පඤ්හ වාරයෙහි ගැළපීමේ අනුලෝම ගණන
දැන් මෙහි ලැබූ විසඳුම් ගණන වශයෙන් දැක්වීමට හෙතුයා සත්ත යනාදිය දක්වන ලදි. එහි සත්ත යනු කුසලයෙන් කුසලය, අබ්යාකතය, කුසල අබ්යාකත යයි තුනකි. එසේම අකුසලයෙන්, අබ්යාකතයෙන් අබ්යාකත යයි සත වේ. ආරම්මණෙ නවා ඒක මූලක ඒක වසන යයි නවය, අධිපතියා දස කුසලය කුසලයට සහජාත මෙන්ම ආරම්මණ වශයෙන් ද අකුසලය ආරම්මණ වශයෙන් අබ්යාකතයට සහජාත වශයෙන් මෙන්ම ආරම්මණ වශයෙන් ද අබ්යාකතයට සහජාත වශයෙන් මෙන්ම ආරම්මණ වශයෙන් ද කුසල අබ්යාකතයට සහජාත වශයෙන්දැයි කුසල මූලක සතරකි. අකුසලය අකුසලයට සහජාත වශයෙන්, එසේ අකුසල අබ්යාකතයටදැයි අකුසල මූලක තුනකි. අබ්යාකතය අබ්යාකතයට සහජාතද ආරම්මණ වශයෙන්ද කුසලයට අරමුණු වශයෙන්ද එසේ අකුසලයටදැයි අබ්යාකත මූලක තුනකි. මෙසේ දහයකි. මෙහි වනාහි ආරම්මණ අධිපතිද සත් ආකාරයකින් ද සහජාත අධිපති ද සත් අයුරින්ම ලබයි.
අනන්තරෙ සත්ත කුසල මූලක දෙක, අකුසල මූලක ද එසේය. අබ්යාකත මූලක තුන මෙසේ සතකි. සමනන්තරයෝද මේවාමය. සහජාතෙ නව කුසල මූලක තුන, අකුසල මූලක තුන, අබ්යාකත මූලක එක, එසේම කුසලබ්යාකත මූලක, අකුසලාබ්යාකත මූලකදැයි මෙසේ නවයක් වේ. අඤ්ඤමඤ්ඤෙ තීණි කුසලයෙන් කුසලය, අකුසලයෙන් අකුසලය, අබ්යාකතයෙන් අබ්යාකතයදැයි මෙසේ තුනක් වේ. නිස්සයෙ තෙරසානි සහජාතයෙන් කුසල මූලක තුන, එසේම අකුසල මූලක, අබ්යාකත මූලක එසේය. මෙහි පුරේජාත ද ලබයි. අබ්යාකතය අබ්යාකතයට සහජාතද වේ. පුරේජාතද වේ. කුසලයට පුරේජාතය. අකුසලයට ද එසේය. නැවත කුසලා බ්යාකතය සහජාත පුරේජාත වශයෙන් කුසලයට සහජාත වශයෙන් අබ්යාකතයට අකුසලා බ්යාකතයට එසේමයයි මෙසේ තෙළෙස වේ. උපනිස්ස නවා ඒක මූලකයෙහි ඒක අවසානයේ නවය, ඒවායෙහි විභංගයෙහි තෙවිසි භේදයක් දක්වන ලදි. ඒවායින් ආරම්මණ උපනිස්සයෙහි සත. අනන්තර උපනිස්සයෙහි සත ප්රකෘති උපනිස්සයෙහි නවය වේ. පුරෙජාතෙ තීණි අබ්යාකතය අබ්යාකතයට, කුසලය අබ්යාකතයට, අකුසලය අබ්යාකතයට යයි මෙසේ තුනක් වේ.
ආසෙවනෙ තීණි අඤ්ඤමඤ්ඤයට සමානය. කම්මෙ සත්ත හේතුවලට සමානය. එහි විසඳුම් දෙකක නා නා ක්ෂණික කම්ම ද ආයේය. පහේ සහජාතමය. විපාකෙ එකං අබ්යාකතයෙන් අබ්යාකතය. ආහාර ඉන්ද්රිය ඣාන මග්ගෙසු සත්ත හේතු හා සමානය. මෙහි ඉන්ද්රිය වනාහි සහජාත පුරෙජාත වශයෙන් ආවේය. සම්පයුත්තෙ තීණි අඤ්ඤමඤ්ඤ හා සමානය. විප්පයුත්තෙ පඤ්ච සහජාත පච්ඡාජාත වශයෙන් කුසලයෙන් අබ්යාකතය අකුසලෙන් අබ්යාකතය සහජාත පුරෙජාත පච්ඡාජාතවලින් අබ්යාකතයෙන් අබ්යාකතය, වත්ථු පුරේජාතයෙන් අබ්යාකතයෝ කුසලය, එසේ අකුසලය යයි එක් කුසල මූලයකි. එක් අකුසල මූලයකි. අබ්යාකත මූල තුනකි. මෙසේ පහක් වේ.
අත්ථියා තෙරස සහජාත කුසලයෙන් කුසලය, සහජාත පච්ඡාජාත කුසලයෙන් අබ්යාකතය, සහජාත කුසලයෙන් කුසලබ්යාකත යයි කුසල මූල තුනකි. එසේම අකුසල මූල, සහජාත පුරෙජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය වශයෙන් අබ්යාකතයෙන් අබ්යාකතය. වත්ථු ආරම්මණ පුරෙජාත වශයෙන් අබ්යාකතයෙන් කුසලය. එසේම අකුසලය. සහජාත පුරෙජාත වශයෙන් කුසලයද අබ්යාකතයද කුසලයට, ඒ අබ්යාකතයට, සහජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය වශයෙන් අකුසලයද අබ්යාකතයද අකුසලයට, ඒ අබ්යාකතයට සහජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය වශයෙන් මෙසේ තෙළෙස. නත්ථි විගතෙසු සත්ත අනන්තර හා සමානය. අවිගතෙ තෙරස අත්ථි හා සමානය. මෙසේ මෙහි සත ගණන පිරිසිඳීමය. එක, තුන, පහ, හත, නවය, දහය, දහතුන යයි වේ. ඒවායෙහි විපාක වශයෙන් එකම එකක්, අඤ්ඤමඤ්ඤ, පුරෙජාත පච්ඡාජාත ආසෙවන සම්පයුත්ත වශයෙන් පහේ තුන, විප්පයුත්ත වශයෙන් එකම පංචකයක්, හෙතු අනන්තර, සමනන්තර කම්ම ආහාර ඉන්ද්රිය ඣාන මග්ග නත්ථි විගත වශයෙන් දස සත්තක වේ. ආරම්මණ සහජාත උපනිස්සය වශයෙන් තුන නවක, අධිපති වශයෙන් එකක්, දසක, නිස්සය අත්ථි අවිගත වශයෙන් තුන තෙළෙස යයි මෙසේ එහි පච්චයන් නිද්දිට්ඨ වාරයෙහි ගණන් වශයෙන් මනාව සලකා ඒවායේ වශයෙන් දුක තිකාදියෙහි පච්චය සැසඳීමෙන් ගණන් දතයුතුය.
යම් ප්රත්යයෙන් යම් ප්රත්යයන්ට විෂභාග හෝ විරුද්ධ වෙත්ද ඒවා ඒවා සමග නොයෙදිය යුතුය. කෙසේද? හේතු පච්චයට ආරම්මණ අනන්තර සමනන්තර උපනිස්සය පුරෙජාත පච්ඡාජාත කම්ම ආසේවන ආහාර ඣාන නත්ථි විගත අධිපති පච්චයද හැර සෙසු අධිපති විසභාගය. සහජාත ආදිය සභාගය. කවර හෙයින්ද එසේ භාව භාව වශයෙන් හේතු පච්චය යමකට හේතු පච්චය වේද, ඒවා සහජාතාදි පච්චයද වේ. ආරම්මණ පච්චය වනාහි නොවේ යයි ආරම්මණාදිය ඊට විසභාග නම් වේ. එහෙයින් එය ඒවායින් ඒවා හෝ එය සමග නොයෙදිය යුතුය. පුරෙජාත පච්ඡාජාත සම්පයුත්ත විප්පයුත්ත අත්ථි නත්ථි විගත අවිගතද අඤ්ඤමඤ්ඤ විරුද්ධ වේ. ඒවා ද අඤ්ඤමඤ්ඤ නොයෙදිය යුතුය. එහි නොයෙදීම හැර යෙදිය යුතු යෝගයෙහි යමෙක් වාර ලබයිද ඒවා සංක්ෂේපයෙන් දැක්වීමට හෙතුපච්චයා අධිපතියා චත්තාරි යනාදිය කියන ලදි.