පඤ්හවාර විභංග වර්ණනාව
ප්‍රශ්න වාරයේ ‘කුසල ධර්මය කුසල ධර්මයේ හේතු ප්‍රත්‍යයෙන් පච්චය වන්නේය’ යනාදියෙන් කුසල ත්‍රිකයෙහි ඉදිරිය යුතු ඇසීම්වල ලැබීම් වශයෙන් විසඳීම දැක්වීමට කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතු පච්චයෙන පච්චයො යනාදිය කියන ලදි. මේ කුසලය නම් තමා උපදින පච්ඡාජාත සහ විපාක හැර සෙසු දෙවිසි පච්චයෙන් උපදියි. පුරෙජාත පච්ඡාජාත විපාක විප්පයුත්ත පච්චය හැර කුසලයට ප්‍රත්‍යවෙමින් සෙසු විසි පච්චයවලින් පච්චය වේ. එහෙයින් යම් පච්චයකින් කුසලය කුසලයට පච්චය වේද ඒ පච්චය පිළිවෙලින් දැක්වීමට හේතුපච්චයෙන යනාදිය ඇරඹූහ.
එහි යම් මෙය පච්චය විභංග වාරයෙහි මෙන් හේතු සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ යයි නොකොට හෙතුසම්පයුත්තකානං ඛන්‍ධානං යයි දේශනා කෙළේය. ඒ කාරණයේම මේ ප්‍රයෝජනයයි. එහි ශූන්‍යාර්ථය දැක්වීමට ධර්මයන්ගේ යයි කියන ලදි. මෙහි පච්චයෙන් උපදින ධර්ම රාශි වශයෙන් උපදී. එක එකින් රාශි අර්ථය දැක්වීමට ඛන්‍ධානං යයි කියන ලදි. පටිච්ච වාරාදියෙහි හෝ ස්කන්ධ වශයෙන් පටිච්ච සමුප්පන්න දේශනා පැන නැංගේ යයි එම අනුක්‍රමයෙන්ම මෙහිද නැංගේය. කුමක් හෙයින් මෙසේ පැනනැංගේද? අසංඛාර වශයෙන් විභාග දැක්වීම සඳහාය. එක් ධර්මයක් නිසා සෙසු ධර්ම යයි ආදි නයින් කියන කල්හි අසවල් නම් ධර්මය නිසා අසවල් ධර්මය යයි අසංඛාර වශයෙන් පච්චය ද පච්චයුප්පන්නයන් ද දැනගැනීමට නොහැකි වේ. මෙසේ ඇති කල්හි උද්දේස නිද්දේස විශේෂයක් නොවේ. එහෙයින් අසංඛාර වශයෙන් විභාග දැක්වීම සඳහා මෙසේ නගන ලදැයි දතයුතුය. චිත්ත සමුට්ඨානානං මෙය යම් අව්‍යාකෘතයකට හේතු පච්චයෙන් පච්චය වේ. එයම දැක්වීමට කියන ලදි. පච්චය විභංගයෙහි වනාහි කුසලාදි වශයෙන් විභාග නොකොට සාමාන්‍යයෙන් සියල්ලේ හේතු වශයෙන් උපන් රූප දැක්වීම සඳහා චිත්ත සමුට්ඨානං යයි නොකියා ඒ හටගැනීම්වල යයි කියන ලදි. එහෙයින් එහි අව්‍යාකත හේතු සමුට්ඨාන රූප බැසගන්නා ක්‍ෂණයෙහි කටත්තා රූප ද සංග්‍රහයට ගියේය. මේ උපායෙන් මෙබඳු සෙසු තැන්වලද විසඳුම්වල අර්ථ දැනගත යුතුය.
දානං දත්‍වා යයි දේය ධර්ම අත්හැර, යම් චේතනාවකින් එය දෙනු ලැබේද, ඒ චේතනාව දානයයි. දත්‍වා යයි ඒ චේතනාව පිරිසිදුකොට විසුද්ධ කොට. සීලං සමාදයිත්‍වා පංචංගික වශයෙන් නිත්‍ය ශීලය ගෙන. මෙයින් සමාදාන විරතිම දක්වන ලදි. සම්පත්ති විරති සමුච්ඡේද විරති වනාහි ලොවේ සීල යයි අප්‍රකට බැවින් නොකියන ලදි. කිසිවක් නොකියන ලදි. ආරම්මණ පච්චය වනාහි වේමය. එහි සමුච්ඡේද විරතිය ශෛක්‍ෂයින්ටම කුසලයේ අරමුණ වේ. අන් අයට නොවේ. උපොසථ කම්මං කත්‍වා ‘ප්‍රාණ නොනසයි. නුදුන් දේ නොගනී’ යයි කියන ලදි. පොහෝ දිනවල අටසිල් සමාදන්ව. තං පච්චවෙක්ඛති ඒ කුසලය ශෛක්‍ෂයෝ ද පෘථග්ජනයෝ ද ප්‍රත්‍යවේක්‍ෂා කරයි. රහතන් වහන්සේ ද හෝ ප්‍රත්‍යවේක්‍ෂා කෙරේමය. රහතන් වහන්සේගේ පෙර කළ කුසලය කුසලම වේ. යම් සිතකින් මෙනෙහි කෙරේද එය කිරිය සිතක්ම වේ. එහෙයින් මේ කුසල ධර්මය කුසල ධර්මයාගේ යයි මේ අධිකාරයෙහි නොලබයි. පුබ්බෙ සුචිණ්ණානි දී සමාදන් වී කොට යයි ආසන්නයෙහි කරන ලදැයි කියන ලදි. මේවා ආසන්නයෙහි නොකරන ලදැයි දතයුතුය. දානාදි සෙසු කාමාවචර කුසල දැක්වීමට මෙය කියන ලදි. ඣානං වුට්ඨහිත්‍වා ධ්‍යානයෙන් නැගිට. හේ ගෝත්‍රභූ සිත මෙනෙහි කරයි. වොදානං මෙය වනාහි සකදාගාමි අනාගාමින් සඳහා කියන ලදි. ඔවුන්ගේ ඒ සිත පිරිසිදු වේ. මග්ගා වුට්ඨහිත්‍වා මාර්ග ඵල භවංග අතික්‍රමණ වශයෙන් තමා ලද මාර්ගයෙන් නැගිට. සුද්ධ මාර්ගයෙන් නැගිට වනාහි ප්‍රත්‍යවේක්‍ෂා නැත.
කුසලං අනිච්චතො මෙහි විපස්සනාවට පැමිණි ත්‍රෛභූමක කුසලයම දතයුතුය. විපස්සනා කුසලය කාමාවචරමය. චෙතොපරිය ඤාණෙන රූපාවචර කුසලය දක්වයි. ආකාසානඤ්චායතනං යනාදියෙන් අරූපාවචර කුසල් අරමුණු වශයෙන් උපදින අරූපාවචර කුසලම වේ. කුසලා ඛන්‍ධා ඉද්ධිවිධ ඤාණස්ස ආදියෙන් පුද්ගලයා පරාමර්ශනය නොකොට ධර්මය වශයෙන්ම දක්වයි. එහෙයින්ම මෙහි යට ගන්නා ලද චෙතෝපරිය ඤාණය නැවත කියන ලදි.
අස්සා දෙති සොම්නස් සහගත ලෝභ සම්ප්‍රයුක්ත සිත්වලින් අනුභවනය ද ඇලීමද වේ. අභිනන්‍දති ප්‍රීතිය සහිත තෘෂ්ණා වශයෙන් සතුටු වේ. තුටු පහටු වේ. දැකීම් සතුටෙන් හෝ සතුටු වේ. රාගො උප්පජ්ජති ආශ්වාදනය කරන්නාට රාගය උපදී. මේ අටම ලෝභ සහගතයන් ගෙන කියන ලදි. දිට්ඨි උප්පජ්ජති සතුටු වූවහුට තමා තමා කෙරෙහි ආදි වශයෙන් සතර සිත්වලින් යුක්තව දිට්ඨිය උපදී. ස්ථිර නිගමනයට (තීරණයට) නොගිය තැනැත්තාට විචිකිච්ඡාව උපදී. වික්‍ෂෙප වූ තැනැත්තාට උද්ධච්චය. කලණ දහම් නොකරන ලදැයි විපිළිසර වූයේ දොම්නස. තං ආරබ්භ ඒ පිරිසිදු අරමුණු කොට යන අර්ථය වේ. [missing trans]