10. පුරෙජාත පච්චය නිද්දේසය
පුරෙජාත පච්චය නිද්දේසයෙහි පුරෙජාත පච්චයෙන පච්චයො යයි මෙහි පුරේජාත නම් යමෙකුට පච්චය වේ. එයින් පෙර උපන් ජාති ක්ෂණය නොඉක්මවා ඨීති ක්ෂණයට පැමිණි. චක්ඛායතනං යනාදි වස්තු පුරේජාත වශයෙන් කියන ලදි. රූපායතනං ආරම්මණ පුරේජාත වශයෙන්. කිඤ්චිකාලෙ පුරෙජාත පච්චයෙන පැවතීම සඳහා කියන ලදි. කිඤ්චිකාලෙ න පුරෙජාත පච්චයෙන ප්රතිසන්ධිය සඳහා කියන ලදි. මෙසේ හැම ආකාරයෙන්ම පඤ්ච ද්වාරයෙහි වස්තු ආරම්මණ වශයෙන් මනෝද්වාරයේ වස්තු වශයෙන් ද පෙළෙහි ආයේය. පඤ්ච ද්වාරයෙහි වනාහි ආරම්මණ පුරේජාතය සේඛයෝ හෝ පෘථග්ජනයෝ හෝ ඇස අනිත්ය දුක්ඛ අනාත්ම වශයෙන් බලත් යයි ආ බැවින් මනෝද්වාරයේ ද ආරම්මණ පුරේජාත ලැබේ. මෙහි වනාහි සාවසේස (ඉතිරියක් ඇතිව) වශයෙන් දේශනාව කරන ලදැයි මේ එහි පෙළ වර්ණනාවයි.
මෙය වනාහි පුරෙජාත පච්චය සුද්ධ රූපයම වේ. එය ද උත්පාද ක්ෂණය නො ඉක්මවා ඨිති භාවයට පැමිණි අටළොස් ආකාර වූ රූපයම වේ. ඒ සියල්ලම වස්තු පුරේජාත ආරම්මණ පුරේජාත යයි දෙයාකාරයකින් සිටියේය. එහි චක්ඛු ආයතනය..... කාය ආයතනය වස්තු රූපයයි මෙය වස්තු පුරේජාත නම් වේ. සෙස්ස මේ පෙළෙහි ආවා වූද අනාගතයද වර්ණ, ශබ්ද, ගන්ධ, රස, සතර ධාතු ඉන්ද්රිය තුන, කබලීකාර ආහාරය යයි දොළොස් ආකාර රූපය ආරම්මණ පුරේජාත යයි මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ දෙකට පුරේජාත පච්චයෙන් පච්චය වේ. ඉතිරි සෝතාදි සතර විඤ්ඤාණයට ද එසේය. වස්තු රූපය වනාහි පඤ්ච විඤ්ඤාණ හැර ආරුප්ප විපාක සතරෙහි ද සෙසු සියළු චතු භූමක කුසල අකුසල අව්යාකතවලට චිත්ත චෛතසිකයන්ට පුරේජාතය පච්චය වේ. රූපාදිය වනාහි පඤ්චද්වාර අරමුණු වේ. දෙපස් විඤ්ඤාණයන්ට ද මනෝධාතුවලටද ඒකාන්තයෙන්ම පුරේජාත පච්චය වේ. මේ රූපාරූප අටළොස් ආකාරය, කාමාවචර කුසලයට රූපාවචර වශයෙන් අභිඤ්ඤා කුසලයට තදාරම්මණ කාමාවචර කිරියට රූපාවචරයෙන් අභිඤ්ඤා කිරියටදැයි මේ රාසි සයට පුරේජාත පච්චය වේ යයි මෙසේ මෙහි පච්චය උප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.
පුරේජාත පච්චය නිද්දේසය නිමි.
11. පච්ඡාජාත පච්චය නිද්දේසය
පච්ඡාජාත පච්චය නිද්දේසයෙහි පච්ඡා ජාතා යයි යමෙකුගේ කයට පච්චය වේ. එහි ඉපදී සිටිකල්හි උපන්. පුරෙජාතස්ස ඒවායේ ඉපදීම්වලින් මුලින් උපන් ජාති ක්ෂණය නො ඉක්මවා ඨිතියට පැමිණියට. ඉමස්ස කායස්ස මේ චතු සමුට්ඨානික ති සමුට්ඨානික භූත පාදාය රූපයයි කියන ලද කයට. මෙහි ද තිසමුට්ඨාතික කායො ආහාර සමුට්ඨාන අභාවයෙන් බ්රහ්ම පාරිසජ්ජාදීන්ගේ කය දැනගත යුතුය. මේ මෙහි පෙළ වර්ණනාවයි. මෙය වනාහි පච්ඡාජාත පච්චය නම් සංක්ෂෙපයෙන් ආරුප්ප විපාක හැර අවශේෂ චතුභූමක අරූප ස්කන්ධ එය ජාති වශයෙන් කුසල අකුසල විපාක කිරිය භේදයෙන් සතර ආකාරයට බෙදේ යයි මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි පංචවෝකාර භවයෙහි උපන් චතුභූමක කුසලයද අකුසලය ද උපන් ක්ෂණය නො ඉක්මවා ඨිතියට පැමිණියහුට චතු සමුට්ඨානික තිසමුට්ඨානික රූප කයට පච්ඡාජාත පච්චය වේ. ප්රතිසන්ධි විපාකය හැර විපාකයෙහි ද අවසේස කාමාවචර රූපාවචර විපාකය එයටම ඒකාන්තයෙන් පච්ඡාජාත වේ. ලෝකෝත්තරයෙහි ද පංචවෝකාරයෙහි උපන් විපාකය එයටම පච්ඡාජාත පච්චය වේ. ත්රෛභූමක කිරියද පංචවෝකාරයෙහි උපන් කියන ලද ආකාර කයට පච්ඡාජාත පච්චය වේ යයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන්ද විනිශ්චය දතයුතුය.