පච්චනීයානුලෝම වර්ණනාව
පච්චනීයානුලෝමයෙහි ද ‘හේතුවෙහි සහ අරමුණෙහි නවය’ යයි මෙසේ අනුලෝමයෙහි ‘න හේතුවේ පසළොස, නාරම්මණයෙහි පසළොස’ යයි මෙසේ පච්චනීයෙහි ද පච්චයවල ලැබූ ගණන්වල යමක් පච්චනීයෙහි සිටියේද එය පච්චනීයෙන් ලැබූ වාරවල යමෙක් අනුලෝමයෙන් සිටි විට අනුලෝමයෙන් ලැබූ වාරවලින් සමාන වාර වේ. ඒවායේ වශයෙන් ගණන දතයුතුය. පච්චනීයෙහි නහෙතු පච්චයෙහි න හේතුවේ සතළොස යයි පසළොස්වාර ලැබීය. අනුලෝමයෙහි ආරම්මණ පච්චයෙහි ආරම්මණයෙහි නවය යයි නව වාර ලැබීය. එහි යමෙක් නහෙතුවේ පසළොස කියන ලදි. ඒවායෙහි යමෙක් නව වාර ආරම්මණයෙහි කියන ලද බැවින් නවයෙන් සමාන වේ. ඒවායේ වශයෙන් ගණන දතයුතුය. එහි යමෙක් ආරම්මණයෙහි නවය කියන ලද්දේද එයින් හේතුවෙන් කියන ලද පසළොසෙහි කුසලය කුසලය අකුසල අබ්යාකතවලට, අකුසලය අකුසල කුසල අබ්යාකතවලට, අබ්යාකතය අබ්යාකත කුසල අකුසලවලට යයි මේ නවයෙන් සමානය. ඒවා සඳහා න හෙතුයා ආරම්මණෙ නවා යයි කියන ලදි. අධිපතියා දසා ආදියෙහි ද මෙම නය වේ. ආරම්මණාදියෙහි අනුලෝම ගණනින් යම් වාර කියන ලදද, න හෙතු පච්චය සමග සැසඳීමෙන් ද ඒ සියල්ල ලැබේ යයි දතයුතුය. ‘කුසල ධම්මය කුසල ධම්මයට නහෙතු පච්චයෙන් පච්චය වේ. ආරම්මණ පච්චයෙන් පච්චය වේ. දන් දී සිල් සමාදන් වී පෙහෙවස් රැක එය ප්රත්යවේක්ෂා කරයි. පෙර යහපත් පුරුදු ප්රත්යවේක්ෂා කෙරේ යයි මේ උපායෙන් ඒවායේ පෙළ ඉදිරිය යුතුය.
න හෙතු පච්චය අධිපතියා දස මෙහි වීමංසාධිපති හැර සෙසු අධිපති වශයෙන් අනුලෝම විභංගයෙහි ආ වාර ඉදිරිය යුතුය. මෙසේ මෙහි නවය, දහය, හත, තුන, තෙළෙස, එක යයි ගණන සයකි. ඒවායේ වශයෙන් අඩුතම ගණන සමග අතිරේක ගණනේ ද ගණන අඩුකර නහේතු මූලකාදි නයේ තිමූලකාදියේ සියළු සසැඳීම්වල ගණන දතයුතුය. මෙය සාධාරණ ලක්ෂණය. මෙය සියළු සැසඳීම්වල නොවේ. යම් පච්චය සමග යම් පච්චයවල සැසඳීමේ යම් වාර විරුද්ධ වේද, ඒවා ඉවත්කර අවසේසයන්ගේ වශයෙන් මෙහි ගණන දතයුතුය.
න හෙතු පච්චයා නාරම්මණ පච්චයා අධිපති පච්චයා සත්ත මෙහි කුසලය අකුසලයට, අබ්යාකතය කුසලයට අකුසලයට යයි මේ ආරම්මණාධිපති වශයෙන් ලබන තුන්වාරය විරුද්ධ වේ. කවර හෙයින්ද? නාරම්මණ පච්චය යයි කියන ලද බැවිනි. එහෙයින් ඒවා ඉවත්කර මෙහි සහජාතාධිපති නයෙන් කුසලයට කුසලයට, අබ්යාකතයට, කුසලබ්යාකතයට, අකුසලය අකුසලයට, අබ්යාකතයට, අකුසලාබ්යාකතයට, අබ්යාකතය අබ්යාකතයට යයි සත්වාරය දතයුතුය. ඒවා ද නහෙතු පච්චයා යයි වචනයෙන් වීමංසාධිපති හැර සෙසු අධිපතීන්ගේ වශයෙන්. මෙසේ සියළු තැන ඌනතර ගණන පච්චය වශයෙන් ද අවිරුද්ධ ගණන වශයෙන්ද ගණන දතයුතුය.
යම් පච්චයවල යම් පච්චය පච්චනීය වශයෙන් සිටිවිට අනුලෝම වශයෙන් නොසිටී. ඒවා දතයුතුය. කෙසේද? අනන්තරය පච්චනීය වශයෙන් නොසිටී. සහජාතය පච්චනීය වශයෙන් සිටිවිට හෙතු අඤ්ඤමඤ්ඤ විපාක ඣාන මග්ග සම්පයුත්ත අනුලෝම වශයෙන් නොසිටී, නිස්සය පච්චනීය වශයෙන් සිටිවිට වත්ථු පුරෙජාත අනුලෝම වශයෙන් නොසිටී. ආහාරය හෝ ඉන්ද්රිය හෝ පච්චනීය වශයෙන් සිටිවිට හේතු අඤ්ඤමඤ්ඤ විපාක ඣාන මග්ග සම්පයුත්ත අනුලෝම වශයෙන් නොසිටී, ආරම්මණය වනාහි පච්චනීය වශයෙන් සිටිවිට අධිපති උපනිස්සය අනුලෝම වශයෙන් නොසිටී. ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය වනාහි නොලබයි. මෙම උපායෙන් සියළු තැන යමක් ලබයිද යමක් නො ලබයිද එය දැන ලැබීම් වශයෙන් වාර ඉදිරිය යුතුය.
එහි සියළු තිමූලකාදියෙහි අනන්තරයෙහි සත ආදියෙහි දුක මූලකයෙහි ලැබූ වාරම වේ. සත් මූලකාදියෙහි වනාහි න සහජාත පච්චයා නිස්සයෙ තීණි පුරෙජාත වශයෙන් වත්ථු නිස්සයෙහි තුන වේ. කම්මයෙහි දෙක නා නා ක්ෂණික වශයෙනි. ආහාරයෙහි එක, කබලීකාර ආහාර වශයෙනි. ඉන්ද්රියෙහි එක, රූප ඉන්ද්රිය සය වශයෙනි. ක්රමයෙන් ගොස්, විප්පයුත්තෙ තීණි කුසලාදියේ අබ්යාකත කෙළවර පච්ඡාජාත වශයෙනි. අත්ථි අවිගතෙසු පඤ්ච ඒවා මෙන්ම තුන, කුසලා බ්යාකත අබ්යාකතයට, අකුසල අබ්යාකතය අබ්යාකතයටදැයි මේ දෙක, පච්ඡාජාත ආහාර ඉන්ද්රිය වශයෙනි. පච්ඡාජාත පච්චයෙන් පච්චනීය භාවයේ සිට අත්ථි අවිගතෙසු එකං අබ්යාකතය අබ්යාකතයට. ආහාර ඉන්ද්රිය වශයෙනි. නාහාර ගත්කල නඉන්ද්රිය පච්චය ගතයුතුය. න ඉන්ද්රිය ගත්කල එසේ ආහාර පච්චය, කවර හෙයින්ද? දෙක එකක් වශයෙන් ගත්කල ගිණිය යුතු වාර අභාවයෙන්, ඣාන මග්ගාදියෙහි ද පච්චනීය වශයෙන් සිටි කල ආහාරයෙන් හෝ ඉන්ද්රියෙන් හෝ එක අනුලෝමයක් නොකොට අවසානයෙහි ඉන්ද්රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, ආහාරෙ එකං, අවිගතෙ එකං යයි කියන ලදි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් වේ.
නහෙතු මූලක නිමි.
නාරම්මණ මූලකාදියෙහි න අඤ්ඤමඤ්ඤ මූලකයෙහි න අඤ්ඤමඤ්ඤ පච්චයා හෙතුයා තීණි අකුසලාදිය චිත්ත සමුට්ඨානයන්ගේ. අධිපතියා අට්ඨ අධිපති කියන ලද දහයෙහි කුසලය කුසල අබ්යාකතයට, අකුසලය අකුසල අබ්යාකතයටදැයි දෙක ඉවත්කර සෙසු අට. සහජාතෙ පඤ්ච හේතුවෙහි කියන ලද තුන සමග කුසලයද අබ්යාකතයද අබ්යාකතයට, අකුසලයද අබ්යාකතයද අකුසල අබ්යාකතයටදැයි මේ දෙක. නිස්සයෙ සත්ත ඒ පහ සමග අබ්යාකතය කුසලයට, අබ්යාකතය අකුසලයටදැයි මේ දෙක වස්තු වශයෙන්. කම්මෙ තීණි හේතුවෙහි කියන ලදමය. සෙසු තිකයෙහි ද මෙම නයම වේ. අධිපතියා තීණි යට කියන ලද වේ.