යෙවාපනකවණ්ණනා
එසමයෙහි වනාහි පටිච්ච සමුප්පන්න වූ (හේතූන්ගෙන් උපන්) අන්ය වූ ද යම් ඒ අරූපී ධර්මයෝ ඇද්ද මේ ධර්මයෝ කුශලයෝය යනුයි. ‘ස්පර්ශය වෙයි. -පෙ- අවික්ෂේපය වෙයි’ යනු හුදෙක් පද පිළිවෙළින් දක්වන ලද්දේ නොවෙත්. මොව්හු පනසකට අධික වූ ධර්මයෝමය. ඉක්බිති යම් සමයෙක්හි කාමාවචර ත්රිහේතුක සොම්නස් සහගත පළමුවන අසංස්කාරික මහාසිත උපන්නේ වෙයි ද, එසමයෙහි වනාහි ඒ ස්පර්ශාදිය හා සම්ප්රයුක්තව පවත්නා තමතමන්ට අනුරූප ප්රත්ය නිසා උපන් රූපයක් නැති හෙයින් අරූපී ස්වභාවයෙන් පවත්නා (ලැබෙන්නා වූ) යම් ඒ අන්ය වූ ද ධර්මයෝ වෙත් ද මේ සියලුම ධර්මයෝ කුශලයෝ ය.
බුදුරජාණන් වහන්සේ මෙපමණකින් චිත්තාංග වශයෙන් පාළියෙහි ආරූඪ වූ පනසකට අධික ධර්මයන් දක්වා යෙවාපතක (යෙවා පන) වශයෙන් අන්ය වූ ද ධර්ම නවයක් දක්වන සේක. ඒ ඒ සූත්ර පදන්හි වනාහි ඡන්ද අධිමොක්ඛ මනසිකාර තත්රමජ්ඣත්තතා කරුණා මුදිතා කායදුච්චරිත විරති වචී දුච්චරිතවිරති මිච්ඡාජීවවිරති යන මේ නවධර්මයෝ පැනෙත්. මේ මහා සිතෙහි ද කත්තු කම්යතා කුසල ධම්මච්ඡන්දය ඇත. චිත්තාංග වශයෙන් වනාහි පාළියට නොනැඟිණ. එය මෙහිදී යේවාපනක වශයෙන් ගන්නා ලදී.
අධිමොක්ඛය ඇත. මනසිකාරය ඇත. තත්රමජ්ඣත්තතාව ඇත. මෙත්තාපුබ්බ භාගය ඇත. උපෙක්ඛා පුබ්බභාගය ද ඇත. එය වනාහි තත්ර මජ්ඣත්තතාව ගත් හෙයින් ගන්නා ලද්දේම වෙයි. සම්මා වාචාව ඇත. සම්මා කම්මන්තය ඇත. සම්මා ආජීවය ඇත. චිත්තාංග වශයෙන් වශයෙන් වනාහි පාළියට ආරූඪ නොවීය. එයද මෙහිදී යේවාපනක වශයෙන් ගන්නා ලදී.
මේ නවය අතුරෙන් ඡන්ද අධිමොක්ඛ මනසිකාර තත්රමජ්ඣත්තතා යන මේ සතර එක් ක්ෂණයකදීම ලැබෙත්. සෙස්සෝ නානාක්ෂණයන්හි දී ලැබෙත්. යම්කලෙක වනාහි මේ සිතින් මිථ්යා වචනය දුරුකෙරේද, විරති වශයෙන් සම්යක් වචනය පිරෙයි ද, එකල්හි ඡන්දාදිය ද සතර සම්යක් වචනයෝදැයි මේ පස්දෙනා ඒක ක්ෂණයෙහිම ලැබෙත්. යම් අවස්ථාවක මිථ්යා කර්මාන්තය දුරුකරයි ද විරති වශයෙන් විරති වශයෙන් සම්යක් කර්මාන්තය පිරෙති. -පෙ- මිථ්යා ආජීවය දුරුකරයි ද, විරති වශයෙන් සම්යක් ආජීවය පිරෙයි. කරුණාවෙන් පරිකර්ම කෙරේද, මුදිතාවෙන් පරිකර්ම කෙරේ ද, එකල්හි ඡන්දාදී සතර ද සම්යක් වචනය ද යන මේ පස ඒකක්ෂණයෙහි ලැබෙත්. මෙයින් මිදී දන්දෙන්නහුට සිල් පුරන්නහුට භාවනා කර්ම කරන්නහුට සතර අපණ්ණාකාංගයේ නොලැබෙත්මය.
මෙසේ මේ යොවාපනය ධර්මයන් අතුරෙහි ඡන්දො යන මෙය කත්තුකම්යතාවට නමකි. එහෙයින් එය කත්තුකම්යතාව ලක්ෂණකොට ඇත්තේය. ඡන්දය අරමුණු සෙවීම රසයකොට ඇත්තේය. අරමුණ සමග ඇති බව එළඹ සිටි බවයි. එයම එයට ආසන්න කාරණයයි. මෙය අරමුණු ගැනීමේදී ද චිත්තයාගේ (සිතේ) අත දිගහැරීම මෙනැයි දතයුතුයි.
ස්ථිර ලෙස පිහිටීම = අධිමෝක්ෂයයි. එය අධිෂ්ඨානය ලක්ෂණ කොට ඇත්තේය. නොසැලීම රසය කොට ඇත්තේය. නිශ්චය එළඹ සිටි කාරණයයි. නිශ්චය කළයුතු ධර්ම ආසන්න කාරණා කොට ඇත්තේ ය. අරමුණෙහි නිශ්චල බැවින් ඉන්ද්රඛීලයක් මෙනැයි දතයුතුයි.
ක්රියා කරන්නා - සිතෙහි කරන්නා මනසිකාරයයි. පළමු සිතට සමාන නොවූ සිතක් කෙරේ යනු ද = මනසිකාරයි. ඒ මේ මනසිකාරය අරමුණු ප්රතිපාදකය. වීථි ප්රතිපාදකය. ජවන ප්රතිපාදකය යැයි ත්රිවිධය. එහිදී ආරම්මණ ප්රතිපාදකය, සිතෙහි කරන්නාය යනු මනසිකාරයි. එය අරමුණු සහිත බව ලක්ෂණ කොට ඇත්තේය. සම්ප්රයුක්තයන් අරමුණෙහි යෙදීම රසයකොට ඇත්තේය. අරමුණට අභිමුඛභාවය එළඹ සිටි කාරණකොට ඇත්තේය. සංස්කාර ස්කන්ධයට අන්තර්ගතය. අරමුණු ප්රතිපාදක බැවින් සම්ප්රයුක්ත ධර්මයන්ට රියදුරකු මෙනැයි දතයුතුයි. වීථිප්රතිපාදක යන මෙය වනාහි පංච ද්වාරාවර්ජනයට නමකි. ජවන ප්රතිපාදක යනු මනෝද්වාරාවර්ජනයට නමකි. ඒවා මෙහිදී අභිප්රේත නොවේ.
ඒ ධර්මයන්හි මධ්යස්ත බව තත්රමජ්ඣත්තතාවයි. එය චිත්ත චෛතසිකයන් එක්රැස් කිරීම ලක්ෂණ කොට ඇත්තේය. ඌනාධික නිවාරණය රසයකොට ඇත්තේය. පක්ෂපාත බව සිඳීම හෝ රසය කොට ඇත්තේ ය. මධ්යස්ථ බව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. චිත්ත චෛතසිකයන්ට මධ්යස්ථ වශයෙන් පවතින ආජනීය අශ්වයට මධ්යස්ථවන රියදුරකු මෙනැයි දතයුතුයි.
කරුණා මුදිතා දෙක බ්රහ්මවිහාර නිර්දේශයෙහි මතු පළවන්නේ ය. හුදෙක් ඒ දෙක වනාහි ධ්යානප්රාප්ත රූපාවචරයෝ ය. මෙහිදී කාමාවචරය යන මෙයම වෙනසයි.
කාය දුශ්චරිතයෙන් වැළකීම = කාය දුච්චරිත විරතියයි. සෙසු පද දෙක්හි ද මේ නයමය. මේ තුනම වනාහි ලක්ෂණාදී වශයෙන් කායදුශ්චරිතාදී වස්තූන් නො ඉක්මවීම ලක්ෂණ කොට ඇත. මර්දනය නො කිරීම ලක්ෂණකොට ඇතැයි කියන ලද්දේ වෙයි. කාය දුශ්චරිතාදී වස්තු හැකිළවීම රසය කොට ඇත. අක්රිය බව එළඹ සිටි කාරණ කොට ඇත. ශ්රද්ධා හිරි ඔතප් අපිස් බව ආදි ගුණ ආසන්න කාරණ කොට ඇත. පාපක්රියාවෙන් සිත විමුබිභාවයට පත්විණැයි දතයුතුයි.
මෙසේ ස්පර්ශාදී සපනය ද යේවාපනක වශයෙන් කියන ලද නවයදැයි යන මේ සියල්ලම මේ ධම්මුද්දෙස වාරයෙහි ධර්මපද සැටපහක් වෙයි. නිසිකලෙක එක් ක්ෂණයෙක්හි ඔවුනතුරෙන් එක්සැටක් වෙයි. කිසිකලෙක සමසැටක් වෙයි. ඒවා වනාහි සම්මා වාචා පූරණාදී වශයෙන් උපතේදී එක්සැටක් වෙයි. ඔවුන්ගෙන් බිඳුණු කල්හි එක්තැනක සිවසැටක් වෙයි. යේවාපනකයන් හැර ගත් කල්හි වනාහි පාළියෙහි දක්වන ලද අයුරින් ගනු ලබන පනස්හයක්ම වෙයි. මෙහිදී වනාහි අංගහිතගහණ වශයෙන් ස්පර්ශ පංචකය විතර්කය විචාරය ප්රීතිය චිත්තෙකග්රතාව පංචෙන්ද්රිය හිරිබලය ඔත්තප්ප බලය යන බලදෙක අලෝභ අදෝස යන මූල දෙක කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය ආදී දොළොස් ධර්ම යන සමතිසක් ධර්ම වෙයි.