8. නිස්සය පච්චය නිද්දේසය
නිස්සය පච්චය නිද්දේසයෙහි සහජාත පච්චය නිද්දේසයේ පෙර කොටස් පහේ සහජාත නය දක්වා නැවත සවැනි කොට්ඨාශයෙන් පුරෙජාත නිස්සය නය දැක්වීමට චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා යනාදිය අරඹන ලදි. එහි යං රූපං නිස්සායං වස්තු රූපය සඳහා කියන ලදි. එහි නිස්සය ත්රිවිධය. මනෝධාතු හැර අරූප විපාකය, දෙසැත්තෑ විධ මනෝ විඤ්ඤාණ ධාතු යයි මේ සිත් සැත්තෑපහ පවතී යයි මෙය මෙහි පෙළෙහි වර්ණනාවය. මේ නිස්සය පච්චය ද ජාති වශයෙන් කුසලාදි භේදයෙන් පංචවිධම වේ. එහි කුසලය භූමි වශයෙන් සතරවිධය. අකුසලය ඒකවිධය. විපාකය සතරවිධය. කිරිය තුන්විධය. රූපය ඒකවිධ යයි මෙසේ මෙහි නානා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණුවිට වනාහි චතු භූමක කුසලය පංචවෝකාරයෙහි සම්ප්රයුක්ත ධර්මවලට ද චිත්ත සමුට්ඨාන රූපයට ද නිස්සය පච්චයෙන් පච්චය වේ. අකුසලයට ද එසේය. ආරුප්පයෙහි යමක් උපදීද ඒ ආරුප්ප ධර්මයන්ට ද නිස්සය ප්රත්යය වේ. කාමාවචර රූපාවචර විපාකය පවත්නා සම්ප්රයුක්ත ධර්මයන්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද ප්රතිසන්ධියෙහි කටත්තා රූපයට ද නිස්සය පච්චය වේ. අරූපාවචර විපාකය සම්ප්රයුක්ත ස්කන්ධයන්ටම වේ. ලෝකෝත්තර විපාකය පංචවෝකාරයෙහි සම්ප්රයුක්ත ධර්මයන්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද චතුවෝකාරයෙහි අරූපයට ද නිස්සය පච්චය වේ. කාමාවචර රූපාවචර කිරිය පංචවෝකාරයෙහි සම්ප්රයුක්තකයින්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයටද නිස්සය පච්චය වේ. චතුවෝකාරයෙහි අරූපවලටද රූපාවචර කිරිය පංචවෝකාරයෙහි සම්ප්රයුක්තයන්ට ද චිත්ත සමුට්ඨාන රූපයටද ඒකාන්තයෙන් නිස්සය පච්චය වේ.
[missing trans] කම්ම සමුට්ඨාන රූපයෙහි එකක් මහාභූත තුනක්, මහාභූත දෙකෙන් දෙකක්, මහාභූත උපාදානය රූපවලට, වස්තු රූපය පංචවෝකාර භාවයෙහි චතුභූමක කුසලයට අකුසලයට ආරුප්ප හැර විපාකයට ද දෙපස් විඤ්ඤාණයට ද සෙසු ත්රෛභූමක විපාකයට ද ත්රෛභූමක කිරියට දැයි මේ ධර්මයන්ට නිස්සය පච්චය වේ. චක්ඛායතනාදි පංච සම්ප්රයුත්තයන්ට චක්ඛු විඤ්ඤාණාදියට නිස්සය පච්චය වේ. උතු චිත්ත ආහාර සමුට්ඨානවලද මහාභූත මහාභූත උපාදාය රූපවලටද නිස්සය පච්චයෙන් පච්චය වේ. මෙසේ මෙහි පච්චය උප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.
නිස්සය පච්ච නිද්දේසය නිමි.
9. උපනිස්සය පච්චය නිද්දේසය
උපනිස්සය පච්චය නිද්දේසයෙහි පුරිමා පුරිමා යයි අනන්තර උපනිස්සයෙහි සමනන්තර අතීත ලබයි. ආරම්මණ උපනිස්ස ප්රකෘති උපනිස්සයවල නානා වීථි වශයෙන් පුරිමතරය. ඒ රාශි තුනම කුසල වශයෙන් කුසලය පදය ලබයි. කුසලයෙන් වනාහි අකුසලයෙහි සමනන්තර අතීත නොලබයි. එයින් කියන ලදි. අකුසලානං ධම්මානං කෙසඤ්චි උපනිස්සය පච්චයෙන පච්චයො මෙය වනාහි කුසල ධර්මය අකුසල ධර්මයට උපනිස්සය පච්චයෙන් පච්චය වේ. ආරම්මණ උපනිස්සය, ප්රකෘති උපනිස්සය වශයෙන් වේ. ආරම්මණ උපනිස්සය දන් දී සිල් සමාදන් වී උපෝසථ කර්ම කොට එය ගුරුකොට ආශ්වාස කරයි. එය ගුරු රාගය උපදියි. දෘෂ්ටිය උපදියි. පෙර යහපත් ක්රියා ගරුකොට ආශ්වාද කරයි. සතුටුවෙයි. එය ගරුකොට රාගය උපදියි. දෘෂ්ටිය උපදියි. ධ්යානයෙන් නැගිට ධ්යානය ගරුකොට ආශ්වාද කරයි. සතුටු වෙයි. එය ගරුකොට රාගය උපදී. දෘෂ්ටිය උපදී. ප්රකෘති උපනිස්සය ශ්රද්ධාව නිසා මානය ජපකරයි. දෘෂ්ටිය ගනියි. සීල, සුත, චාග, පඤ්ඤා ඇසුරුකොට මානය මතුරයි. දෘෂ්ටිය ගතිය. සද්ධා, සීල සුත චාග පඤ්ඤා රාගයට දෝසයට මෝහයට මානයට දෘෂ්ටියෙන් පැතුමෙන් උපනිස්සය පච්චයෙන් පච්චය වේ. මෙම නය සඳහා කියන ලදි. කුසලයෙන් අව්යාකෘතයෙහි තුනම ලැබේ. අකුසලයෙන් එසේම අකුසලයෙහි.
අකුසලෙන් වනාහි කුසලයෙහි සමනන්තර අතීතය නොලබයි. එයින් කියන ලදි. කුසලානං ධම්මානං කෙසඤ්චි උපනිස්ස පච්චයෙන පච්චයොති මෙයද :- අකුසල ධර්ම කුසල ධර්මයට උපනිස්සය පච්චයෙන් පච්චය වේ. ප්රකෘති උපනිස්සය රාගය ආශ්රයකොට දන් දෙයි. සිල් සමාදන් වේ. ධ්යාන උපදවයි. විපස්සනා උපදවයි. මාර්ගය උපදවයි. අභිඤ්ඤා උපදවයි. සමාපත්ති උපදවයි. දෝස, මෝහ, මාන, දිට්ඨි, ප්රාර්ථනා ඇසුරුකොට දන්දෙයි. සමාපත්ති උපදවයි. රාග, දෝස, මෝහ, මාන, දිට්ඨි, පත්ථනා, ශ්රද්ධාවට, සීලයට, සුතයට, ත්යාගයට, ප්රඥාවට උපනිස්සය පච්චයෙන් පච්චය වේ. ප්රාණය නිසා ඒ පටිඝාතය සඳහා දන් දෙයි. ආදි නයින් ප්රශ්න වාරයෙහි ආ ප්රකෘති උපනිස්සය සඳහා කියන ලදි. අකුසලය වනාහි කුසලයට ආරම්මණ උපනිස්සය නොවේ. කුමක් නිසාද? එය ගරුකොට එය නොපවත්වන හෙයිනි. අනන්තර උපනිස්සය මෙන් මෙසේ ආරම්මණ උපනිස්සය ද මෙහි නොලැබේ යයි දතයුතුය. අකුසලයෙන් අබ්යාකත පදයෙහි ආරම්මණ උපනිස්සය නොලැබේ. අබ්යාකත ධර්ම අකුසලය ගරු නොකරයි. යම්හෙයකින් වනාහි අනන්තර බව ලබයිද එහෙයින් මෙහි කිසිවක් නොකියන ලදි. අබ්යාකතයෙන් වනාහි අබ්යාකත කුසලයෙහි අකුසලෙහි යයි තුන් නයෙහි තුන ද උපනිස්සය ලබයි. පුග්ගලොපි සෙනාසනම්පි මේ දෙක ප්රකෘති උපනිස්සය වශයෙන් කියන ලදි. මේ දෙක කුසල අකුසල පැවැත්මෙන් බලවත් ප්රත්ය වේ. මෙහි පච්චයභාවය වනාහි පරියාය වශයෙන් දතයුතුය. මේ පෙළෙහි වර්ණනාවයි.