7. අඤ්ඤමඤ්ඤ පච්චය නිද්දේසය
අඤ්ඤමඤ්ඤ පච්චය නිද්දේසයෙහි සහජාත පච්චය නිද්දේසයේ පෙර කොටස් තුන වශයෙන් පෙළෙහි ආවේය. එය එහි කියන ලද්දට සමානව වර්ණනාව වේයයි නැවත නොගන්නා ලදි. මේ අඤ්ඤමඤ්ඤ පච්චය ද ජාති වශයෙන් කුසලය, අකුසලය, විපාකය, කිරිය, රූප යයි පංචවිධ වශයෙන් බෙදුණේය. එහි කුසලය භූමි වශයෙන් චතුර්විධය. සියල්ල පෙර සමානම යයි මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දැනගත යුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි සියළුම චතුභූමක කුසලය තමා සම්ප්‍රයුක්ත ධර්මයන් අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. අකුසලයට ද එසේය. විපාකයෙහි වනාහි කාමාවචර රූපාවචර විපාකය පටිසන්ධියෙහි වස්තු රූපයට, පවින සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද, අරූපාවචර ලෝකෝත්තර විපාකය සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද, අරූපාවචර ලෝකෝත්තර විපාකය සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. චතු සමුට්ඨානික රූපයට කම්ම සමුට්ඨානයෙහි එකක් මහාභූත තුනක්. තුනෙන් එකකට, මහා භූතයන් දෙකේ දෙකකට අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. කාමාවචර රූපාවචර ප්‍රතිසන්ධියෙහි වස්තු රූපය විපාක ස්කන්ධවලට අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. උතු චිත්ත ආහාර සමුට්ඨානවල මහාභූතම මහාභූතයන්ට අඤ්ඤමඤ්ඤ පච්චයෙන් පච්චය වේ. මෙසේ මෙහි පච්චය උප්පන්න වශයෙන් විනිශ්චය දතයුතුය.
අඤ්ඤමඤ්ඤ පච්චය නිද්දේසය නිමි.
8. නිස්සය පච්චය නිද්දේසය
නිස්සය පච්චය නිද්දේසයෙහි සහජාත පච්චය නිද්දේසයේ පෙර කොටස් පහේ සහජාත නය දක්වා නැවත සවැනි කොට්ඨාශයෙන් පුරෙජාත නිස්සය නය දැක්වීමට චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා යනාදිය අරඹන ලදි. එහි යං රූපං නිස්සායං වස්තු රූපය සඳහා කියන ලදි. එහි නිස්සය ත්‍රිවිධය. මනෝධාතු හැර අරූප විපාකය, දෙසැත්තෑ විධ මනෝ විඤ්ඤාණ ධාතු යයි මේ සිත් සැත්තෑපහ පවතී යයි මෙය මෙහි පෙළෙහි වර්ණනාවය. මේ නිස්සය පච්චය ද ජාති වශයෙන් කුසලාදි භේදයෙන් පංචවිධම වේ. එහි කුසලය භූමි වශයෙන් සතරවිධය. අකුසලය ඒකවිධය. විපාකය සතරවිධය. කිරිය තුන්විධය. රූපය ඒකවිධ යයි මෙසේ මෙහි නානා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණුවිට වනාහි චතු භූමක කුසලය පංචවෝකාරයෙහි සම්ප්‍රයුක්ත ධර්මවලට ද චිත්ත සමුට්ඨාන රූපයට ද නිස්සය පච්චයෙන් පච්චය වේ. අකුසලයට ද එසේය. ආරුප්පයෙහි යමක් උපදීද ඒ ආරුප්ප ධර්මයන්ට ද නිස්සය ප්‍රත්‍යය වේ. කාමාවචර රූපාවචර විපාකය පවත්නා සම්ප්‍රයුක්ත ධර්මයන්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද ප්‍රතිසන්ධියෙහි කටත්තා රූපයට ද නිස්සය පච්චය වේ. අරූපාවචර විපාකය සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටම වේ. ලෝකෝත්තර විපාකය පංචවෝකාරයෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද චතුවෝකාරයෙහි අරූපයට ද නිස්සය පච්චය වේ. කාමාවචර රූපාවචර කිරිය පංචවෝකාරයෙහි සම්ප්‍රයුක්තකයින්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයටද නිස්සය පච්චය වේ. චතුවෝකාරයෙහි අරූපවලටද රූපාවචර කිරිය පංචවෝකාරයෙහි සම්ප්‍රයුක්තයන්ට ද චිත්ත සමුට්ඨාන රූපයටද ඒකාන්තයෙන් නිස්සය පච්චය වේ.
[missing trans] කම්ම සමුට්ඨාන රූපයෙහි එකක් මහාභූත තුනක්, මහාභූත දෙකෙන් දෙකක්, මහාභූත උපාදානය රූපවලට, වස්තු රූපය පංචවෝකාර භාවයෙහි චතුභූමක කුසලයට අකුසලයට ආරුප්ප හැර විපාකයට ද දෙපස් විඤ්ඤාණයට ද සෙසු ත්‍රෛභූමක විපාකයට ද ත්‍රෛභූමක කිරියට දැයි මේ ධර්මයන්ට නිස්සය පච්චය වේ. චක්ඛායතනාදි පංච සම්ප්‍රයුත්තයන්ට චක්ඛු විඤ්ඤාණාදියට නිස්සය පච්චය වේ. උතු චිත්ත ආහාර සමුට්ඨානවලද මහාභූත මහාභූත උපාදාය රූපවලටද නිස්සය පච්චයෙන් පච්චය වේ. මෙසේ මෙහි පච්චය උප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.