3. අධිපති පච්චය නිද්දේසය
අධිපති පච්චය නිද්දේසයෙහි ඡන්දාධිපති යයි ඡන්ද සංඛ්යාත අධිපති වේ. ඡන්දය ධුරය කොට ඡන්දය ජ්යෙෂ්ඨ කොට සිත උපදින කාලයෙහි උපන්නහුට කත්තු කම්යතා ඡන්ද යයි මෙයට නම් වේ. සෙස්සෙහි ද මෙම නයම වේ. එහෙයින් හේතුපච්චය නිද්දේසයෙහි යම්සේ හේතු හේතු සම්පයුත්තකානං යයි කියන ලදද එසේ මෙහි අධිපති අධිපති සම්පයුත්තකානං යයි නොකියා ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං යනාදි නයින් දේශනා කරන ලදද? ඒක ක්ෂණයෙහි අභාවයෙන්. පෙර නයෙහි නය දෙක හේතු ඒක ක්ෂණයෙහි හේතු පච්චය වේ. මූල අර්ථයෙන් උපකාරක බවට අත්නොහැරීමෙනි. අධිපති වනාහි ජ්යෙෂ්ඨ අර්ථයෙන් උපකාරකය. ඒක ක්ෂණයෙහි බොහෝ ජ්යෙෂ්ඨයෝ නොවෙති. එහෙයින් එකට උපන්නේ නමුදු ඒක ක්ෂණයෙහි අධිපතිභාවය නැත. එහි අධිපතිභාවය ඒකක්ෂණයෙහි අභාවයෙන් මෙහි මෙසේ දේශනා කරන ලදි.
මෙසේ සහජාත අධිපති දක්වා දැන් ආරම්මණ අධිපති දැක්වීමට යං යං ධම්මං ගරු කත්වා යනාදිය අරඹන ලදි. එහි යං යං ධම්මං යයි යම් යම් ආරම්මණ ධර්ම. ගරුං කත්වා ගරුකාර ගෞරව කිරීම් වශයෙන් හෝ ආශ්වාද වශයෙන් හෝ ගරුබව ලැබිය යුතුය. අත්නොහැරිය යුතුය. අවමන් නොලැබීම කොට. තෙ තෙ ධම්මා ඒ ඒ ගරුකළයුතු ධර්ම. තෙසං තෙසං. ඒ ඒ ගරුකළයුතු ධර්මයන්ගේ. අධිපති පච්චයෙන ආරම්මණ අධිපති පච්චයෙන් පච්චය වේ යයි. මෙය මෙහි පෙළ වර්ණනාවයි.
මේ අධිපති වනාහි සහජාත ආරම්මණ වශයෙන් ද්විධය. එහි සහජාත ඡන්දාදි වශයෙන් සතරාකාරය. ඒවායින් එක එකක් කාමාවචරාදි වශයෙන් භූමියෙන් සිව්වැදෑරුම්ය. එහි කාමාවචර කුසල අකුසල කිරිය වශයෙන් ත්රිවිධය. අකුසලයට පැමිණ වනාහි මෙහි වීමංස අධිපති නො ලබයි. රූප අරූප කුසල කිරිය වශයෙන් ද්විධය. ආරම්මණ අධිපති වනාහි ජාති භේදයෙන් කුසල අකුසල විපාක කිරිය රූප නිබ්බාන වශයෙන් සවැදෑරුම් වේ. මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ වෙන් වූ කල මෙහි සහජාත අධිපති කෙරෙහි කාමාවචර කුසල් කිරිය සංඛ්යාත අධිපති දුහේතුක ත්රිහේතුක චිත්තුප්පාදවල ඡන්දාදි අන්යතරයක් ජ්යෙෂ්ඨ කොට උත්පත්ති කාලයෙහි තමා හා සම්ප්රයුක්ත ධර්මවලට ද චිත්ත සමුට්ඨාන රූපවලට ද අධිපති පච්චය වේ. රූපාවචර කුසල කිරිය සඳහා ද මෙම නයම වේ. මෙය වනාහි ඒකාන්තයෙන්ම ලැබේ. ඒ ධර්ම සහජාත අධිපති හැර නූපදී. අරූපාවචර කුසල කිරිය නියම කළ බැවින් පංචවෝකාර රූපාවචර අධිපති හා සමානය. චතුවෝකාරයෙහි වනාහි සම්ප්රයුක්ත ධර්මයන්ට ද අධිපති පච්චය වේ. එසේම එහි උපන්න සියල්ල ද කාමාවචරාධිපති වේ. අපරියාපන්න කුසලයෙන් වූ විපාකයෙන් ද පංචවෝකාරයෙහි ඒකාන්තයෙන්ම සම්ප්රයුක්ත ධර්මවලට ද චිත්ත සමුට්ඨාන රූපවලටද අධිපති පච්චය වේ. චතුවෝකාරයෙහි අරූප ධර්මවලට ද කාමභවයෙහි අකුසලය මිච්ඡත්ත නියත සිත්වල ඒකාන්තයෙන් ම සම්පයුත්තකයන්ට ද චිත්ත සමුට්ඨාන රූපවලට ද අධිපති පච්චය වේ. අනියත වශයෙන් කාමරූප භවවල තමා අධිපති කාලයෙහි ඒවාගේම අරූප භවයෙහි අරූප ධර්මවලට ද ආරති පච්චය වේ. මෙය සහජාත අධිපති නයයි.
අරමුණු අධිපති කෙරෙහි කාමාවචර කුසල අරමුණු අධිපති කාමාවචර කුසලයට ලෝභ සහගත අකුසලවලට යයි මේ රාශි දෙකට ආරම්මණ අධිපති පච්චය වේ. රූපාවචර අරූපාවචරයෙහි ද කුසල ආරම්මණ අධිපති කෙරෙහි මෙම නයම වේ. අපරියාපන්න කුසලය වනාහි ආරම්මණ අධිපති කාමාවචර බැවින් ඤාණ සම්පයුත්ත කුසලයට මෙන්ම ඤාණ සම්පයුත්ත කියටද ආරම්මණ අධිපති පච්චය වේ. අකුසලය වනාහි ආරම්මණ අධිපති නම් ලෝභසහගත චිත්තුප්පාදයයි කියයි. ඒ ලෝභ සහගත කුසලයටම ආරම්මණ අධිපති පච්චය වේ. එසේම රූපාවචර අරූපාවචර විපාක ආරම්මණ අධිපති ලෝකෝත්තර වනාහි විපාක ආරම්මණාධිපති කාමාවචර හෙයින් ඤාණ සම්පයුක්ත කුසල කිරියාම ආරම්මණ අධිපති පච්චය වේ. කාමාවචරාදි භේද වශයෙන් වනාහි ත්රිවිධ කිරිය ආරම්මණ අධිපති ලෝභ සහගත අකුසලයටම ආරම්මණ අධිපති පච්චය වේ. චතු සමුට්ඨානික රූප නියමයන් රූපස්කන්ධය ආරම්මණ අධිපති ලෝභ සහගත අකුසලයටම ආරම්මණ අධිපති පච්චය වේ. නිවන කාමාවචර හෙයින් ඤාණසම්පයුත්ත කුසලයට ඤාණ සම්පයුත්ත කිරියට ලෝකෝත්තර කුසලයට ලෝකෝත්තර විපාකයටදැයි මේ රාහි සතරම ආරම්මණ අධිපති පච්චය මේ යයි මෙසේ මෙහි පච්චය උත්පත්ති වශයෙන් ද විනිශ්චය දතයුතුය.
අධිපති පච්චය නිද්දේසය නිමි.
4. අනන්තර පච්චය නිද්දේසය
අනන්තර පච්චය නිද්දේසයෙහි මනොධාතුයා - විපාක මනෝධාතුව වේ. මනො විඤ්ඤාණධාතුයා සන්තීරණ කෘත්යය පිණිස අහේතුක විපාක මනෝවිඤ්ඤාණ ධාතුව. ඉන්පසුව වනාහි වොත්ථපන ජවන තදාරම්මණ භංග කෘත්යය මනෝවිඤ්ඤාණ ධාතු කිවයුතු වේ. ඒවා නොකියා ද මෙම නයෙන්ම දතයුතුයයි නය දක්වා දේශනාව සංක්ෂේප කරන ලදි. ‘පුරිමා පුරිමා කුසලං ධම්මා’ යයි ආදිකයෙහි ද සවැනි නයෙහි ඒවා සංග්රහ කරන ලද බැවින් මෙහි නොකියන ලදැයි දතයුතුය. එහි පුරිමා පුරිමා යයි දොරවල් සයෙහිද අනන්තර අතීත කුසල ජවන ධර්ම දැකිය යුතුය. පච්ඡිමානං පච්ඡිමානං යයි අනන්තර උපදින්නා වූම වේ. කුසලානං සමාන කුසල. අබ්යාකතානං මෙය වනාහි කුසල අනන්තර තදාරම්මණ භවාංග ඵලසමාපත්ති වශයෙන් කියන ලදි. අකුසල මූලකයෙහි. අබ්යාකතානං තදාරම්මණ භවංග නියමයෙන්ම. අබ්යාකත මූලකයෙහි. අබ්යාකතානං ආවර්ජන ජවන වශයෙන් හෝ භවංග වශයෙන් හෝ පවත්වන කිරිය විපාක අබ්යාකතයන්ගේ කිරිය මනෝධාතුවේ සිට වොත්ථපන කෘත්ය දක්වා මනෝවිඤ්ඤාණ ධාතු එතෙක් පවතින වීථි සිත්වලද මේ නය ලැබේමය. කුසලානං පංචද්වාරයෙහි වොත්ථපනයට අනතුරුව මනෝ ද්වාරයෙහි ආවර්ජනයට අනතුරුව පළමු ජවන කුසලයන්ගේ. අකුසලානං පදයෙහි ද මෙම නයමය. යෙසං යෙසං මෙය සියළුම අනන්තර පච්චය ධර්මයන්ගේ සංක්ෂෙප ලක්ෂණ වේ. මෙය මෙහි පෙළෙහි වර්ණනාවය.