24. අට්ඨමක කථා
දැන් අට්ඨමක කථා නම් වේ. එහි යමෙකුගේ අනුලෝම ගෝත්රභූ මාර්ග ක්ෂණයෙහි කෙලෙසුන්ගේ හැසිරීම් නැති හෙයින් අෂ්ටමක සෝතාපත්ති මාර්ගස්ථ පුද්ගලයාගේ පරියුට්ඨාන (කෙලෙස් නැගිටීම්) දෙකක් ප්රහීන වූයේ යයි ලබ්ධිය යම්සේ දැන අන්ධකයන්ගේ සහ සම්මිතියන්ගේ මෙනි. ඔවුන්ගේ එක්තරා එකක්හු සඳහා විචාරය සකවාදියාටය. මාර්ගක්ෂණයේ සිට දෘෂ්ටිය නොඉපදීම සඳහා ප්රතිඥාව පරවාදියාටය. එයින් යම්හෙයකින් දෘෂ්ටි නම් මෙය සෝතාපන්නයාගේ ප්රහීනය. මාර්ගස්ථයාගේ නොවේ. එහෙයින් අට්ඨමකො පුග්ගලො සොතාපන්නො යන අනුයෝගය සකවාදියාගේය. විචිකිච්ඡා ප්රශ්නයෙහිද මෙම නයම වේ. අනුසය ප්රශ්නයෙහි පරියුට්ඨානයෙන් අන්ය වූවක් අනුසය යයි ඔවුන්ගේ ලබ්ධිය වේ. එහෙයින් න හෙවං යයි ප්රතික්ෂේප කරන ලදී.
සීලබ්බත පරාමාස ප්රශ්නයෙහි ද සීලබ්බත පරාමාස පරියුට්ඨානං යයි ව්යවහාරයක් නොපෙනේ. එහෙයින් ප්රතික්ෂේප කරයි. ඔහුගේ පරියුට්ඨානයම ප්රහීන වී යයි ලබ්ධිය වේ.
මග්ගො භාවිතො යන ප්රශ්නයෙහි ඒ ක්ෂණයෙහි වඩයි. භාවිත නොකරන ලදී. එනිසා ප්රතික්ෂේප කරයි. අමග්ගෙන යනාදි අනුයෝගය පළමු මාර්ගයෙන්ම ප්රහානභාවය සඳහා ප්රතික්ෂේප කරයි. ඉදින් අමාර්ගයෙන් ප්රහීන කරව්ද, ගෝත්රභූ පුද්ගලාදීන්ගේ ද ප්රහීන බවට පැමිණි හෙයින් උප්පජ්ජස්සති යයි විචාරය සකවාදියාගේය. විසඳීම සකවාදියාටය. සෙසු සියළු ප්රකටය.
25. අට්ඨමකයේ ඉන්ද්රිය කථා
දැන් අෂ්ටමකයේ ඉන්ද්රිය කථා නම් වේ. එහි යමෙකුගේ අෂ්ටමක පුද්ගලයා මාර්ග ක්ෂණයෙහි ඉන්ද්රිය ලබයි. ඔහුට ලැබුණා නොවේ යන ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා නත්ථි සද්ධින්ද්රියං යයි ඇසීම සකවාදියාගේය. ප්රතිඥාව පරවාදියාගේය. නත්ථි සද්ධා යයි අසන ලද්දේ සද්ධා ඉන්ද්රියෙන් ශ්රද්ධාවේ නානත්වය සලකා ප්රතික්ෂේප කරයි. සෙස්සෙහි ද මෙම නයයි. යම්සේ වනාහි යමෙකුට මනස ඇත. ඔහුට මනින්ද්රිය ද ඇත. මෙසේ යමෙකුට ශ්රද්ධාදිය ඇත්ද ඔහුට ශ්රද්ධා ඉන්ද්රියාදිය ද ඇතැයි දැක්වීම සඳහා අත්ථි මනො අත්ථි මනින්ද්රියං යනාදිය අරඹන ලදී. සූත්ර සාධනයද සමග ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇති වේ.
26. දිබ්බචක්ඛු කථා
දැන් දිබ්බචක්ඛු කථා නම් වේ. එහි යමෙකුගේ සතරවැනි ධ්යාන දහම උපස්ථම්භය ලැබූ මාංශ චක්ෂුසයම දිව්ය චක්ෂුස වේ යයි ලබ්ධිය යම්සේ දැන අන්ධකයින්ගේ මෙන්ම සම්මිතියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා මංස චක්ඛුං යයි ඇසීම සකවාදියාටය. ප්රතිඥාව අනිකාමය.
නැවත මංස චක්ඛු දිබ්බ චක්ඛු දිබ්බ චක්ඛු මංසචක්ඛු යයි අසන ලද්දේ එපමණකින්ම එය නොවේ යයි ප්රතික්ෂේප කරයි. යා දිසං යනාදි විචාරවල ද දෙකම ඒක ස්වභාවය අභාවයෙන් ප්රතික්ෂේප කරයි.
විසයො යනාදියෙහි රූපායතන දෙකම විසය වේ. මාස චක්ෂුව වනාහි ආපාතගත වූයේම දකියි. දිව්ය චක්ෂුව ආපාතගත නොවූ පර්වතාදියෙන් හරස් වූද අති සූක්ෂම රූපද ගෝචර වේ. මාංස චක්ෂුවට මෙබඳු ශක්තියක් නැත.
උපාදින්නං හුත්වා අනුපාදින්නං හොති යයි විචාරණ ලද්දේ යම්හෙයකින් මාංස චක්ෂුව උපාදින්න වේද? දිව්ය චක්ෂුව අනුපාදින්න වේ. මාංස චක්ෂුව මෙන් දිව්ය චක්ෂුව කැමති නොවේ. එනිසා ප්රතික්ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ‘යම්හෙයකින් මාංස චක්ෂුවේ ඉපදීමේ මාර්ගය දිව්ය චක්ෂුවගේය’ යන වචන නිසා මාංස චක්ෂුවේ ඉපදීමේ මාර්ගය දිව්ය චක්ෂුවගේය.’ යන වචන නිසා මාංස චක්ඛු නිසා දිබ්බචක්ඛු උපදී. එයද රූපාවචරයන් හේ සතර මහා භූතයේ ප්රසාදය කැමති වේ. එනිසා පිළිගනී. කාමාවචරං හුත්වා යයි අසන ලද්දේ ද යම්සේ මාංස චක්ෂුවම දිවැස සේ කැමති නොවේ. එනිසා ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ රූපාවචර ධ්යාන ප්රත්යයෙන් උපන් බැවින් රූපාවචර නම් හටගත්තේ යයි පිළිගනී.