11. පච්ඡාජාත පච්චය නිද්දේසය
පච්ඡාජාත පච්චය නිද්දේසයෙහි පච්ඡා ජාතා යයි යමෙකුගේ කයට පච්චය වේ. එහි ඉපදී සිටිකල්හි උපන්. පුරෙජාතස්ස ඒවායේ ඉපදීම්වලින් මුලින් උපන් ජාති ක්‍ෂණය නො ඉක්මවා ඨිතියට පැමිණියට. ඉමස්ස කායස්ස මේ චතු සමුට්ඨානික ති සමුට්ඨානික භූත පාදාය රූපයයි කියන ලද කයට. මෙහි ද තිසමුට්ඨාතික කායො ආහාර සමුට්ඨාන අභාවයෙන් බ්‍රහ්ම පාරිසජ්ජාදීන්ගේ කය දැනගත යුතුය. මේ මෙහි පෙළ වර්ණනාවයි. මෙය වනාහි පච්ඡාජාත පච්චය නම් සංක්‍ෂෙපයෙන් ආරුප්ප විපාක හැර අවශේෂ චතුභූමක අරූප ස්කන්ධ එය ජාති වශයෙන් කුසල අකුසල විපාක කිරිය භේදයෙන් සතර ආකාරයට බෙදේ යයි මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි පංචවෝකාර භවයෙහි උපන් චතුභූමක කුසලයද අකුසලය ද උපන් ක්‍ෂණය නො ඉක්මවා ඨිතියට පැමිණියහුට චතු සමුට්ඨානික තිසමුට්ඨානික රූප කයට පච්ඡාජාත පච්චය වේ. ප්‍රතිසන්ධි විපාකය හැර විපාකයෙහි ද අවසේස කාමාවචර රූපාවචර විපාකය එයටම ඒකාන්තයෙන් පච්ඡාජාත වේ. ලෝකෝත්තරයෙහි ද පංචවෝකාරයෙහි උපන් විපාකය එයටම පච්ඡාජාත පච්චය වේ. ත්‍රෛභූමක කිරියද පංචවෝකාරයෙහි උපන් කියන ලද ආකාර කයට පච්ඡාජාත පච්චය වේ යයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන්ද විනිශ්චය දතයුතුය.
පච්ඡාජාත පච්චය නිද්දේසය නිමි.
12. ආසෙවන පච්චය නිද්දේසය
ආසේවන පච්චය නිද්දේසයෙහි පුරිමා පුරිමා සියළු නයවල සමනන්තර අතීතබව දතයුතුය. එහෙයින් මෙහි අනන්තර පච්චයෙහි මෙන් ‘පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං’ යනාදි නයින් වෙනස් ජාතීන් සමග නිද්දේස නො කරන ලදද? තමාගේ ගතිය ගැන්වීමට අසමර්ථ බැවින්, වෙනස් ජාතිකයෝ වෙනස් ජාතිකයින්ට අරූප ධම්මානං අරූප ධර්මවලට ආසේවන ගුණයෙන් ප්‍රගුණ බලවත් බව සාදමින් තමාගේ කුසලාදි භාව ගතිය ගැන්වීමට නොහැකි වේ. එහෙයින් ඒවා සමග නිද්දේසය නොකොට යමෙක් ඔවුන්ගේ වාසනා සංඛයාත ආසේවනයෙන් ප්‍රගුණ බව බලවත් බවින් විශිෂ්ඨ වූ තමාගේ කුසලාදි භාව ගතිය ගැන්වීමට හැකිවේ. ඒවායේ ඒවා සමග සමාන ජාතිකයන් සමගම නිද්දේසය කරන ලදැයි දතයුතුය. ඉක්බිති විපාක අබ්‍යාකත කුමක් නිසා නො ගන්නා ලදද? ආසේවන අභාවයෙන්, විපාකයෙහි කර්ම වශයෙන් විපාක භවයට පැමිණ කම්ම පරිණාමය මෙන් වී පවතී. නිරුත්සාහ දුර්වල එය ආසේවන ගුණයෙන් තමාගේ ස්වභාවය ගන්වා වඩා නෙවසඤ්ඤා විපාකය ඉපදවීමට හැකිය. පෙර විපාක අනුභාවයෙන් ගෙන ඉපදවීමට යයි කර්ම වේගයෙන් තබන ලද වැටුනාක් මෙන් වී උපදී යයි විපාකයෙහි සියළු ආකාරයෙන් ආසේවන නැතැයි ආසේවන අභාවයෙන් විපාකය නොගන්නා ලදි. කුසල අකුසල කිරිය අනතුරු උපදින්නේ ද මෙය කර්ම ප්‍රතිබද්ධ පැවැත්මෙන් ආසේවන නොගනී යයි කුසලාදියටද ආසේවන පච්චය නොවේ. තවද නා නා ජාතික බවද මෙහි නොවේ. භූමි වශයෙන් වනාහි ආරම්මණ වශයෙන් හෝ නා නා ජාතික බව නම් නැත. එහෙයින් කාමාවචර කුසල කිරිය මහග්ගත කුසල කිරියවලට ද සංඛාර අරමුණ ද අනුලෝම කුසලය නිවන් අරමුණට ගොත්‍රභූ කුසලයට ආසේවන පච්චය වේයයි මේ එහි පෙළ වර්ණනාවයි. මේ ආසේවන පච්චය ජාති වශයෙන් කුසල, අකුසල, කිරියඅබ්‍යාකත යයි තුන් විදියකින් සිටියේය. එහි කුසලය භූමි වශයෙන් කාමාවචර, රූපාවචර, අරූපාවචර යයි ත්‍රිවිධය. අකුසලය කාමාවචරමය. කිරිබ්‍යාකතා කාමාවචර, රූපාවචර, අරූපාවචර යයි ත්‍රිවිධය. ලෝකෝත්තරයට ආසේවන පච්චය නම් නැතැයි මෙසේ මෙහි නා නා ප්‍රකාර බේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි කාමාවචර කුසලය තමාගේ අනතුරු කාමාවචර කුසලයටම, යමක් වනාහි මෙහි ඤාණ සම්පයුත්තද, එය තමා හා සමාන වේදනා රූපාවචර කුසලයට අරූපාවචර කුසලයට ලෝකෝත්තර කුසලයටදැයි මේ රාසිවලට ආසේවන පච්චය වේ. රූපාවචර කුසලය වනාහි රූපාවචර කුසලයට ද අරූපාවචර කුසලය අරූපාවචර කුසලයට ද අකුසලය වනාහි අකුසලයට ආසේවන පච්චය වේ. කිරියෙන් වනාහි කාමාවචර කිරිය නියමයෙන් කාමාවචර කිරියටම යමෙක් ඤාණ සම්පයුත්ත වේද එය තමා හා සමාන වේදනා රූපාවචර කිරියට අරූපාවචර කිරියටදැයි මේ රාසිවලට ආසේවන පච්චය වේ. රූපාවචර කිරිය නියමයෙන් වනාහි රූපාවචර කිරියටම අරූපාවචර කිරිය නියමයෙන් අරූපාවචර කිරියටම ආසේවන පච්චය වේ. විපාකය වනාහි එක් ධර්මයකට එක් ධර්මයක් හෝ කිසි විපාකයකට ආසේවන පච්චය නැතැයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.