2. වේදනාත්තික වර්ණනාව
වේදනා ත්‍රිකයෙහි වේදනා තුන රූප නිවන යයි මේ ධම්ම නොලබයි. එහෙයින් එකං ඛන්‍ධං පටිච්ච ද්වෙ ඛන්‍ධා යනාදිය කියන ලදි. පටිසන්‍ධික්ඛණෙ සුඛාය වෙදනාය සහේතුක ප්‍රතිසන්ධි වශයෙන් කියන ලදි. දුක්ඛ වේදනාව ප්‍රතිසන්ධියෙහි නොලබා යයි දෙවන වාරයෙහි ප්‍රතිසන්ධි ග්‍රහණය නොකරන ලදි. තුන්වන වාරයෙහි පටිසන්‍ධික්ඛණෙ සහේතුක ප්‍රතිසන්ධි වශයෙන් කියන ලදි. මෙහි සෙස්ස මෙයින් පසු පච්චයවල පෙළම පමුණුවයි. සියළු තැන වාර තුන තුන කියන ලදි. එයින් කියන ලදි. හෙතුයා තීණි......අවිගතෙ තීණි.
පච්චය සැසඳීමේ වනාහි සහේතුක විපාක දුක්වේදනාවේ අභාවයෙන් හේතුමූලක නයෙහි විපාකෙ ද්වෙ යයි කියන ලදි. අධිපති ආදිය සමග සැසඳීමෙහි ද විපාකයෙහි දෙකක්මය. කුමක් නිසාද? විපාකයෙහි දුක් වේදනාවේ අධිපති ඣාන මග්ගවල අභාවයෙන්. යමක් සමග සැසඳීමේ විපාකයෙහි වාර දෙකක් වෙයි. විපාකය සමග සැසඳීමෙහි ඒ දෙකම.
පච්චනීයෙහි න පුරෙජාතයෙහි ආරුප්පයෙහි ද ප්‍රතිසන්ධියද දුක් වේදනාවේ අභාවයෙන් වාර දෙක ආවේය. න විප්පයුත්තයෙහි ද ආරුප්පයෙහි දුක් නැති හෙයින් දෙකමය. සියළු අරූප ධර්ම පරිග්‍රාහක (අයිතිකොට ගන්නා) සහජාතාදි පච්චය මේ පච්චනීය වාරයෙහි පිරිහේ. කුමක් නිසාද? වේදනා සම්ප්‍රයුක්ත ධර්මයට වේදනා සම්පයුත්ත නිසා සහජාතාදියෙන් වෙන්ව නූපදීමෙන්. පච්ඡාජාත පච්චයෙන් වෙන්වම උත්පත්ති හේතුවෙන්.
පච්චය සැසඳීමේ වනාහි න පුරෙජාතයෙහි එක යයි අරූපයෙහි ද ප්‍රතිසන්ධියෙහි ද අහේතුක අදුක්ඛමසුඛ වේදනා සම්පයුත්තය සඳහා කියන ලදි. න කම්මෙ ද්වෙ යයි අහේතුක කිරිය සම්පයුත්ත චේතනා වශයෙන් කියන ලිද. සුඛ උපෙක්ඛා වේදනා සම්පයුත්ත ධර්මයන් නිසා ඒ වේදනාවලින් යුත් අහේතුක කිරිය චේතනා උපදී. නහෙතු පච්චය නවිපාකයෙහි ද මෙම නයම වේ. න විප්පයුත්තෙ එතං යයි අරූපයෙහි ආවර්ජන වශයෙන් කියන ලදි. මේ උපායෙන් සියළු සැසඳීම්වල ගණන දතයුතුය.
අනුලෝම පච්චනීයෙහි ලද පච්චයම පච්චනීයෙන් සිටී. පච්චනීයානු ලෝමයෙහි සියළු අරූප ධර්ම පරිග්‍රාහක සහජාත ආදිය අනුලෝමයෙන්ම සිටී. පච්චනීයෙන් නොවේ. අහේතුක චිත්තුප්පාදයට වනාහි අධිපති නැතැයි අධිපති පච්චය අනුලෝමයෙන් නොසිටී. පටිච්ච වාර ආදියෙහි වනාහි පච්ඡාජාතය අනුලෝමයෙන් නොලැබේම යයි පිරිහිණි. මෙහි යමක් අනුලෝමයෙන් ලබාද ඒවා පච්චනීයෙන් ලැබෙන ඒවා සමග පෙරළීද යෙදේමය. ඒවායෙහි තුන දෙක එක යයි තුනක්ම වාර පිරිසිඳීම් වේ. ඒවා සියළු තැන සුදුසු සේ සැලකිය යුතුය. මේ පටිච්ච වාරයෙහි යමෙක් කියන ලදද සහජාත වාරාදියෙහි ද මේ වර්ණනා නයම වේ.
ප්‍රශ්න වාරයෙහි වනාහි සම්පයුත්තකානං ඛන්‍ධානං යයි එය සමග සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ගේ ඒවා සමගම හෝ හේතුසැප වේදනාවලින් හෝ
විප්පටිසාරිස්ස දානාදියෙහි (විපිළිසර වන්නේය.) මවිසින් මෙය කරන ලදි. නරක ලෙස මෙය මා කරන ලදි. නොකළේ නම් හොඳ වන්නේ යයි මෙසේ විපිළිසර වන්නේය. ධ්‍යාන පරිහානිය වනාහි ධ්‍යානයෙන් මා පිරිහුනේය. මෙසේ විපිළිසර වන්නේය. මොහො උප්පජ්ජති මෝහය දෝස (තරහ) සම්ප්‍රයුක්තය. එසේ මොහං ආරබ්භ දෝසයෙන් යුත් මෝහයම.