25. අට්ඨමකයේ ඉන්‍ද්‍රිය කථා
දැන් අෂ්ටමකයේ ඉන්‍ද්‍රිය කථා නම් වේ. එහි යමෙකුගේ අෂ්ටමක පුද්ගලයා මාර්ග ක්‍ෂණයෙහි ඉන්‍ද්‍රිය ලබයි. ඔහුට ලැබුණා නොවේ යන ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා නත්‍ථි සද්ධින්‍ද්‍රියං යයි ඇසීම සකවාදියාගේය. ප්‍රතිඥාව පරවාදියාගේය. නත්‍ථි සද්ධා යයි අසන ලද්දේ සද්ධා ඉන්‍ද්‍රියෙන් ශ්‍රද්ධාවේ නානත්වය සලකා ප්‍රතික්‍ෂේප කරයි. සෙස්සෙහි ද මෙම නයයි. යම්සේ වනාහි යමෙකුට මනස ඇත. ඔහුට මනින්‍ද්‍රිය ද ඇත. මෙසේ යමෙකුට ශ්‍රද්ධාදිය ඇත්ද ඔහුට ශ්‍රද්ධා ඉන්‍ද්‍රියාදිය ද ඇතැයි දැක්වීම සඳහා අත්‍ථි මනො අත්‍ථි මනින්‍ද්‍රියං යනාදිය අරඹන ලදී. සූත්‍ර සාධනයද සමග ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇති වේ.
26. දිබ්බචක්‍ඛු කථා
දැන් දිබ්බචක්‍ඛු කථා නම් වේ. එහි යමෙකුගේ සතරවැනි ධ්‍යාන දහම උපස්ථම්භය ලැබූ මාංශ චක්‍ෂුසයම දිව්‍ය චක්‍ෂුස වේ යයි ලබ්ධිය යම්සේ දැන අන්ධකයින්ගේ මෙන්ම සම්මිතියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා මංස චක්‍ඛුං යයි ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාමය.
නැවත මංස චක්‍ඛු දිබ්බ චක්‍ඛු දිබ්බ චක්‍ඛු මංසචක්‍ඛු යයි අසන ලද්දේ එපමණකින්ම එය නොවේ යයි ප්‍රතික්‍ෂේප කරයි. යා දිසං යනාදි විචාරවල ද දෙකම ඒක ස්වභාවය අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.
විසයො යනාදියෙහි රූපායතන දෙකම විසය වේ. මාස චක්‍ෂුව වනාහි ආපාතගත වූයේම දකියි. දිව්‍ය චක්‍ෂුව ආපාතගත නොවූ පර්වතාදියෙන් හරස් වූද අති සූක්‍ෂම රූපද ගෝචර වේ. මාංස චක්‍ෂුවට මෙබඳු ශක්තියක් නැත.
උපාදින්නං හුත්‍වා අනුපාදින්නං හොති යයි විචාරණ ලද්දේ යම්හෙයකින් මාංස චක්‍ෂුව උපාදින්න වේද? දිව්‍ය චක්‍ෂුව අනුපාදින්න වේ. මාංස චක්‍ෂුව මෙන් දිව්‍ය චක්‍ෂුව කැමති නොවේ. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ‘යම්හෙයකින් මාංස චක්‍ෂුවේ ඉපදීමේ මාර්ගය දිව්‍ය චක්‍ෂුවගේය’ යන වචන නිසා මාංස චක්‍ෂුවේ ඉපදීමේ මාර්ගය දිව්‍ය චක්‍ෂුවගේය.’ යන වචන නිසා මාංස චක්‍ඛු නිසා දිබ්බචක්‍ඛු උපදී. එයද රූපාවචරයන් හේ සතර මහා භූතයේ ප්‍රසාදය කැමති වේ. එනිසා පිළිගනී. කාමාවචරං හුත්‍වා යයි අසන ලද්දේ ද යම්සේ මාංස චක්‍ෂුවම දිවැස සේ කැමති නොවේ. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ රූපාවචර ධ්‍යාන ප්‍රත්‍යයෙන් උපන් බැවින් රූපාවචර නම් හටගත්තේ යයි පිළිගනී.
රූපාවචරං හුත්‍වා අරූපාවචරං යයි අසන ලද්දේ ඉන්පසුව භාවනාවෙන් අරූපාවචර ක්‍ෂණයෙහි රූපාවචර සිතේ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි දෙවනුව අසන ලද්දේ අරූපාවචරයන්ගේ සතර මහාභූත ප්‍රසාද වී උපදී යයි ලබ්ධියෙන් පිළිගනී. ඇතුළත් නොවන බව වනාහි නොකැමති වේ. එනිසා ප්‍රතික්‍ෂේප කෙරේමය.
දිබ්බචක්‍ඛුං ධම්මූපත්‍ථද්ධං යන කාමාවචර ධර්මයෙන් උපස්ථම්භ වී නැවත ධම්මූපත්‍ථද්ධං ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වී. ද්වෙ ච ච චක්‍ඛූති යයි අසන ලද්දේ කිසියම් දිව්‍ය චක්‍ෂුසකට ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වූයේ ප්‍රඥා චක්‍ෂුභාවය අකැමති වේ. ප්‍රඥා චක්‍ෂුවේ ඇති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. නැවත අසන ලද්දේ මාංස චක්‍ෂුව ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වූයේ දිවැස වේ යයි ලබ්ධියෙන් පිළිගනී. මෙහි සෙසු අර්ථ පැහැදිලිය.
27. දිබ්බසොත කථා
දැන් දිබ්බසොත කථා නම් වේ. එහි එකංයෙව සොතං යයි අසන ලද්දේ දෙකක් ඇති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. නැවත අසන ලද්දේ යම්හෙයකින් එයම ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වූයේ දිවැස වේ යයි ලබ්ධි වශයෙන් පිළිගනී. සෙස්ස යට කියන ලද නයෙන්ම වේ.
28. යථාකම්මූපන ඤාණකථා
දැන් යථාකම්මූපග ඤාණකථා නම් වේ. එහි යමෙකුගේ ‘ඉති දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙන.......යථාකම්මූපනෙ සත්තෙ පජානාති’ මෙසේ පිරිසිදු දිවැසින්......කර්මානුරූපය පැමිණි සතුන් දනයි. සූත්‍රය වැරදියට ගෙන කර්මානුරූපව පැමිණි ඤාණයම දිවැස යයි ලබ්ධිය, ඔවුන් සඳහා ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත යථාකම්මූපගතඤ්ච මනසිකරොති යයි අසන ලද්දේ එක් සිතක අරමුණු දෙකක් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ නා නා සිත් වශයෙන් පිළිගනී. නැවත ලේසයකට හෝ අවසර නොදී ද්වින්නං ඵස්සානං යයි අසන ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. මෙසේ මේ කම්වූ පරිදි පදයෙන් එසේම ඉමෙ වත භොන්තො සත්තා යනාදි පදය සමග යෝජනාවල අර්ථය දතයුතුය.
ආයස්මා සාරිපුත්තො යථාකම්මූපගතං ඤාණං ජානාති යන මෙය සකවාදියා යම්හෙයකින් ස්ථවිරයන් වහන්සේ අපිස් බැවින් අභිඥාවන් භාවිත නොකරත් යයි ඇතමෙක් නොදනිති. ඒවා වනාහි නැතැයි සිතති. එහෙයින් ඒ දිවැස නොලැබූ ස්ථවිරයෝ යයි සිතමින් විචාරති. ඒ කාරණයෙන්ම අත්‍ථායස්මතො සාරිපුත්තෙස්ස දිබ්බචක්‍ඛු යයි අන්‍යයෙක් අසන ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ යම්කිසි ශ්‍රාවකයකු විසින් පැමිණිය යුතු සියළු තැනම ස්ථවිරයන් විසින් නො පැමිණ ඇතැයි පිළිගනී. දැන් එය අවුල් කරන්නේ සකවාදියා නනු ආයස්මා සාරිපුත්තො යනාදිය කීය. මේ ගාථාව ස්ථවිරයන් වහන්සේ භාවිත කිරීමේ අදහසක් නැති හෙයින් කීහ. අභිඥානයේ අභාවයෙන් නොවේ. පරවාදියා වනාහි අභාවයෙන්ම යයි අර්ථය සලකයි. දිවැස ගැන නොවේ. එහෙයින් කියන ලදී. තෙනහි න වත්තබ්බං යථා කම්මූපගතඤාණං දිබ්බචක්‍ඛූති.