහෙයින් න අඤ්ඤමඤ්ඤෙ යයි නො කියන ලදි. මෙහි යම්සේ ද මෙසේ සෙසු ගැටුම්වලද පිවිසි පච්චය පච්චනීයෙන් නොලබයි නොකියන ලදි. තෙවන ගැටුමෙහි සම්පයුත්තයට පිවිසි බැවින් සියලු තැන තුනම වේ. සිව්වන ගැටුමෙහි විප්පයුත්තයට පිවිසි බැවින් කුසලාදි තුන චිත්ත සමුට්ඨාන රූපයට. පහේ විපාකයට පිවිසි බැවින් සියළු තැන එක අබ්‍යාකතයෙන් අබ්‍යාකතය. මෙයින් පසුවද විපාක සම්පයුත්තවල මෙම නයම වේ.
හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති නාරම්මණෙ චත්තාරි කුසලය කුසලයට, අබ්‍යාකතයට, කුසලාබ්‍යාකතයට, අබ්‍යාකතය අබ්‍යාකතයට යන මේවායේ වශයෙන් දතයුතුය. සෙස්සෙහි ද මෙම නය වේ. මෙම උපායෙන් සියළු ගැටුම්වල ලැබීම් වශයෙන් ගණන දතයුතුය. සියළුම චේතනා මේ අනුලෝම පච්චනීයෙහි සහජාත වශයෙන් ද ප්‍රකීර්ණක වශයෙන්ද ගැටුම් හාරසිය පසළොසක් කියන ලදි. ඒවායෙහි ඒ ඒ ගැටුමෙහි යමක් අනුලෝම වශයෙන් පච්චය සිටියේ ද ඒවායේ එකකුදු පච්චනීයෙන් නොලබයි. හේතු මූලකයෙහිද පළමු ගැටුමේ අනුලෝමයෙන් පච්චය පහක් සිටි බැවින් පච්චනීයෙන් එකුන් විසි පච්චය ආවේය. මෙසේ සෙස්සෙහි ද අනුලෝමයෙන් සිටි අවසේසා පච්චනීයෙන් ආවේය. මෙහි අනුලෝමයෙන් බොහෝ සිටිකල්හි පච්චනීයෙන් එක එකම ආවේයයි දතයුතුය. හේතු මූලකයෙහි යම්සේද ආරම්මණ මූලක ආදියෙහිද එසේම සියළු මේ විධාන යථානුරූපව දතයුතුය.