9. උපනිස්සය පච්චය නිද්දේසය
උපනිස්සය පච්චය නිද්දේසයෙහි පුරිමා පුරිමා යයි අනන්තර උපනිස්සයෙහි සමනන්තර අතීත ලබයි. ආරම්මණ උපනිස්ස ප්රකෘති උපනිස්සයවල නානා වීථි වශයෙන් පුරිමතරය. ඒ රාශි තුනම කුසල වශයෙන් කුසලය පදය ලබයි. කුසලයෙන් වනාහි අකුසලයෙහි සමනන්තර අතීත නොලබයි. එයින් කියන ලදි. අකුසලානං ධම්මානං කෙසඤ්චි උපනිස්සය පච්චයෙන පච්චයො මෙය වනාහි කුසල ධර්මය අකුසල ධර්මයට උපනිස්සය පච්චයෙන් පච්චය වේ. ආරම්මණ උපනිස්සය, ප්රකෘති උපනිස්සය වශයෙන් වේ. ආරම්මණ උපනිස්සය දන් දී සිල් සමාදන් වී උපෝසථ කර්ම කොට එය ගුරුකොට ආශ්වාස කරයි. එය ගුරු රාගය උපදියි. දෘෂ්ටිය උපදියි. පෙර යහපත් ක්රියා ගරුකොට ආශ්වාද කරයි. සතුටුවෙයි. එය ගරුකොට රාගය උපදියි. දෘෂ්ටිය උපදියි. ධ්යානයෙන් නැගිට ධ්යානය ගරුකොට ආශ්වාද කරයි. සතුටු වෙයි. එය ගරුකොට රාගය උපදී. දෘෂ්ටිය උපදී. ප්රකෘති උපනිස්සය ශ්රද්ධාව නිසා මානය ජපකරයි. දෘෂ්ටිය ගනියි. සීල, සුත, චාග, පඤ්ඤා ඇසුරුකොට මානය මතුරයි. දෘෂ්ටිය ගතිය. සද්ධා, සීල සුත චාග පඤ්ඤා රාගයට දෝසයට මෝහයට මානයට දෘෂ්ටියෙන් පැතුමෙන් උපනිස්සය පච්චයෙන් පච්චය වේ. මෙම නය සඳහා කියන ලදි. කුසලයෙන් අව්යාකෘතයෙහි තුනම ලැබේ. අකුසලයෙන් එසේම අකුසලයෙහි.
අකුසලෙන් වනාහි කුසලයෙහි සමනන්තර අතීතය නොලබයි. එයින් කියන ලදි. කුසලානං ධම්මානං කෙසඤ්චි උපනිස්ස පච්චයෙන පච්චයොති මෙයද :- අකුසල ධර්ම කුසල ධර්මයට උපනිස්සය පච්චයෙන් පච්චය වේ. ප්රකෘති උපනිස්සය රාගය ආශ්රයකොට දන් දෙයි. සිල් සමාදන් වේ. ධ්යාන උපදවයි. විපස්සනා උපදවයි. මාර්ගය උපදවයි. අභිඤ්ඤා උපදවයි. සමාපත්ති උපදවයි. දෝස, මෝහ, මාන, දිට්ඨි, ප්රාර්ථනා ඇසුරුකොට දන්දෙයි. සමාපත්ති උපදවයි. රාග, දෝස, මෝහ, මාන, දිට්ඨි, පත්ථනා, ශ්රද්ධාවට, සීලයට, සුතයට, ත්යාගයට, ප්රඥාවට උපනිස්සය පච්චයෙන් පච්චය වේ. ප්රාණය නිසා ඒ පටිඝාතය සඳහා දන් දෙයි. ආදි නයින් ප්රශ්න වාරයෙහි ආ ප්රකෘති උපනිස්සය සඳහා කියන ලදි. අකුසලය වනාහි කුසලයට ආරම්මණ උපනිස්සය නොවේ. කුමක් නිසාද? එය ගරුකොට එය නොපවත්වන හෙයිනි. අනන්තර උපනිස්සය මෙන් මෙසේ ආරම්මණ උපනිස්සය ද මෙහි නොලැබේ යයි දතයුතුය. අකුසලයෙන් අබ්යාකත පදයෙහි ආරම්මණ උපනිස්සය නොලැබේ. අබ්යාකත ධර්ම අකුසලය ගරු නොකරයි. යම්හෙයකින් වනාහි අනන්තර බව ලබයිද එහෙයින් මෙහි කිසිවක් නොකියන ලදි. අබ්යාකතයෙන් වනාහි අබ්යාකත කුසලයෙහි අකුසලෙහි යයි තුන් නයෙහි තුන ද උපනිස්සය ලබයි. පුග්ගලොපි සෙනාසනම්පි මේ දෙක ප්රකෘති උපනිස්සය වශයෙන් කියන ලදි. මේ දෙක කුසල අකුසල පැවැත්මෙන් බලවත් ප්රත්ය වේ. මෙහි පච්චයභාවය වනාහි පරියාය වශයෙන් දතයුතුය. මේ පෙළෙහි වර්ණනාවයි.
මේ උපනිස්සය පච්චය නම් එක් ප්රඥප්තියක් සමග සියළුම චතුභූමක ධර්ම වේ. විභාග වශයෙන් වනාහි ආරම්මණ උපනිස්සය ආදි වශයෙන් ත්රිවිධ වේ. එහි ආරම්මණ උපනිස්සය ආරම්මණ අධිපති විසින් නානා කරන නොකරන ලදැයි යට කියන ලද නයින් ම නා නා ප්රකාර භේද වශයෙන් ගතයුතුය. අනන්තර උපනිස්සය අනන්තර පච්චයෙන් නින් නානා කරණ ලදි. එය යට කියන ලද නයින්ම නා නා ප්රකාර භේද වශයෙන් දතයුතුය. පච්චය උප්පන්න වශයෙන් එහි කියන ලද නයින් ම විනිශ්චය දතයුතුය. ප්රකෘති උපනිස්සය වනාහි ජාති වශයෙන් කුසල අකුසල විපාක කිරිය රූප භේදයෙන් පංචවිධ වේ. කුසලාදීන්ගේ වනාහි භූමි භේදයෙන් අනේකවිධ යයි මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි ත්රෛභූමක කුසලය චතු භූමක කුසලයට ද අකුසලයට විපාක කිරියටදැයි රාසි හතරට ප්රකෘති උපනිස්සය වේ. ලෝකෝත්තර අකුසලයට නොවේ. අපගේ ආචාර්යවරයන් විසින් ලෝකෝත්තර ධර්මය උපදවන ලදැයි මෙම නයින් වනාහි අන්යයන් අකුසල් ද වේ. යමෙකුට හෝ උපදින්නේ ද ඔහුටද අනුත්තර විමෝක්ෂවල ආශාවෙන් උපස්ථාන කරවයි මෙම නයින් වේ. අකුසලය සියළු චතුභූමක ඛන්ධවලට ප්රකෘති උපනිස්සය වේ. ත්රෛභූමක විපාකය ද එසේය. ලෝකෝත්තර විපාකයෙහි යටම තුන්පල අකුසල නොවේ. උපරි කුසලයද පෙර නයෙන් වනාහි අන්යයන්ට හෝ යමෙකුට හෝ උපදින්නේය. ඔහුගේ සන්තානයෙහි සියළු ලෝකෝත්තර විපාකය සියළු කුසල් ආදිය අරූප ස්කන්ධවලට ප්රකෘති උපනිස්සය වේ. කිරිය නියමය ද ප්රකෘති උපනිස්සය චතුභූමක කුසලාදි ස්කන්ධවලට වේමය. රූප නියමයද එසේය. ස්වකීය රූපය මේ පට්ඨාන ප්රකරණයෙහි ආවා වූ නයින් උපනිස්සය පච්චය නොලබයි. සූත්රාන්තික පරියායෙන් වනාහි ලැබේ යයි කීමට වටී. මෙසේ මෙහි වර්තමාන වශයෙන් ද විනිශ්චය දතයුතුය.
උපනිස්සය පච්චය නිද්දේසය නිමි.
10. පුරෙජාත පච්චය නිද්දේසය
පුරෙජාත පච්චය නිද්දේසයෙහි පුරෙජාත පච්චයෙන පච්චයො යයි මෙහි පුරේජාත නම් යමෙකුට පච්චය වේ. එයින් පෙර උපන් ජාති ක්ෂණය නොඉක්මවා ඨීති ක්ෂණයට පැමිණි. චක්ඛායතනං යනාදි වස්තු පුරේජාත වශයෙන් කියන ලදි. රූපායතනං ආරම්මණ පුරේජාත වශයෙන්. කිඤ්චිකාලෙ පුරෙජාත පච්චයෙන පැවතීම සඳහා කියන ලදි. කිඤ්චිකාලෙ න පුරෙජාත පච්චයෙන ප්රතිසන්ධිය සඳහා කියන ලදි. මෙසේ හැම ආකාරයෙන්ම පඤ්ච ද්වාරයෙහි වස්තු ආරම්මණ වශයෙන් මනෝද්වාරයේ වස්තු වශයෙන් ද පෙළෙහි ආයේය. පඤ්ච ද්වාරයෙහි වනාහි ආරම්මණ පුරේජාතය සේඛයෝ හෝ පෘථග්ජනයෝ හෝ ඇස අනිත්ය දුක්ඛ අනාත්ම වශයෙන් බලත් යයි ආ බැවින් මනෝද්වාරයේ ද ආරම්මණ පුරේජාත ලැබේ. මෙහි වනාහි සාවසේස (ඉතිරියක් ඇතිව) වශයෙන් දේශනාව කරන ලදැයි මේ එහි පෙළ වර්ණනාවයි.