3. තුන්වැනි වර්ගය
20. බල කථා
දැන් බලකථා නම් වේ. එහි යමෙකුගේ අනුරුද්ධ සංයුත්තයේ ‘ඇවැත්නි, මම මේ සතර සීවටන් භාවිත කොට, බහුලකොට, හේතුව හේතුව වශයෙන් ද අහේතුව අහේතුව යථාපරිදි දනිමි’ යනාදි සූත්‍ර දහය නුනුවණින් ගෙන තථාගතයන් වහන්සේගේ බලය ශ්‍රාවකයින්ට සාධාරණ යයි ලබ්ධිය. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙන්, ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි සිට ප්‍රතිඥාව පරවාදියාටය. තථාගත බලයද නම් මෙය ශ්‍රාවකයින්ට සාධාරණ ද අසාධාරණ ද සාධාරණ අසාධාරණ ද ඇත. එහි ආශ්‍රවයන්ගේ ක්‍ෂය ඤාණය සාධාරණය. ඉන්‍ද්‍රිය පරොපරියත්ති ඤාණය අසාධාරණය. සෙසු ඒවා සාධාරණ ද අසාධාරණ ද වේ. ඨානාඨානාදිය ශ්‍රාවකයෝ කොටසක් දනිති. තථාගතයන් වහන්සේ නිප්පදේසයෙන් (සම්පූර්ණයෙන්) දනිති. මෙසේ ඒවායේ උද්දේසය (මාතෘකා) වශයෙන් සාධාරණ වේ. නිද්දේස (විස්තර) වශයෙන් නොවේ. මෙය වනාහි අවිශේෂයෙන් සියල්ලම සාධාරණ යයි කීය. එය විවේචනයට තථාගත බලං සාවක බලං යයි නැවත අනුයෝගය ආරම්භ කරන ලදී. එහි පළමු ප්‍රශ්නයෙහි නිද්දේස වශයෙන් සියළු ආකාර විෂය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි උද්දේස වශයෙන් ඨානාඨාන මාත්‍රාදිය දැනීම් වශයෙන් පිළිගනී. තඤ්ඤෙවා යනාදි ප්‍රශ්නවල සියළු ආකාරයෙන් නින්නාන (නිර්නය හෝ ස්වරභේදය) කරණය අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. පුබ්බයොගො ච පුබ්බචරියා ච අර්ථ වශයෙන් එකය. එසේම ධම්මක්‍ඛානඤ්ච ධම්ම දෙසනාච.
ඉන්‍ද්‍රිය පරෝපරියත්ති ප්‍රශ්නයෙහි එක් දෙසකින් සාධාරණභාවය සඳහා ශ්‍රාවක විෂයෙහි පිළිගනී.
දැන් යම්හෙයකින් උද්දේස වශයෙන් සමාන ස්ථානාදිය ශ්‍රාවකයා දනියි. එහෙයින් ශ්‍රාවකයාගේ එබඳු දැනීම ප්‍රකාශකොට දැනීම් මාත්‍ර සමාන බවෙන් එය ශ්‍රාවක සාධාරණ යයි පිහිටුවීමට සාවකො ඨානං ඨානං ජානාති යනාදිය පරවාදි ප්‍රශ්නය වේ. එහි ඉන්‍ද්‍රිය පරොපරියත්ති ඤාණය, ෂට් අසාධාරණ ඤාණවලින් වෙනත් එකක් යයි ගන්නා ලදී. ආසවක්‍ඛෙන වා ආසවක්‍ඛයං තථාගතයන් වහන්සේ ආසවක්‍ඛය ඤාණය සමග ශ්‍රාවකයින්ගේ ආසවක්‍ඛය ඤාණය සැසදීමේදී වෙනස්කම් ඇති බව කිවයුතු වන්නේය. එය නැත. විමුත්තියා වා විමුත්ති පදවල ද මෙම නයම වේ. මෙහි සෙස්ස පැහැදිලිය.
දැන් සකවාදිය විසින් අශ්‍රවයන්ගේ යම් ක්‍ෂය ඤාණයක් සාධාරණ යයි අනුමත කරන ලදී. එය සමග සසඳා සෙස්සෙහි ද සාධාරණ බව විචාරීමට නැවත ආසවානං ඛයෙ යනාදිය පරවාදි ප්‍රශ්න වේ. ඒවා විසඳීමෙහි සකවාදියා විසින් ආශ්‍රවක්‍ෂයෙහි විශේෂ භාවයෙන් සාධාරණ බව ප්‍රතික්‍ෂේප කරන ලදී. නැවත ස්ථාන ස්ථානාදියේ ආසවක්‍ඛය සමගම සසඳා අසාධාරණ ප්‍රශ්න පරවාදියාටය. එහි ආසවක්‍ඛය ඤාණයෙහි ප්‍රතික්‍ෂේප සෙසු තන්හි ප්‍රතිඥා සකවාදියාටය. ඉන්පසු ඉන්‍ද්‍රිය පරෝපරියත්තිය සමග සසඳා අසාධාරණ ප්‍රශ්න පරවාදියාටය. එය සංක්‍ෂේපකොට දක්වන ලදී. එහි ඉන්‍ද්‍රිය පරෝපරියත්තයෙහි ප්‍රතික්‍ෂේපය හා සෙසු තැන්වල ප්‍රතිඥාව සකවාදියාටය.
21. අරියන්ති කථා
දැන් අරියන්ති කථා නම් වේ. එහි යමෙකුගේ කේවල වූ ආසවක්‍ඛය ඤාණයම අරිය වේ. ඉක්බිතිව පෙර නව බලය ද අරියා යයි ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අරියං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත ඉදින් ආර්ය මාර්ගයෙහි එයින් වෙනත් දෙයක් විය යුතු යයි මාර්ගාදි වශයෙන් විචාරීම සකවාදියාටය. ප්‍රතික්‍ෂේපය පරවාදියාටය.
නැවත ශුන්‍යතා අරමුණු වශයෙන් විචාරීම සකවාදියාටය. එහි ශූන්‍යතා දෙකකි. සත්ත්ව ශුන්‍යතා සහ සංස්කාර ශුන්‍යතා වශයෙනි. සියළු සංස්කාරවලින් ශූන්‍ය වූ වෙන්වූ ඉවත්වූ නිවණ. එහි පරවාදියා නිවන් අරමුණු සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංස්කාර අරමුණ සඳහා පිළිගනී. මනසි කරොති යයි විචාරණ ලද්දේ ද නිවනම සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංස්කාරයන් සඳහා පිළිගනී. එයින් සකවාදියා විසින් සමාන අසමාන මෙනෙහි කිරිම සංස්කාර අරමුණය. ශුන්‍යතා මෙනෙහි කිරීම නිවන් අරමුණ යයි මෙම නය ගෙන ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොති යයි විචාරණ ලද්දේ මඳ අවසරයක්වත් නොලබන්නේ ප්‍රතික්‍ෂේප කරයි. අනිමිත්ත අප්පණිහිතවලද මෙම නයම වේ. සත්ත්ව නිමිති අභාවයෙන් ස්කන්‍ධ අනිමිත්ත වේ. සංස්කාර නිමිති අභාවයෙන් නිවන එක් ධර්මයකට ආරෝපනය කර තැබිය යුතු සංඛ්‍යාවෙන් ද ප්‍රණිහිත අර්ථයෙන් ද ප්‍රණිහිත සංඛ්‍යාවට ගිය සත්ත්ව ප්‍රණිධානයද අපණිහිත වූ ස්කන්‍ධ වේ. තෘෂ්ණා ප්‍රාර්ථනාවෙන් තෘෂ්ණාවෙන් හෝ අරමුණු වීමෙන් සියළු සංස්කාර ප්‍රණිධියෙන් අපණිහිත වූ නිවන. එහෙයින් මෙහිද ප්‍රතික්‍ෂේපය ද පිළිගැනීම ද පෙර නයින්ම දතයුතුය.