20. විප්පයුත්ත පච්චය නිද්දේසය
විප්පයුත්ත පච්චය නිද්දේසයෙහි රූපිනො ධම්මා අරූපිනං මෙය හෘදය වස්තුවද චක්ඛු ඉන්ද්රියාදී වශයෙන් දතයුතුය. රූප ධර්මවල මේ කොටස් සයම අරූප ස්කන්ධවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. රූපායතනාදිය වනාහි ආරම්මණ ධම්ම කිසිවක් විප්පයුත්ත ධම්ම වේ. විප්පයුත්ත පච්චය නොවේ. කුමන කරුණකින්ද? සම්පයෝග සංකාය අභාවයෙන් අරූපී ස්කන්ධ චක්ඛු ආදී වස්තූන්ගේ අභ්යන්තරයෙන් නික්මෙන්නා මෙන් උපත වේ. එහි සැක වේ. මේවා මේවා සමග සම්පයුත්තද නැතහොත් විප්පයුත්ත වේද ආරම්මණ ධම්ම වනාහි වස්තු නිශ්රයෙන් උපදිමින් ආරම්මණය පමණක් වේ. ඒවාවල සම්පයෝග සංකා නැත. මෙසේ සම්පයෝග සංකාය අභාවයෙන් ඔවුහු විප්පයුත්ත පච්චය නොවෙති. හෘදය වස්තු ආදියෙහි මේ විප්පයුත්ත පච්චය වශයෙන් දතයුතුය. මෙය ප්රශ්න වාරයෙහි කියන ලදි. ‘වස්තු කුසල ස්කන්ධයන්ගේ විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. වස්තු අකුසල ස්කන්ධවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණයට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. සෝත, ඝාන, ජිව්හා, කායායතනය කාය විඤ්ඤාණයට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. වස්තු විපාක අබ්යාකතවලට කිරිය අබ්යාකත ස්කන්ධවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ.’
අරූපී ධර්ම රූපී ධර්මවලට මෙය වනාහි සතර ස්කන්ධයන්ගේ වශයෙන් දතයුතුය. අරූප ධර්මවල සතර ස්කන්ධම සහජාත පුරේජාත රූප ධර්මවලට විප්පයුත්ත පච්චය වේ. නිවන අරූප හා සමාන නිසා රූපයට විප්පයුත්ත පච්චය නොවේ. ‘සතරකින් සම්පයෝගය සතරකින් විප්පයෝගය වේ’ යයි කියන ලදි. මෙසේ සතර අරූප ස්කන්ධවලටම විප්පයුත්ත පච්චයභාවය දතයුතුය. ප්රශ්න වාරයෙහි මෙය කියන ලදි. සහජාත කුසල ස්කන්ධ චිත්ත සමුට්ඨාන රූපවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. පච්ඡාත කුසල ස්කන්ධ පුරේජාත මේ කයට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. ප්රතිසන්ධි ක්ෂණයෙහි විපාක අබ්යාකත ස්කන්ධ කටත්තා රූපවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. ස්කන්ධ වස්තුවලට’ යයි මෙසේ මෙහි පෙළ වර්ණනාව දතයුතුය.
මේ විප්පයුත්ත පච්චය නම් සංක්ෂේපයෙන් පංචවෝකාර භවයෙහි පවත්නා රූප අරූප ධර්ම වේ. ඒවායින් රූපය චක්ඛු ආදි වස්තු වශයෙන් සවැදෑරුම් බෙදෙන ලදි. අරූපය පංචවෝකාර භවයෙහි උපන් කුසල අකුසල විපාක කිරිය වශයෙන් සතර වැදෑරුම්ව බෙදෙන ලදි. එහි භූමි, කාමාවචරාදි වශයෙන් චතුර්විධය. එක්විධය. තිවිධය යයි එකොළොස් ආකාර භේද වේ. ආරුප්ප විපාකයට විප්පයුත්ත පච්චය නොවේ යයි මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි පංචවෝකාර භවයෙහි උපන් චතු භූමක කුසලය අකුසලයද තමා විසින් උපදවන ලද චිත්ත සමුට්ඨානික රූපයට සහජාත විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. උත්පාද ක්ෂණය නො ඉක්මවා ඨිති ක්ෂණයට පැමිණි පුරේජාත චතුසමුට්ඨානික තිසමුට්ඨානික රූප කයට පච්ඡාජාත විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. ලෝකෝත්තර විපාකය චිත්ත සමුට්ඨාන රූපයටම. මෙය ත්රිවිධ වේ. පුරේජාත චතුසමුට්ඨානික තිසමුට්ඨානික කයට පච්ඡාජාත විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. ත්රෛභූමක කිරිය චිත්ත සමුට්ඨානිකයට සහජාත විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. [missing trans] රූප සය අයුරින් සිටි කල්හි වස්තු රූපය ප්රතිසන්ධි ක්ෂණයෙහි කාමාවචර රූපාවචර විපාකවලට චතුභූමක කුසල්වලට අකුසල්වලට දෙපස් විඤ්ඤාණය හැර ත්රෛභූමක විපාකවලට ත්රෛභූමක කිරියවලට පුරේජාත විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. චක්ඛායතන ආදිය චක්ඛු විඤ්ඤාණ ආදියට පුරේජාත විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.