21. අත්ථි පච්චය නිද්දේසය
අත්ථි පච්චය නිද්දේසයෙහි චත්තාරො ඛන්ධා යනාදියෙන් සහජාත වශයෙන් අත්ථි පච්චය නිර්දිෂ්ඨය. චක්ඛායතනං යනාදියෙන් පුරේජාත වශයෙන් යං රූපං නිස්සාය මෙහි සහජාත පුරේජාත වශයෙන් අත්ථි පච්චය දක්වන ලදි. මෙසේ මෙය පෙළෙහි සහජාත පුරේජාතම අත්ථි පච්චය වශයෙන් ආයේය. ප්රශ්න වාරයෙහි වනාහි සහජාත, පුරේජාත, පච්ඡාජාත, ආහාර, ඉන්ද්රිය යන ඒවායේ වශයෙන් ආ බැවින් පච්ඡාත ආහාර ඉන්ද්රිය වශයෙන් ද අත්ථි පච්චය ලැබේ. මෙහි වනාහි සාවසේස වශයෙන් දේශනය කරන ලදැයි මෙය පෙළ වර්ණනාවය.
මේ අත්ථි පච්චය වනාහි අඤ්ඤමඤ්ඤ වශයෙන් හා අඤ්ඤමඤ්ඤ වශයෙන් නොවේ යයි දෙයාකාරය. මෙහි අඤ්ඤමඤ්ඤ ත්රිවිධය. අරූප අරූපයෙන්, රූප රූපයෙන්, රූපාරූප රූපාරූපයෙන් වශයෙනි. චත්තාරො ඛන්ධා අරූපිනො මෙහි සියලු සිත් ඉපදීම් වශයෙන් අරූප අරූපයෙන් යයි කියන ලදි. චත්තාරො මහාභූතා මෙහි සියළු සිත් වශයෙන් රූප රූපයෙන් යයි කියන ලදි. ඔක්කන්තික්ඛණෙ නාමරූපං මෙහි ප්රතිසන්ධි ස්කන්ධයන් මෙන්ම වස්තු වශයෙන් රූපා රූප රූපාරූපයෙන් යයි කියන ලදි. අඤ්ඤමඤ්ඤ නොවත් ද අරූපං අරූපස්ස, රූපං රූපස්ස, රූපං අරූපස්ස වශයෙන් ත්රිවිධය. චිත්ත චෙතසිකා ධම්මා මෙහි පංචවෝකාර වශයෙන් අරූපය අරූපයට යයි කියන ලදි. මහාභූත උපාදාය රූපානං මෙහි සියළු සිත් වශයෙන් රූපය රූපයට යයි කියන ලදි. චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා යනාදියෙහි වස්තු ආරම්මණ වශයෙන් රූපය අරූපයට යයි අත්ථි පච්චය කියන ලදි.
තව මේ අත්ථි පච්චය නම් සංක්ෂෙපයෙන් ක්ෂණ තුනට පැමිණියේය. නාමය මෙන්ම රූපයද වර්තමාන ස්කන්ධ යයි කීමට වටී. එය ජාති භේදයෙන් කුසල, අකුසල, විපාක, කිරිය, රූප වශයෙන් පස් ආකාරයට බෙදේ. එහි කුසලය සහජාත පච්ඡාජාත වශයෙන් දෙවැදෑරුම් වේ. එසේම අකුසලය විපාකය හා කිරියද, ඒවායින් කුසලය කාමාවචරාදි භේදයෙන් සතරට බෙදේ. අකුසලය කාමාවචරමය. විපාකය චතුභූමකය. කිරිය තිභූමකය. රූප නියමයෙන් අත්ථි පච්චය කාමාවචරය. එය සහජාත පුරේජාත වශයෙන් ද්විධය. එහි පංච වස්තු ආරම්මණ ද පුරේජාත වේ. හෘදය වස්තුව සහජාත හෝ පුරේජාත හෝ වේ යයි ප්රශ්න වාරයෙහි ආවේය. ආහාරය ඉන්ද්රිය ද සහජාතාදි භේද නො ලැබේ යයි මෙසේ මෙහි නා නා ප්රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි වනාහි චතුභූමක කුසලය ද සහජාත අත්ථි පච්චය වේ. එක් ස්කන්ධයක් ස්කන්ධ තුනකට ආදි නයින් අඤ්ඤමඤ්ඤ ස්කන්ධයන්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද රූපාවචර කුසලය හැර අවසේස ආරුප්පයෙහි සම්ප්රයුක්ත ස්කන්ධයන්ටම සහජාත කුසලය අත්ථි පච්චයෙන් පච්චය වේ. අකුසලයෙහි ද මෙම නයම වේ. එය ද පංචවෝකාරයෙහි සම්ප්රයුක්ත ස්කන්ධවලට මෙන්ම චිත්ත සමුට්ඨාන රූඵයටද චතුවෝකාරයෙහි සම්පයුත්ත ස්කන්ධයන්ට ද සහජාත කුසලය අත්ථි පච්චයෙන් පච්චය වේ. පංචවෝකාරයෙහි චතු සමුට්ඨානික තිසමුට්ඨානික කයට පච්ඡාත කුසලය අත්ථි පච්චයෙන් පච්චය වේ.
විපාකය වනාහි කාමාවචර රූපාවචර අත්ථි පච්චය නියමයෙන් ම ප්රතිසන්ධි - ක්ෂණයෙහි ස්කන්ධවලටද කටත්තා රූපයටද සහජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. පවතින සම්පයුත්ත ස්කන්ධයන්ට ද චිත්ත සමුට්ඨාන රූපයට ද සහජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. ඨිතිභාවයට පැමිණි චතු සමුට්ඨානික සමුට්ඨානික කයට පච්ඡාජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. අරූපාවචර විපාකය වනාහි ආරුප්පයෙහි උපන් ලෝකෝත්තර විපාකයද තමා හා සම්ප්රයුක්ත ස්කන්ධම සහජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. පංචවෝකාරයෙහි ලෝකෝත්තර විපාකය සම්පයුත්ත ස්කන්ධයන්ටම චිත්ත සමුට්ඨාන රූපයද සහජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. චතුසමුට්ඨානික තිසමුට්ඨානික කයට පච්ඡාජාත පච්චයෙන් පච්චය වේ. තිරිය වශයෙන් රූපාවචර අත්ථි පච්චය වේ. සම්පයුත්ත ස්කන්ධයන්ටද චිත්ත සමුට්ඨානික රූපයට ද සහජාත පච්චයෙන් පච්චය වේ. චතු සමුට්ඨානික තිසමුට්ඨානික කයට පච්ඡාජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. කාමාවචර රූපාවචර වනාහි ආරුප්පයෙහි සම්පයුත්ත ස්කන්ධයටද පංචවෝකාරයෙහි චිත්ත සමුට්ඨාන රූපයට ද සහජාත අත්ථි පච්චයෙන් පච්චය වේ.
රූප සංඛ්යාතය අත්ථි පච්චය සහජාත, පුරේජාත, ආහාර, ඉන්ද්රිය යයි සතරාකාරය. එහි සහජාත අත්ථි පච්චය චතු සමුට්ඨානික වශයෙන් සතරාකාරයෙන් සිටියේය. එහි කම්ම සමුට්ඨාන එකය, මග්ග මහාභූත තුනය. තුන එකටය. දෙක දෙකටය. මහාභූත උපාදාය රූප යයි මෙසේ සහජාත පච්චයෙන් පච්චය වේ. ප්රතිසන්ධි ක්ෂණයෙහි වස්තුරූපය කාමාවචර රූපාවචර විපාක ස්කන්ධයන්ට සහජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. සෙසු ති සමුට්ඨාන රූපද එක මහාභූතය. මහාභූත තුනට තුන එකට මහාභූත දෙක දෙකට උපාදාය රූපවලට යයි මෙසේ සහජාත අත්ථි පච්චයෙන් පච්චය වේ. පුරේජාත අත්ථි පච්චය වනාහි වත්ථු පුරේජාත ආරම්මණ පුරේජාත වශයෙන් ද්විධ වේ. ඒ දෙවිධියම යට පුරේජාත පච්චයෙහි කියන ලද නයින්ම යොදා ගතයුතුය. ආහාර පච්චය ද යට කබලීකාර ආහාර පච්චයෙහි යොදන ලද නයින්ම යෙදිය යුතුය. මෙහි වනාහි මෙය නිරුද්ධ නොවූ ක්ෂණයෙහි පච්චයභාවයෙන් අත්ථි පච්චය යයි කියන ලදි. රූප ජීවිතේන්ද්රියද යට ඉන්ද්රිය පච්චයෙහි රූප ජීවිතේන්ද්රිය යෙදීමෙහි කියන ලද නයින්ම යෙදිය යුතුය. මෙහි වනාහි මෙයද තමාගේ අනිරුද්ධ ක්ෂණයෙහිම පච්චය භාවයෙන් අත්ථි පච්චය යයි කියන ලදැයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.