2. ආරම්මණ පච්චය නිද්දේසය
ආරම්මණ පච්චය නිද්දේසයෙහි රූපායතනං - රූප සංඛ්‍යාත ආයතනයයි. සෙස්සෙහි ද මෙම නයයි. චක්ඛු විඤ්ඤාණධාතුයා - චක්ඛු විඤ්ඤාණධාතුයා - චක්ඛු විඤ්ඤාණ සංඛයාත ධාතුවෙන් සෙසු පදවලද මෙම නයයි. තං සම්පයුත්තකානං ඒ චක්ඛු විඤ්ඤාණ ධාතුවෙන් සම්ප්‍රයුක්ත වූ ස්කන්ධ තුනට සියළු චක්‍ෂු ප්‍රසාදක වස්තුවල ස්කන්ධ සතරට රූපායතනයට ආරම්මණ පච්චයෙන් පච්චය වේයයි අර්ථයයි. මෙයින් පසුව ද මෙම නයයි. මනොධාතුයා සම්පයුක්ත ධර්මයෙන් ත්‍රිවිධ මනෝධාතුවට රූපායතනාදි විසම ආරම්මණ පච්චයෙන් පච්චය වේ. එක ක්‍ෂණයෙහි නොවේ. සබ්බෙ ධම්මා මේ රූපායතනාදි විසි අවසේස සියළු ඤෙය්‍ය ධර්ම, මේ ධාතු සය, හැර සෙසු සම්පයුක්ත ධර්මයටද මනෝවිඤ්ඤාණ ධාතුවටද ආරම්මණ පච්චය වේ යයි දක්වයි. උප්පජ්ජන්ති මේ නදිය ගලයි. පර්වත සිටියි. සියළු කාල සංග්‍රහ වශයෙන් මෙසේ කියන ලදැයි දතයුතුය. එයින් යමක් අරබයා යමක් ඉපදුනහ. උපදින්නේ යයිද සිදුවේ. චිත්ත චෙතසිකා ධම්මා මෙය ඒ ඒ ධර්මයයි කියන ලද්දේ ස්වරූප වශයෙන් නිදර්ශනයි. තෙ තෙ ධම්මා ඒ ඒ අරමුණු ධර්ම. තෙසං තෙසං ඒ ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ මේ මෙහි පෙළ වර්ණනාවයි.
මේ අරමුණ වනාහි රූපාරම්මණයයි. සද්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ ධම්මාරම්මණ යයි කොටස් වශයෙන් සයාකාරය. එහි පඤ්ඤත්තිය හැර සෙස්ස භූමි වශයෙන් කාමාවචර...... අපරියාපන්න යයි සතරාකාරය. එහි කාමාවචර කුසල අකුසල විපාක කිරිය රූප භේදයෙන් පස් ආකාරය. රූපාවචර කුසල විපාක කිරිය වශයෙන් තුන් ආකාරය. අරූපාවචරද එසේය. අපරියාපන්න කුසල් විපාක නිබ්බාන වශයෙන් ත්‍රිවිධය. සියල්ලම හෝ මේ කුසල අකුසල විපාක කිරිය රූප නිබ්බාන පඤ්ඤත්ති භේද වශයෙන් සත්විධ වේ. එහි කුසලය භූමි භේදයෙන් සතරවිධ වේ. අකුසලය කාමාවචරම වේ. විපාකය චතුභූමකය. (සිව්භූමි වේ.) කිරිය තුන් භූමිය. රූප ඒකභූමි වේ. පඤ්ඤත්තිය භූමි විනිර්මුක්තය. මෙසේ මෙහි නානාප්‍රකාර භේදයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මේ අරමුණෙහි කාමාවචර කුසල අරමුණ කාමාවචර කුසලයට රූපාවචර කුසලයට අකුසලයට කාමාවචර විපාකයට කාමාවචර කිරියට රූපාවචර කිරියටදැයි මේ රාසි හයට ආරම්මණ පච්චය වේ. රූපාවචර කුසල අරමුණ ඒ රාසි හය අතරෙන් කාමාවචර විපාකය හැර රාසි පහට ආරම්මණ පච්ච වේ. අරූපාවචර කුසල අරමුණ කාමාවචර කුසලයට රූපාවචර කුසලයට අරූපාවචර කුසලයට අකුසලයට අරූපාවචර විපාකයටදැයි මේ රාසි අටට ආරම්මණ පච්චය වේ. අපරියාපන්න කුසලාරම්මණය කාමාවචර රූපාවචරවලින් කුසලක්‍රියාවනටම ආරම්මණ පච්චය වේ. කාමාවචර රූපාවචර කුසලයට අකුසලයට කාමාවචර විපාකයට කාමාවචර රූපාවචර කිරියටදැයි මේ රාසි හයට ආරම්මණ ප්‍රත්‍ය වේ.
[missing trans]
[missing trans] නිබ්බාන ආරම්මණය කාමාවචර රූපාවචර කුසලයට අපරියාපන්න වශයෙන් කුසල විපාකයට කාමාවචර රූපාවචර කිරියටදැයි මේ රාසි හයට ආරම්මණ ප්‍රත්‍ය වේ. රූපාවචර කුසල කිරියාවලට කිසිවෙක් බැහැර කරති. එය යුක්ති වශයෙන් සැලකිය යුතුය. නා නා ප්‍රකාර වනාහි ප්‍රඥපන ආරම්මණය ත්‍රෛභූමක කුසලයට අකුසලයට රූපාවචර විපාකයට අරූපාවචර විපාකයට ත්‍රෛභූමක කිරියට යන මේ රාසි නවයට ආරම්මණ පච්චය වේ. එහි යම් යම් අරමුණු යමෙකුගේ ප්‍රත්‍ය ඒවා ඒ ඒ ප්‍රත්‍ය උත්පන්න නම් වේයයි මෙසේ මෙහි වර්තමාන වශයෙන් ද විනිශ්චය දතයුතුය.