3. විපාක තික වර්ණනාව
විපාකත්තිකයෙහි විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උඵ්පජ්ජති හෙතුපච්චයා යයි යම් තෙළෙස් වාර කියන ලදි. ඒවා සංක්ෂේප කර ගණන දැක්වීමට හේතුයා තෙරස යයි කියන ලදි. ආරම්මණෙ පඤ්ච යනාදියෙහි ද මෙම නයයි. මෙසේ මෙහි තෙළෙස, පහ, නවය, හත, තුන, දෙක යයි ගණන පරිච්ඡේද හයකි. එ්වායේ වශයෙන් පච්චය සැසඳීමේ යට කියන ලද නයින්ම ගණන දතයුතුය.
පච්චනීයෙහි විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති නහෙතු පච්චයා යම් න හෙතු පච්චයෙහි දස වාරයක් කියන ලදි. ඒවා හකුළුවා ගණන දැක්වීමට න හෙතුයා දස යයි කියන ලදි. න ආරම්මණෙ පඤ්ච යනාදියෙහි ද මෙම නය වේ. මෙසේ මෙහි දහය, පහ, තෙළෙස, දොළොස, දෙක, එක, එක, නවය, තුන යයි ගණන පරිච්ඡේද අටකි. ඒවායේ වශයෙන් පච්චය සැසඳීමේ යට කියන ලද නයින්ම විස්තර වශයෙන් ගණන දතයුතුය. පෙළ වනාහි සංක්ෂිප්තය. මේවායේම ලැබූ ගණන පරිච්ඡේද වශයෙන් සසඳා අනුලෝම පච්චනීයද පච්චනීය අනුලෝමයද දතයුතුය.
සහජාත වාරය මෙය මෙන් එක ගතිකය. පච්චය නිස්සය සංසට්ඨ සම්පයුත්ත වාර පෙළෙහි මෙන් පමුණුවයි.
ප්රශ්න වාරයෙහි කුසලා කුසලෙ නිරුද්ධෙ මෙහි විපස්සනා වශයෙන් පැවති කුසලයෙහි ඇලීම් වශයෙන් පැවති අකුසලයෙහි ද නිරුද්ධ විය. විපාකො තදාරම්මණතා උප්පජ්ජති කාමාවචර විපාකය තදාරම්මණ බව පිණිස උපදී. යම් විපස්සනා ජවනයන්ගේ විචිකිච්ඡා උද්ධච්චයන්ගේ අවසානයෙහි තදාරම්මණ නැතැයි කියති. එය මේ පෙළින් ප්රතිෂේධ කළයුතුය. ආකාසානඤ්චායතන කුසලං විඤ්ඤාණඤ්චායතනස්ස කිරියස්ස ආරම්මණ පච්චයෙන පච්චයො රහත්බවට පැමිණ පෙර සම නොවැදුණු සමාපත්ති පටිලෝම වශයෙන් සමවැදෙන්නාගේ වශයෙන් කියන ලදි. මේ උපායෙන් සියළු විසඳුම්වල මනාව පෙළ පරීක්ෂාකොට අර්ථය දතයුතුය.
හෙතුයා සත්ත, ආරම්මණෙ නව, අධිපතියා දස ආදියෙහි ද සහජාතාධිපති වශයෙන් ආරම්මණාධිපති වශයෙන් පුරෙජාත නිස්සය වශයෙන් අනන්තරූපනිස්සය වශයෙන් ආරම්මණ උපනිස්සය වශයෙන් සහජාත නිස්සය වශයෙන් ප්රකෘති උපනිස්සය වශයෙන් සහජාත විප්පයුත්ත වශයෙන් පුරෙජාත විප්පයුත්ත වශයෙන්දැයි යම් පමණ විසඳුම් ලබාද ඒ ඒ තැන ඒ සියල්ල සැලකිය යුතුය. එසේ පච්චනීයාදියෙහි ද අනුලෝම වශයෙන් හෝ ඉදිරීම, අනුලෝම වශයෙන් ලද වාරවල පච්චනීය වශයෙන් ගණන, පච්චය සැසඳීම, අනුලෝම පච්චනීය පච්චනීයානුලෝමයෙහි ද සුද්ධිවල මෙන්ම සංසන්දන වශයෙන් පැවති හේතු මූලකාදියෙහි ද ලබන වාර ගණන, නොලැබෙන්නන්ගේ නොලැබෙන බව යන සියල්ල යට කියන ලද නයින්ම දතයුතුය.
මෙහි යම්සේ ද මෙයින් පසුව ද තික දුකවල මෙසේය. පට්ඨාන පකරණයෙහි පෙළම අනන්තය. අප්රමාණය. එහි පද පිළිවෙලින් අර්ථය වර්ණනා කරමියි පිළිපන්නහුට අති දීර්ඝායුෂ වූයේද ආයුෂ නො පොහොනේය. එහි ඒක දේසයක් එක් කොටසක් වර්ණනා කොට සෙස්ස නය වශයෙන් දැක්වීමෙන් අර්ථය දැනගැනීමට නොහැකි වේ. එහෙයින් මෙයින් පසු මෙපමණද නොකියා සෙසු තික දුකවල යට නොකියන ලද ප්රකාර ඇති යම් යම් කිවයුතු අවශ්ය දේ ඒ ඒ තැන්වල කියමු. යමක් නොකියා යන්නෙමු නම් එය පෙළෙහි නයින්ම දතයුතු වෙත්.
විපාක තික වර්ණනා නිමි.
4. උපාදින්නත්තිකවණ්ණනා
උපාදාන උපාදානිය තිකයේ ප්රශ්න වාරයේ වත්ථු උපාදානියානං ඛන්ධානං පුරෙජාත පච්චයෙන පච්චයො පැවැත්ම සඳහා කියන ලදි. ප්රතිසන්ධියෙහි වනාහි ඒ පුරෙජාත නොවේ.
උපාදින්නුපාදානියො කබලීකාරාහාරො උපාදින්නුපාදානියස්ස කායස්ස ආහාර පච්චයෙන පච්චයො මෙහි උපාදින්න උපාදානිය කබලීකාර ආහාර නම් කම්ම සමුට්ඨාන රූපයන්ගේ අභ්යන්තරගත ඕජාවය. උපාදින්නුපාදානියස්ස කායස්ස ඒ කම්ම සමුට්ඨාන රූප කයට ආහාර පච්චයෙන් පච්චය වේ. රූප ජීවිතේන්ද්රිය මෙන් කටත්තා රූපවලට අනුපාලන උපස්ථම්භන වශයෙන් පච්චය වේ. ජනක වශයෙන් නොවේ. ගෙම්බන් ආදි සතුන් ගිල සිටි සර්පයන්ගේ කයට දිවමින් ගෙඹි ආදීන්ගේ ශරීර ඕජාව ආහාර පච්චයෙන් පච්චය වේ යයි කියති. එය නො ගත යුතුය. ජීවමාන ශරීරයේ ඕජා අනෙකෙකුගේ ශරීරයට ආහාර පච්චයභාවය නො සාදයි. අනුපාදින්නුපාදානියස්ස කායස්ස මෙහි වනාහි ජනක වශයෙන් ද ලබයි. උපාදින්නුපාදානියස්ස ච මෙහි එකකට උපස්ථම්භක වශයෙන් එකකට ජනක වශයෙන් දෙකටම හෝ උපස්ථම්භක වශයෙන්ම කියන ලදි. ආහාර දෙක එක පච්චයෙන් වන්නේ උපස්ථම්භකම වේ. ජනක නොවේ. මෙහි සෙස්ස පෙළම මනාව බලා දතයුතුය.
5-22. සඞ්කිලිට්ඨත්තිකාදිවණ්ණනා
සංකිලිට්ඨ සංකිලෙසි තිකයෙහි සියල්ල කුසලත්තිකයෙහි කියන ලද අනුසාරයෙන්ම දතයුතුය.
විතක්ක තිකයෙහි යථා කම්මූපග ඤාණයට පරිකර්ම යයි දිබ්බචක්ඛු පරිකර්මයම එය ඉපදීම සඳහා පරිකර්ම වේ. ඉපදීමෙන් පසු ජීවත්වන කාලයෙහි පරිකර්ම සඳහා මෙය කියන ලදි. මෙහි සෙස්ස පෙළෙහි මෙන් පැමිණේ.
පීති තිකයෙහි සුඛ සහගත භවංගං උපෙක්ඛා සහගතස්ස භවංගස්ස අනන්තර පච්චයෙන තදාරම්මණ භවංග මූල භවංගයන්ගේ වශයෙන් කියන ලදි. මෙහි සෙසු සියල්ල පෙළ වශයෙන්ම දතයුතුය.