13. කම්ම පච්චය නිද්දේසය
කම්ම පච්චය නිද්දේසයෙහි කම්මං චේතනා කර්මයම. කටත්තා ච රූපානං කර්මයේ කටත්තා උපන් රූපයන්ගේ කම්ම පච්චයෙන අනේක කල්පකෝටි මත්තෙහි තමාගේ ඵලය ඉපදවීමට සමත් බැවින් නා නා ක්ෂණික කර්ම පච්චයෙන් යන අර්ථයයි. කුසල අකුසලවල කර්මය තමාගේ පවත්ති ක්ෂණයෙහි ඵල නොදේ. ඉදින් දෙන්නේ නම් යම් මනුෂ්යයෙක් දෙව්ලෝගාමී කුසල කර්මයක් කරයිද එය ආනුභාවයෙන් ඒ කෙණෙහි දෙවියෙක් වන්නේය. යම් ක්ෂණයක එය කරන ලදද එයින් අනිත් ක්ෂණයක විද්යමාන නොවේද හුදෙක් කටත්තා පමණක් මෙම ආත්මයෙහි උපදී හෝ වෙනත් අවස්ථාවක හෝ අවසේස පච්චය එක්වූ කල්හි ඵල උපදවයි. නිරුද්ධ වීමද පළමු ශිල්පාදි ක්රියා මෙන් කාලාන්තරයෙහි පැසුළු ශිල්පාදි ක්රියාවෙන් එහෙයින් නා නා ක්ෂණික කම්ම පච්චය යයි කියයි. චේතනා සම්පයුත්තකානං ධම්මානං යම් චේතනාවක් තමා සම්පයුත්ත ධර්මයන්ගේ තං සමුට්ඨා නානන්ති මේ ප්රතිසන්ධි ක්ෂණයෙහි කටත්තා රූපද ගනී. කම්ම පච්චයෙන මේ සහජාත චේතනා සඳහා කියන ලදි. කුසලාදියෙහි යම්කිසි චේතනාවක් සෙසු ධර්මයන්ගේ චිත්ත ප්රයෝග නියමයෙන් කිරිය අභාවයෙන් උපකාරක වේ. එහෙයින් සහජාත කම්ම පච්චයයි කියයි. මෙහි පෙළ වර්ණනාවයි.
මෙය කම්ම පච්චය වනාහි අර්ථ වශයෙන් චතුභූමක චේතනා පමණක්ම වේ. එය ජාති භේදයෙන් කුසල, අකුසල, විපාක, කිරිය යයි සතරාකාරය. එහි කුසලම භූමි වශයෙන් කාමාවචරාදි වශයෙන් සතරාකාරය. අකුසල ඒකාකාරය. විපාකය සතරවිධය. කිරිය තුන් අයුරුයයි මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි සහජාත කාමාවචර කුසල චේතනා පංචවෝකාරයෙහි තමා හා සම්ප්රයුක්ත ධර්මවලට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද චතුවෝකාරයෙහි සම්ප්රයුක්ත ස්කන්ධ ධ්යානවලටද සහජාත කම්ම පච්චය වේ. ඉපදී නිරුද්ධ වූ තමාගේ විපාකවලට ස්කන්ධයන්ට කටත්තා රූපවලට නා නා ක්ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ. එය ද වනාහි පංචවෝකාරයේමය. අන්තැනක නොවේ. සහජාත රූපාවචර කුසල චේතනා තමා හා සම්ප්රයුක්ත ධර්මයන්ට චිත්ත සමුට්ඨාන රූපවලටද ඒකාන්තයෙන් සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. ඉපදී නිරුද්ධ වූ තමාගේ විපාකවලටද කටත්තා රූපවලටද නා නා ක්ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ. අරූපාවචර වනාහි ලෝකෝත්තර සහජාත කුසල චේතනා ද පංචවෝකාරයෙහි තමා හා සම්පයුත්ත ධම්මවලට ද චිත්ත සමුට්ඨාන රූපවලට ද චතුවෝකාරයෙහි සම්පයුත්ත ස්කන්ධ ධ්යාන ද සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. ඉපදී නිරුද්ධ වූවෝ වනාහි ද්විධ වෙති. තම තමාගේ විපාක ස්කන්ධ ධ්යානවලට නා නා ක්ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ. සහජාත අකුසල චේතනා පංචවෝකාරයෙහි තමා හා සම්ප්රයුක්ත ස්කන්ධවලටද චිත්ත සමුට්ඨාන රූපවලටද චතුවෝකාරයෙහි අරූප ස්කන්ධ ධ්යානවලටද සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. ඉපදී නිරුද්ධ වූ වනාහි විපාක ස්කන්ධ ධ්යානවලටද කටත්තා රූපවලටද නා නා ක්ෂණික කම්ම පච්චයෙන් පච්චය වේ.
කාමාවචර රූපාවචර වශයෙන් විපාක චේතනා තමා හා සම්පයුත්ත ධර්මයන්ටද සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. අරූපාවචර විපාක චේතනා තමා හා සම්පයුත්ත ධර්මවලටද සහජාත පච්චයෙන් පච්චය වේ. ලෝකෝත්තර විපාක චේතනා පංචවෝකාරයෙහි තමා හා සම්පයුත්ත ධර්මවලටද චිත්ත සමුට්ඨාන රූපයටද චතුවෝකාරයෙහි අරූපාවචරයටද සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. ත්රෛභූමික කිරිය චේතනා පංචවෝකාරයෙහි සම්ප්රයුත්ත ධර්මවලට ද චිත්ත සමුට්ටාන රූපයට ද, සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ. යමෙක් ආරුප්පයෙහි උපදීද ඒ අරූප ධර්මවලට ද සහජාත කම්ම පච්චයෙන් පච්චය වේයයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.
කම්ම පච්චය නිද්දේසය නිමි.
14. විපාක පච්චය නිද්දේසය
විපාක පච්චය නිද්දේසයෙහි විපාකා චත්තාරො ඛන්ධා යයි යම්සේ කම්ම සමුට්ඨාන රූපද විපාක නොවේ. එහෙයින් විපාකයයි කියා සතර ස්කන්ධ කියන ලදි. මෙසේ මේ පෙළෙහි අරූප ධර්මම විපාක පච්චයෙන් ආයේය. ප්රශ්න වාරයේ වනාහි :- විපාක අබ්යාකත එක් ස්කන්ධයකි. ස්කන්ධ තුනටද චිත්ත සමුට්ඨාන රූපවලටද විපාක පච්චයෙන් පච්චය වේ. ප්රතිසන්ධි ක්ෂණයෙහි විපාක අබ්යාකත එක් ස්කන්ධයකි. ස්කන්ධ තුනටද කටත්තා රූපවලටද විපාක පච්චයෙන් පච්චය වේ. ආවා වූ චිත්ත සමුට්ඨාන කම්ම සමුට්ඨාන රූපද විපාක පච්චය ලබයි. මෙහි වනාහි සාවසේස වශයෙන් දේශනා කළායයි මෙහි පෙළ වර්ණනාවයි. මේ විපාක පච්චය විපාක භාවයෙන් ජාති වශයෙන් ඒකවිධය. භූමි භේද වශයෙන් කාමාවචරාදි වශයෙන් චතුර්විධය. මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි කාමාවචර රූපාවචර විපාකය තමා හා සම්ප්රයුක්ත ධර්මවලට පැවති චිත්ත සමුට්ඨාන රූපවලට ප්රතිසන්ධියෙහි කටත්තා රූපවලටද විපාක පච්චය වේ. අරූපාවචර විපාකය සම්ප්රයුක්ත ධර්මයන්ට ද ලෝකෝත්තර විපාකය පංචවෝකාරයෙහි සම්ප්රයුක්ත ධර්මයන්ටද චිත්ත සමුට්ඨාන රූපයටද චතුවෝකාරයෙහි සම්ප්රයුක්ත ස්කන්ධයන්ට ම විපාක පච්චය වේ යයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.
විපාක පච්චය නිද්දේසය නිමි.
15. ආහාර පච්චය නිද්දේසය
ආහාර පච්චය නිද්දේසයෙහි කබලීකාරො ආහාරො සතර සන්තති සමුට්ඨාන රූපයෙහි ඕජාව ආහාර නමි. එය වනාහි යම්සේ පිඬු කොට ගිලීමෙන් ආහාර කෘත්ය කරයි. පිටත නො සිටියේය. එහෙයින් ආහාර යයි නොකියා කබලීකාර ආහාර යයි කියන ලදි. පිඬු කොට ගිලිය යුතු වස්තු බැවින් හෝ කබලීකාර යයි මේ නම වේ. ඊට අරූපිනො ආහාරා ඵස්ස චේතනා විඤ්ඤාණ ආහාර. තං සමුට්ඨානානං මෙහිද කම්ම සමුට්ඨාන ගන්නා ලදි. පඤ්හ වාරයේ මෙය කියන ලදි. ‘ප්රතිසන්ධි ක්ෂණයෙහි විපාක අබ්යාකත ආහාර සම්ප්රයුක්ත ස්කන්ධයන්ට කටත්තා රූපයන්ටද ආහාර පච්චයෙන් පච්චය වේ’ යයි මේ මෙහි පෙළෙහි වර්ණනාවය.