පච්චය නිද්දේස වර්ණනාව
1. හේතු පච්චය නිද්දේසය
දැන් ඒ සියළු ප්‍රත්‍යයන් උද්දේස කළ පිළිවෙලින් නිද්දේස කොට දැක්වීමට හෙතුපච්චයොති හෙතු හෙතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානඤ්ච රූපානං හෙතු පච්චයෙන පච්චයො යනාදිය කීහ. එහි හෙතුපච්චයො සූවිසි ප්‍රත්‍යවල තැබූ පිළිවෙලින් සියල්ලට පළමු බෙදිය යුතු පදය උපුටා දැක්වීමය. සෙසු ප්‍රත්‍යවල ද මෙම නයින්ම පළමුව බෙදිය යුතු පදය උපුටා ම විසඳීම කරන ලදැයි දතයුතුය. මේ මෙහි සම්බන්ධය වේ. පච්චය උද්දේසයෙහි යමක් හේතුපච්චය යයි උදෙසන ලදි. එය නිද්දේසයෙන් හේතු හේතු සම්පයුත්ත ධර්මවලට ද එයින් උපන් රූප ධර්මවලට ද හේතු පච්චයෙන් පච්චය වේ යයි මෙසේ දතයුතුය. මෙම උපායෙන් සියලු පච්චයවල බෙදිය යුතු පදයේ විසඳීම සමග සම්බන්ධය දැනගත යුතුය.
දැන් හෙතු හෙතුසම්පයුත්තකානං යන මෙහි හේතුසම්පයුත්තකානං යයි නොකියා හෙතු හෙතුසම්පයුත්තකානං යයි කුමක් හෙයින් කියන ලදද? පච්චය මෙන්ම පච්චයෙන් උපන් දෙයද විස්තර කිරීම් වශයෙනි. හෙතුසම්පයුත්තකානං යයි කීකල්හි හේතුවෙන් සම්පයුක්ත වූවන්ට හේතු පච්චයෙන් පච්චය වේ යයි අර්ථ වන්නේය. මෙසේ ඇතිකල්හි අසවල් ධර්මය හේතුපච්චයෙන් පච්චය වේයයි පච්චය නියමය නො පෙනෙන්නේ ය. තව ද හේතුවෙන් සම්ප්‍රයුත්ත වූවන්ගේ හේතු සම්ප්‍රයුක්තයන්ගේ යයි අර්ථය නොගෙනම යම්කිසි සම්ප්‍රයුක්තයන්ට හේතු පච්චයෙන් පච්චය වේයයි අර්ථය වන්නේය. මෙසේ ඇතිකල්හි හේතුවෙන් විප්‍රයුක්ත චක්ඛු විඤ්ඤාණාදිය ද සම්ප්‍රයුක්තයන්මය. හේතුවෙන් සම්ප්‍රයුත්ත කුසලාදිය ද එසේය. එහි මේ හේතු අසවල් සම්ප්‍රයුක්ත ධර්මයට ප්‍රත්‍ය යයි පච්චයෙන් උපන් නියමය නො පැනෙන්නේ ය. එහෙයින් පච්චය ද පච්චය උප්පන්නය ද පැහැදිලි කරන්නේ හේතු හේතු සම්ප්‍රයුත්තකානං යයි කීය. එහි තේරුම හේතු සම්ප්‍රයුක්ත වූ කුසලාදි ධර්මවලට යම් හේතු සම්ප්‍රයුක්තයක් වේද, එය හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. එහිද පච්චයයි නොකියා හේතු පච්චයෙන් යයි වචනය හේතු වේ. අන්‍යථා පච්චයභාවය ප්‍රතිසේධ කිරීම සඳහා. මේ හේතු හේතු පච්චයෙන් ද පච්චය වේ. සහජාතාදි පච්චයෙන් ද පච්චය වේ. එහි යම් මේ සහජාතාදී පච්චයෙන් අන් ආකාරයකින් ද පච්චයභාවය වේ. එය ප්‍රතිසේධනය සඳහා හේතුපච්චයෙන් යයි කියන ලදි. මෙසේ ඇතිකල්හි ද එය සම්ප්‍රයුක්තකාන යයි නොකියා කුමක් හෙයින් හේතු සම්පයුත්තකානං යයි කියන ලද්දේද? නිද්දේස කළයුත්තේ අප්‍රකට බැවිනි. එය සම්පයුක්තකානං යයි කීකල්හි යමකින් එය සම්පයුත්තක නම් වේ. මේ එය යයි නිද්දේස කළයුත්ත අප්‍රකටය. එහි අප්‍රකට බැවින් යමකින් සම්පයුක්තය. එය සම්පයුත්තකා යයි කියති. එය ස්වරූපයෙන්ම දැක්වීමට හේතුසම්පයුත්තකානං යයි කියන ලදි.
තං සමුට්ඨානං මෙහි නිදෙසිය යුත්ත ප්‍රකට බැවින් ‘තං’ ගැනීම කරන ලදි. මෙහි අර්ථය මෙසේය. ඒවා හේතු සහ හේතුසම්ප්‍රයුක්ත ධර්මද වේ. සමුට්ඨානා එතෙසං හටගැනීම මොවුන්ටය යනු තං සමුට්ඨානානි ඒ සමුට්ඨානයන්ගේ හේතුවෙන් මෙන්ම හේතුවලින් යුත් ධර්මවලින් ද නිපත්තන්ගේ යන අර්ථය වේ. මෙයින් චිත්ත සමුට්ඨාන රූප (සිතෙන් උපදින රූප) ගනියි. කිම එය වනාහි සිතින් ද අනිකකින් උපදී ද? ඔව් උපදී. සිය චිත්ත චෛතසික එකතුව රූප උපදවයි. ලෞකික ධර්ම දේශනාවල වනාහි සිතේ අධික භාවයෙන් එබඳු රූප චිත්ත සමුට්ඨානං යයි කියයි. එයින් කීහ:- චිත්ත චෛතසික ධර්ම චිත්ත සමුට්ඨාන රූපයන්ගේ සහජාත පච්චයෙන් පච්චය වේ යයි.
ඉදින් මෙසේ මෙහි ද ‘තං සමුට්ඨානං’ යයි නොකියා චිත්ත සමුට්ඨානං යයි කුමක් හෙයින් කියන ලදද? අචිත්ත සමුට්ඨානද ගන්නා බැවිනි. ප්‍රශ්න වාරයෙහි පිළිසිඳුම් කෙණෙහි විපාක අව්‍යාකෘත හේතුසම්ප්‍රයුක්ත ස්කන්ධවලට කටත්ත රූපවලට ද හේතුපච්චයෙන් පච්චය වේයයි ආවේය. එය සංග්‍රහ කිරීම සඳහා මෙහි ‘චිත්ත සමුට්ඨානං’ යයි නොකියා ‘තං සමුට්ඨානං’ යයි කියන ලදි. එහි අර්ථය චිත්තජ රූප (සිතින් හටගන්නා රූප) නො උපදවන්නේ ද ඒ හේතු හේතුවලින් යුත් ධර්ම සහජාතාදි පච්චය වශයෙන් ඉපදවීම මොවුන්ට වේයයි තං සමුට්ඨානානි වේ. ඒවායේ ඒ සමුට්ඨාන පවතින කල්හි චිත්තජ පටිසන්‍ධියද කටත්තා රූපවලට ද හේතු හේතු පච්චයෙන් පච්චය වේ. මෙම උපායෙන් අනිත් තැන්වල ‘තං සමුට්ඨාන’ ආ තැන්වල අර්ථය දතයුතුය.
එහෙයින් මේ හේතු පටිසන්‍ධියම කටත්ත රූපවලට හේතුපච්චය වේ. නොපවත්නා කල්හි පටිසන්‍ධියෙහි කම්මජ රූපයන්ගේ චිත්ත පටිබද්ධව පැවතීමෙන් පටිසන්ධියෙහි කම්ම රූප චිත්ත පටිබද්ධව පවතී. සිත් වශයෙන් ඉපදීම ද සිටීමද වේ. ඒ ක්‍ෂණයෙහි සිත චිත්තජ රූ ඉපදවීමට නොහැකි වේ. ඒවාද හැර සිතින් ඉපදවීමට හෝ සිටීමට හෝ නොහැකි වේ. එහෙයින්ම කීහ. ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ එය පිහිටි කල්හි විඤ්ඤාණයෙහි නාමරූප බැසගැන්ම වේ’ යයි පැවතීම වනාහි ඒවායේ සිත විද්‍යමාන වූ කල්හිද කම්ම පටිබද්ධවම පවතී. චිත්ත පටිබද්ධව නොවේ. සිත නොපවත්නා කල්හිද නිරෝධයට පැමිණෙන්නන්ගේ ඉපදීමය.
පටිසන්ධි ක්‍ෂණයෙහි සිත චිත්තජ රූප ඉපදවීමට නොහැකිවන්නේ කුමක් නිසාද? කර්ම වේගයෙන් බහා තැබීමද වස්තු තුන නොපිහිටීමද දුර්වල බැවිනි. එහි එකල්හි කර්ම වේගයෙන් තබන ලද පෙර නූපන් වස්තුක බවද නොපිහිටි වස්තු යයි දුර්වල වේ. එහෙයින් ප්‍රපාතයෙහි වැටෙන මිනිසෙක් කිසි ශිල්පයක් කිරීමට නොහැකි මෙන් රූප ඉපදවීමට නොහැකි වේ. කර්මජ රූපම චිත්ත සමුට්ඨාන රූප ස්ථානයෙහි සිටී. එය කර්මජ රූපවල බීජ ස්ථානයෙහි සිටියි. කර්මය වනාහි කුඹුර හා සමානය. කෙලෙස් ජනය මෙනි. එසේ ඇතිකල්හි කෙතෙහිද ජලයෙහි ද පළමු උපතෙහි බීජානුභාවයෙන් රුක් ඉපදීම මෙන් පටිසන්ධි ක්‍ෂණයෙහි චිත්තානුභාවයෙන් රූපකායේ උපත වේ. බීජය නැති කල්හිද පොළොව ජලය මේවායේ ආනුභාවයෙන් ගසේ මතු මත්තෙහි පැවැත්ම මෙන් සිත නැතිව කර්මයෙන්ම කටත්තා රූපයන්ගේ පැවැත්ම වේයයි දතයුතුය. එය කියන ලදි. කර්මය කෙතය. විඤ්ඤාණය බීජයයි. තෘෂ්ණාව ස්නේහයයි.