16. ඉන්‍ද්‍රිය පච්චය නිද්දේසය
ඉන්‍ද්‍රිය පච්චය නිද්දේසයෙහි චක්ඛුන්‍ද්‍රියං චක්ඛු සංඛ්‍යාත ඉන්‍ද්‍රිය. ඉන්‍ද්‍රිය පච්චයෙන තමා පෙර ඉපදී අරූප ධර්ම ඉපදවීමේ සිට නිරුද්ධ වන තුරු ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ. සෝත ඉන්‍ද්‍රියාදියෙහි ද මෙම නයයි. අරූපිනො ඉන්‍ද්‍රියානි මෙහි අරූප ජීවිතෙන්‍ද්‍රිය ද ඇතුළත්ය. තං සමුට්ඨානං මෙය යට කියන ලද නයින්ම කටත්තා රූප ද ඇතුළත් කරන ලදි. ප්‍රශ්න වාරයෙහි මෙය කියන ලදි. ‘ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි විපාක අබ්‍යාකත ඉන්‍ද්‍රිය සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට කටත්තා රූපවලට ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ’ යයි මෙසේ මෙහි පෙළ වර්ණනාව දතයුතුය.
මේ ඉන්‍ද්‍රිය පච්චය වනාහි ස්ත්‍රී පුරුෂ ඉන්‍ද්‍රිය හැර ඉන්‍ද්‍රිය විස්සක් පවතී, ස්ත්‍රී පුරුෂ ඉන්‍ද්‍රිය කිසිවක් ස්ත්‍රී පුරුෂ ලිංගවලට බීජ වේ. කලල ආදි කාලයෙහි පවතින ඒවායෙහි ස්ත්‍රී පුරුෂ ලිංගාදීන්ගේ අභාව නොමැති බව ඒවා ඒවට, වෙනත් ඒවාට ඉන්‍ද්‍රිය ප්‍රත්‍ය බව නොපතුරුවයි. ඉන්‍ද්‍රිය පච්චය තමාගේ විද්‍යමාන ක්‍ෂණයෙහි නො නිවි දහම්වලට ඉන්‍ද්‍රිය පච්චයභාවය නො පතුරුවන්නේ නම් නැත. එහෙයින් ඒවා (ස්ත්‍රී පුරුෂ) ඉන්‍ද්‍රිය පච්චය නොවේ. ඒවා යමකට බීජ වේද ඒවාට ඒවා සූත්‍රාන්තික පරියායෙන් (ක්‍රමයෙන්) ප්‍රකෘති උපනිස්සය භාවය භජනය කරයි. මෙසේ ඉන්‍ද්‍රිය පච්චය සමවිසි ඉන්‍ද්‍රිය වශයෙන් පවතී යයි දතයුතුය. එය ජාති වශයෙන් කුසල, අකුසල, විපාක, කිරිය, රූප වශයෙන් පස් ආකාරයකට බෙදේ. එහි කුසලය භූමි වශයෙන් සිව් අයුරුය. අකුසලය කාමාවචර වේ. විපාකය සිව් අයුරුය. කිරිය තුන් අයුරුය. රූපය කාමාවචරමය. මෙසේ විවිධව බෙදේ. මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දැනගත යුතුය.
මෙසේ බෙදුණු මෙහි චතු භූමක කුසල ඉන්‍ද්‍රිය පච්චය පංචවෝකාරයෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද චිත්ත සමුට්ඨාන රූපයට ද ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ. අකුසලය ද එසේය. රූපාවචර කුසලය හැර අවසේස කුසල අකුසල, ආරුප්පයෙහි සම්ප්‍රයුක්ත ධර්මවලටද ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ. චතුභූමක විපාක ඉන්‍ද්‍රිය පච්චය ඒකාන්තයෙන්ම සම්ප්‍රයුක්තකයන්ට ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ. මෙහි කාමාවචර රූපාවචර වනාහි පංචවෝකාරයෙහි ඉපදීමෙන් පවතින චිත්ත සමුට්ඨාන රූපයට ප්‍රතිසන්දියෙහි කටත්තා රූපයට ද ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ. ලෝකෝත්තරය චිත්ත සමුට්ඨාන රූපයටද අරූපයෙහි උපන් ලෝකෝත්තර විපාකයට ඉන්‍ද්‍රිය රූපෝ පච්චය නොවේ. ත්‍රෛභූමක කිරිය ඉන්‍ද්‍රිය පංචවෝකාරයෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද චිත්ත සමුට්ඨාන රූපයට ද (කාමාවචර රූපාවචර) ආරුප්පයෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද ඉන්‍ද්‍රිය පච්චය භාවය පතුරයි. චක්ඛු ඉන්‍ද්‍රියාදි වශයෙන් සවැදෑරුම් රූප ඉන්‍ද්‍රියෙහි චක්ඛු ඉන්‍ද්‍රිය කුසල අකුසල විපාක වශයෙන් සම්ප්‍රයුත්ත ධම්මවලට චක්ඛු විඤ්ඤාණ දෙකට. සෝත ඉන්‍ද්‍රියාදි එබඳු වූවන්, සෝත, විඤ්ඤාණාදියට, රූප ජීවිතේන්‍ද්‍රිය තමා හා සහජාතයන්ට ඨිති ක්‍ෂණයෙහි ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ. සහජාත පච්චයභාවය වනාහි එයට නැතැයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.