12. ආසෙවන පච්චය නිද්දේසය
ආසේවන පච්චය නිද්දේසයෙහි පුරිමා පුරිමා සියළු නයවල සමනන්තර අතීතබව දතයුතුය. එහෙයින් මෙහි අනන්තර පච්චයෙහි මෙන් ‘පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං’ යනාදි නයින් වෙනස් ජාතීන් සමග නිද්දේස නො කරන ලදද? තමාගේ ගතිය ගැන්වීමට අසමර්ථ බැවින්, වෙනස් ජාතිකයෝ වෙනස් ජාතිකයින්ට අරූප ධම්මානං අරූප ධර්මවලට ආසේවන ගුණයෙන් ප්‍රගුණ බලවත් බව සාදමින් තමාගේ කුසලාදි භාව ගතිය ගැන්වීමට නොහැකි වේ. එහෙයින් ඒවා සමග නිද්දේසය නොකොට යමෙක් ඔවුන්ගේ වාසනා සංඛයාත ආසේවනයෙන් ප්‍රගුණ බව බලවත් බවින් විශිෂ්ඨ වූ තමාගේ කුසලාදි භාව ගතිය ගැන්වීමට හැකිවේ. ඒවායේ ඒවා සමග සමාන ජාතිකයන් සමගම නිද්දේසය කරන ලදැයි දතයුතුය. ඉක්බිති විපාක අබ්‍යාකත කුමක් නිසා නො ගන්නා ලදද? ආසේවන අභාවයෙන්, විපාකයෙහි කර්ම වශයෙන් විපාක භවයට පැමිණ කම්ම පරිණාමය මෙන් වී පවතී. නිරුත්සාහ දුර්වල එය ආසේවන ගුණයෙන් තමාගේ ස්වභාවය ගන්වා වඩා නෙවසඤ්ඤා විපාකය ඉපදවීමට හැකිය. පෙර විපාක අනුභාවයෙන් ගෙන ඉපදවීමට යයි කර්ම වේගයෙන් තබන ලද වැටුනාක් මෙන් වී උපදී යයි විපාකයෙහි සියළු ආකාරයෙන් ආසේවන නැතැයි ආසේවන අභාවයෙන් විපාකය නොගන්නා ලදි. කුසල අකුසල කිරිය අනතුරු උපදින්නේ ද මෙය කර්ම ප්‍රතිබද්ධ පැවැත්මෙන් ආසේවන නොගනී යයි කුසලාදියටද ආසේවන පච්චය නොවේ. තවද නා නා ජාතික බවද මෙහි නොවේ. භූමි වශයෙන් වනාහි ආරම්මණ වශයෙන් හෝ නා නා ජාතික බව නම් නැත. එහෙයින් කාමාවචර කුසල කිරිය මහග්ගත කුසල කිරියවලට ද සංඛාර අරමුණ ද අනුලෝම කුසලය නිවන් අරමුණට ගොත්‍රභූ කුසලයට ආසේවන පච්චය වේයයි මේ එහි පෙළ වර්ණනාවයි. මේ ආසේවන පච්චය ජාති වශයෙන් කුසල, අකුසල, කිරියඅබ්‍යාකත යයි තුන් විදියකින් සිටියේය. එහි කුසලය භූමි වශයෙන් කාමාවචර, රූපාවචර, අරූපාවචර යයි ත්‍රිවිධය. අකුසලය කාමාවචරමය. කිරිබ්‍යාකතා කාමාවචර, රූපාවචර, අරූපාවචර යයි ත්‍රිවිධය. ලෝකෝත්තරයට ආසේවන පච්චය නම් නැතැයි මෙසේ මෙහි නා නා ප්‍රකාර බේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි කාමාවචර කුසලය තමාගේ අනතුරු කාමාවචර කුසලයටම, යමක් වනාහි මෙහි ඤාණ සම්පයුත්තද, එය තමා හා සමාන වේදනා රූපාවචර කුසලයට අරූපාවචර කුසලයට ලෝකෝත්තර කුසලයටදැයි මේ රාසිවලට ආසේවන පච්චය වේ. රූපාවචර කුසලය වනාහි රූපාවචර කුසලයට ද අරූපාවචර කුසලය අරූපාවචර කුසලයට ද අකුසලය වනාහි අකුසලයට ආසේවන පච්චය වේ. කිරියෙන් වනාහි කාමාවචර කිරිය නියමයෙන් කාමාවචර කිරියටම යමෙක් ඤාණ සම්පයුත්ත වේද එය තමා හා සමාන වේදනා රූපාවචර කිරියට අරූපාවචර කිරියටදැයි මේ රාසිවලට ආසේවන පච්චය වේ. රූපාවචර කිරිය නියමයෙන් වනාහි රූපාවචර කිරියටම අරූපාවචර කිරිය නියමයෙන් අරූපාවචර කිරියටම ආසේවන පච්චය වේ. විපාකය වනාහි එක් ධර්මයකට එක් ධර්මයක් හෝ කිසි විපාකයකට ආසේවන පච්චය නැතැයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.
ආසේවන පච්චය නිද්දේසය නිමි.
13. කම්ම පච්චය නිද්දේසය
කම්ම පච්චය නිද්දේසයෙහි කම්මං චේතනා කර්මයම. කටත්තා ච රූපානං කර්මයේ කටත්තා උපන් රූපයන්ගේ කම්ම පච්චයෙන අනේක කල්පකෝටි මත්තෙහි තමාගේ ඵලය ඉපදවීමට සමත් බැවින් නා නා ක්‍ෂණික කර්ම පච්චයෙන් යන අර්ථයයි. කුසල අකුසලවල කර්මය තමාගේ පවත්ති ක්‍ෂණයෙහි ඵල නොදේ. ඉදින් දෙන්නේ නම් යම් මනුෂ්‍යයෙක් දෙව්ලෝගාමී කුසල කර්මයක් කරයිද එය ආනුභාවයෙන් ඒ කෙණෙහි දෙවියෙක් වන්නේය. යම් ක්‍ෂණයක එය කරන ලදද එයින් අනිත් ක්‍ෂණයක විද්‍යමාන නොවේද හුදෙක් කටත්තා පමණක් මෙම ආත්මයෙහි උපදී හෝ වෙනත් අවස්ථාවක හෝ අවසේස පච්චය එක්වූ කල්හි ඵල උපදවයි. නිරුද්ධ වීමද පළමු ශිල්පාදි ක්‍රියා මෙන් කාලාන්තරයෙහි පැසුළු ශිල්පාදි ක්‍රියාවෙන් එහෙයින් නා නා ක්‍ෂණික කම්ම පච්චය යයි කියයි. චේතනා සම්පයුත්තකානං ධම්මානං යම් චේතනාවක් තමා සම්පයුත්ත ධර්මයන්ගේ තං සමුට්ඨා නානන්ති මේ ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි කටත්තා රූපද ගනී. කම්ම පච්චයෙන මේ සහජාත චේතනා සඳහා කියන ලදි. කුසලාදියෙහි යම්කිසි චේතනාවක් සෙසු ධර්මයන්ගේ චිත්ත ප්‍රයෝග නියමයෙන් කිරිය අභාවයෙන් උපකාරක වේ. එහෙයින් සහජාත කම්ම පච්චයයි කියයි. මෙහි පෙළ වර්ණනාවයි.
මෙය කම්ම පච්චය වනාහි අර්ථ වශයෙන් චතුභූමක චේතනා පමණක්ම වේ. එය ජාති භේදයෙන් කුසල, අකුසල, විපාක, කිරිය යයි සතරාකාරය. එහි කුසලම භූමි වශයෙන් කාමාවචරාදි වශයෙන් සතරාකාරය. අකුසල ඒකාකාරය. විපාකය සතරවිධය. කිරිය තුන් අයුරුයයි මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි සහජාත කාමාවචර කුසල චේතනා පංචවෝකාරයෙහි තමා හා සම්ප්‍රයුක්ත ධර්මවලට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද චතුවෝකාරයෙහි සම්ප්‍රයුක්ත ස්කන්ධ ධ්‍යානවලටද සහජාත කම්ම පච්චය වේ. ඉපදී නිරුද්ධ වූ තමාගේ විපාකවලට ස්කන්ධයන්ට කටත්තා රූපවලට නා නා ක්‍ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ. එය ද වනාහි පංචවෝකාරයේමය. අන්තැනක නොවේ. සහජාත රූපාවචර කුසල චේතනා තමා හා සම්ප්‍රයුක්ත ධර්මයන්ට චිත්ත සමුට්ඨාන රූපවලටද ඒකාන්තයෙන් සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. ඉපදී නිරුද්ධ වූ තමාගේ විපාකවලටද කටත්තා රූපවලටද නා නා ක්‍ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ. අරූපාවචර වනාහි ලෝකෝත්තර සහජාත කුසල චේතනා ද පංචවෝකාරයෙහි තමා හා සම්පයුත්ත ධම්මවලට ද චිත්ත සමුට්ඨාන රූපවලට ද චතුවෝකාරයෙහි සම්පයුත්ත ස්කන්ධ ධ්‍යාන ද සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. ඉපදී නිරුද්ධ වූවෝ වනාහි ද්විධ වෙති. තම තමාගේ විපාක ස්කන්ධ ධ්‍යානවලට නා නා ක්‍ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ. සහජාත අකුසල චේතනා පංචවෝකාරයෙහි තමා හා සම්ප්‍රයුක්ත ස්කන්ධවලටද චිත්ත සමුට්ඨාන රූපවලටද චතුවෝකාරයෙහි අරූප ස්කන්ධ ධ්‍යානවලටද සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. ඉපදී නිරුද්ධ වූ වනාහි විපාක ස්කන්ධ ධ්‍යානවලටද කටත්තා රූපවලටද නා නා ක්‍ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ.