15. ආහාර පච්චය නිද්දේසය
ආහාර පච්චය නිද්දේසයෙහි කබලීකාරො ආහාරො සතර සන්තති සමුට්ඨාන රූපයෙහි ඕජාව ආහාර නමි. එය වනාහි යම්සේ පිඬු කොට ගිලීමෙන් ආහාර කෘත්‍ය කරයි. පිටත නො සිටියේය. එහෙයින් ආහාර යයි නොකියා කබලීකාර ආහාර යයි කියන ලදි. පිඬු කොට ගිලිය යුතු වස්තු බැවින් හෝ කබලීකාර යයි මේ නම වේ. ඊට අරූපිනො ආහාරා ඵස්ස චේතනා විඤ්ඤාණ ආහාර. තං සමුට්ඨානානං මෙහිද කම්ම සමුට්ඨාන ගන්නා ලදි. පඤ්හ වාරයේ මෙය කියන ලදි. ‘ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි විපාක අබ්‍යාකත ආහාර සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට කටත්තා රූපයන්ටද ආහාර පච්චයෙන් පච්චය වේ’ යයි මේ මෙහි පෙළෙහි වර්ණනාවය.
මේ ආහාර පච්චය වනාහි සංක්‍ෂේපයෙන් කබලීකාර ආහාරය. ඵස්ස, චේතනා, විඤ්ඤාණ යයි සතර දහම් වේ. එහි කබලීකාර ආහාරය හැර සෙසු තුන අරූප ආහාර වේ. ජාති වශයෙන් කුසල, අකුසල, විපාක, කිරිය භේද වශයෙන් සතරට බෙදේ. නැවත භූමි භේදයෙන් කුසලය සතරාකාරය. අකුසලය එක්විධය. විපාකය සතරවිධය. කිරිය ත්‍රිවිධය. මෙසේ විවිධව බෙදේ. කබලීකාර ආහාරය වනාහි ජාති වශයෙන් අව්‍යාකෘතය. භූමි වශයෙන් කාමාවචරයයි මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි චතු භූමිකද කුසල ආහාර තුන ද පංච වෝකාරයෙහි තමා හා සම්පයුත්ත ධර්මයන්ට මෙන්ම චිත්ත සමුට්ඨාන රූපයට ද ආහාර පච්චයෙන් පච්චය වේ. රූපාවචර හැර අවසේස ආරුප්පයෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ටද ආහාර පච්චයෙන් පච්චය වේ. අකුසල ආහාරයෙහි ද මෙම නයම වේ. චතුභූමක විපාක ආහාරය වනාහි සියළු තැන සම්ප්‍රයුත්තකයන්ට ආහාර පච්චය වේ. මෙහි කාමාවචර රූපාවචර විපාකය වනාහි පංචවෝකාරයේ උපදිමින් පවත්නේ චිත්ත සමුට්ඨාන රූපයට ප්‍රතිසන්ධියේ උපදිමින් පවත්නේ චිත්ත සමුට්ඨාන රූපයට ප්‍රතිසන්ධියේ කටත්තා රූපයට ද ආහාර පච්චය වේ. ලෝකෝත්තර චිත්ත සමුට්ඨාන රූපයට ද, ආරුප්පයෙහි උපන් රූපයට පච්චය නොවේ. ත්‍රෛභූමකයද කිරිය ආහාර තුන පංචවෝකාරයෙහි සම්ප්‍රයුත්ත ධර්මයන්ටද චිත්ත සමුට්ඨාන රූපයටද ආහාර පච්චයෙන් පච්චය වේ. කාමාවචර අරූපාවචර වනාහි ආරුප්පයෙහි සම්ප්‍රයුත්ත ධර්මයන් ආහාර ප්‍රත්‍ය වේ. සතර සන්තති සමුට්ඨාන කබලීකාර ආහාර කිසිවක් මේ කයට යයි අවිසේසයෙන් කියන ලදි. විශේෂයෙන් වනාහි මෙහි ආහාර සමුට්ඨාන රූපයට උපදවන්නාද අනුපාලකයාද වී ආහාර පච්චයෙන් පච්චය වේ. සෙසු සමුට්ඨාන සැත්තෑ තුන අනුපාලක වී ආහාර පච්චයෙන් පච්චය වේ යයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දැනගත යුතුය.
ආහාර පච්චය නිද්දේසය නිමි.
16. ඉන්‍ද්‍රිය පච්චය නිද්දේසය
ඉන්‍ද්‍රිය පච්චය නිද්දේසයෙහි චක්ඛුන්‍ද්‍රියං චක්ඛු සංඛ්‍යාත ඉන්‍ද්‍රිය. ඉන්‍ද්‍රිය පච්චයෙන තමා පෙර ඉපදී අරූප ධර්ම ඉපදවීමේ සිට නිරුද්ධ වන තුරු ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ. සෝත ඉන්‍ද්‍රියාදියෙහි ද මෙම නයයි. අරූපිනො ඉන්‍ද්‍රියානි මෙහි අරූප ජීවිතෙන්‍ද්‍රිය ද ඇතුළත්ය. තං සමුට්ඨානං මෙය යට කියන ලද නයින්ම කටත්තා රූප ද ඇතුළත් කරන ලදි. ප්‍රශ්න වාරයෙහි මෙය කියන ලදි. ‘ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි විපාක අබ්‍යාකත ඉන්‍ද්‍රිය සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට කටත්තා රූපවලට ඉන්‍ද්‍රිය පච්චයෙන් පච්චය වේ’ යයි මෙසේ මෙහි පෙළ වර්ණනාව දතයුතුය.