කාමාවචරකුසලං නිද්දෙසවාරකථා
දැන් සමුද්දෙස වාරයෙහි පාළියට ආරූඪකළ ඒ සපනස් පදයක්ම බෙදා දක්වන්නට කතමො තස්මිං සමයෙ ඵස්සො හොති යන ආදී නයින් නිර්දේශවාරය පටන්ගන්නා ලදී.
එහිදී පළමුකොට මේ විචාරීමේ අර්ථයි. යම් අවස්ථාවක සොම්නස් සහගත ත්රිහේතුක අසංස්කාරික කාමාවචර මහා කුසල සිත උපදීද, ඒ අවස්ථාවෙහි ස්පර්ශය වේයැයි කියන ලදී. ඒ ස්පර්ශය කවරේදැයි යන මේ නයින් සියලු විචාරීම්වල අර්ථය දතයුතුයි.
යො තස්මිං සමයෙ ඵස්සො යන එසමයෙහි ස්පර්ශ කිරීම් වශයෙන් උපන් යම් ස්පර්ශයක් වේද, ස්පර්ශය යනු එයයි. මෙය ස්පර්ශයාගේ ස්වභාවය දක්වන හෙයින් සභාව පදනමි. ඵුසනා යනු ස්පර්ශ කරන ආකාරයයි. සම්ඵුසනා යනු ද ස්පර්ශ කරන ආකාරයමය. උපසර්ගයෙන් පදය දියුණුකර කියන ලදී. සම්ඵුසිතත්තං යනු ස්පර්ශ කළ බවයි. මේ වනාහි මෙහි යෝජනාවයි. එසමයෙහි ස්පර්ශ කිරීම් වශයෙන් යම් ස්පර්ශයක් වේද, එසමයෙහි යම් ස්පර්ශයක් වේද, එසමයෙහි යම් සම්ඵුසනයක් වේද, එසමයෙහි යම් සම්ඵුසිත බවක් වේද, නැතහොත් එසමයෙහි ස්පර්ශ කිරීම් වශයෙන් ඵස්සයක් වේද, අන්ය වූද පර්යායකින් ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං යැයි ද කියනු ලැබේ. එසමයෙහි ස්පර්ශය වේයැයි දැක්වූයේ මෙයයි. වේදනාදීන්ගේ නිර්දේශයන්හි ද මේ නයින්ම පද යෝජනාව දතයුතුයි.
මේ වනාහි මෙහි සර්වසාධාරණ විභක්ති විනිශ්චයයි. පළමුවෙන් කාමාවචර මහා කුසල සිත බෙදා දක්වන්නා වූ භාග්යවතුන් වහන්සේ විසින් යම් ඒ අතිරේක පද පනසක් මාතෘකා වශයෙන් තබා නැවත එක් එක් පදය ගෙන බෙදීමට නංවන ලද ද බෙදීමට පැමිණෙන ඒ පද වනාහී කරුණු තුනකින් බෙදීමට පැමිණෙයි. විවිධ වූ පද කරුණු සතරකින් විවිධ වෙයි. මෙහි වෙනත් දැක්වීමක් දෙතැනකට යයි. කෙසේද, මොව්හු වනාහි බ්යඤ්ජන වශයෙන් උපසර්ග වශයෙන් අර්ථ වශයෙන් යැයි මේ කරුණු තුනෙන් බෙදීමට පැමිණෙත්. එහි ‘කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං’ යැයි මෙසේ ව්යඤ්ජන වශයෙන් බෙදීමට පැමිණීම දතයුතුයි. මෙහි වනාහි එකම ක්රෝධය ව්යඤ්ජන වශයෙන් මෙසේ බෙදීමට ගියේය. ‘චාරො විචාරො අනුවිචාරො (උප විචාරො) යැයි මෙසේ උපසර්ග වශයෙන් බෙදීමට යෑම දතයුතුයි. ‘පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චිත්තා උප්පරික්ඛා’ යැයි මෙසේ අර්ථ වශයෙන් බෙදීමට යෑම දතයුතුයි. ඔවුනතුරෙහි ඵස්සපද නිර්දේශයෙහි වනාහි මේ බෙදීම් තුනම ලැබේ. ඵස්සො ඵුසනා යැයි බ්යඤ්ජන වශයෙන් බෙදීමට යෑම වෙයි. සම්ඵුසනා යනු උපසර්ග වශයෙන්, සම්ඵුසිතත්තං යනු අර්ථ වශයෙනි. මේ නයින් සියලු පද නිර්දේශයන්හි විභක්ති ගමන දතයුතුයි.
විවිධ වන පදයෝ ද වනාහි නාම නානත්වයෙන් ලක්ෂණ නානත්වයෙන් කෘත්යය නානත්වයෙන් ප්රතික්ෂේප නානත්වයෙන් දැයි මේ සතර කාරණයෙන් විවිධ වෙත්. එහි ‘කතමො තස්මිං සමයෙ බ්යාපාදො හොති, යො තස්මිං සමයෙ දොසො දුස්සනා යන මෙහි ව්යාපාදය යනු ද ද්වේෂය යනු ද මේ දෙකම ක්රෝධයමය. නාමයෙන් නානාත්වයට ගියහයි මෙසේ නාමනානත්වයෙන් නානත්වය දතයුතුයි.
රාශි අර්ථයෙන් ද පංච ස්කන්ධයෝ ම එවිට ස්කන්ධයක් වෙයි. මෙහි වනාහි රූපය වෙනස්වන එකම ස්කන්ධයක් වෙයි. මෙහි වනාහි රූපය වෙනස්වන ලක්ෂණ ඇත්තේය. වේදනාව විඳීම් ලක්ෂණ ඇත්තේය. සංඥාව හැඳිනගැනීම ලක්ෂණකොට ඇත්තේ ය. චේතනාව සිතීම ලක්ෂණ කොට ඇත්තේය. විඥානය දැනගැනීම ලක්ෂණකොට ඇත්තේය යැයි මේ ලක්ෂණ නානත්වයෙන් පංචස්කන්ධයෝ වෙත්. මෙසේ ලක්ෂණ නානත්වයෙන් නානත්වය දතයුතුයි.
සම්යක් ප්රධාන සතරෙකි. මේ සාසනයෙහි භික්ෂුතෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නූපදවීමට -පෙ- සිත ඔසවා තබයි. උත්සාහ කරයි යැයි එකම වීර්යය කෘත්ය නානත්වයෙන් සිවුතැනෙක ආයේය. කෘත්ය නානත්වයෙන් නානත්වය දතයුතුයි.
අසද්ධර්ම සතරෙකි. ක්රෝධගරුක බව සද්ධර්ම ගරුක නොවීම, මක්ඛ (ගුණමකු) ගරුක බව සද්ධර්මගරුක නොවීම, ලාභගරුක බව, සද්ධර්ම ගරුක නොවීම, සත්කාර ගරුකබව සද්ධර්ම ගරුක නොවීම’ යන මේ ආදීන්හි වනාහි ප්රතික්ෂේප නානත්වයෙන් නානත්වය දතයුතුයි.
මෙකී නානත්ව සතර වනාහි ස්පර්ශයෙහි පමණක් ලැබෙන්නක් නොවේ. සියලුම ඵස්ස පංචකාදීන්හි ලැබේ. ස්පර්ශයට වනාහි ඵස්ස යනු නමයි -පෙ- සිතට සිත යනු ද (නමයි.) ස්පර්ශය ද ස්පර්ශ කිරීම ලක්ෂණකොට ඇත්තේය. වේදනාව විදීම ලක්ෂණකොට ඇත්තේ ය. සංඥාව හැඳිනීම ලක්ෂණකොට ඇත්තේ ය. චේතනාව සිතීම ලක්ෂණ කොට ඇත්තේ ය. විඥානය දැනගැනීම ලක්ෂණකොට ඇත්තේ ය. එසේම ස්පර්ශය ස්පර්ශ කිරීම කෘත්යය කොට ඇත්තේ ය. වේදනාව අනුභව කිරිම කෘත්යය කොට ඇත්තේ ය. සංඥාව හැඳිනගැනීම කෘත්යය කොට ඇත්තේ ය. චේතනාව සිතීම කෘත්යය කොට ඇත්තේ ය. විඥානය දැනගැනීම කෘත්යය කොට ඇත්තේයැයි මෙසේ කෘත්යය නානත්වයෙන් නානත්වය දතයුතුයි.
ප්රතික්ෂේප නානත්වය ස්පර්ශ පංචකයෙහි නැත. අලෝභාදී නිර්දේශයෙහි වනාහි අලෝභය අලෝභී වීම අලෝභී බව යැයි ආදී නයින් ලැබේයැයි මෙසේ ප්රතික්ෂේප නානත්වයෙන් නානත්වය දතයුතුයි. මෙසේ සර්වපද නිර්දේශයන්හි ලැබෙන සැටියෙන් චතුර්විධ නානත්වය දතයුතුයි.
වෙනත් දැක්වීමක් නම් පදත්ථුත හෝ වෙයි. දළ්හිකම්ම හෝ වෙයි යැයි මෙසේ දෙතැනකට පැමිණේ. සැරයටි කෙළවරින් පෙළන්නකු මෙන් එක්වරක් පමණක් ඵස්ස යැයි කී කල්හි මේ පදය පිපිණේ සැරසුණේ අලංකාර වූයේ නම් නොවේ. නැවත නැවත ව්යඤ්ජන වශයෙන් උපසර්ග වශයෙන් අර්ථ වශයෙන් ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං යැයි කී කල්හි පිපිණු සැරසුණු අලංකාර වූවක් නම් වෙයි. යම්සේ වනාහි තරුණ කුමරකු නාවා සිත්කලු වස්ත්ර අඳවා මල් පළඳවා ඇස් අඳුනින් සරසා ඉක්බිති ඔහුගේ නළලෙහි එකම හිරියල් බින්දුවක් තබත් ද, මෙපමණකින් හෙතෙම චිත්රතිලක (විසිතුරු තිලක ඇත්තේ නම් නොවේ. නොයෙක් වර්ණයන් පිරිවරා එයින් බින්දු තැබූ කල්හි චිත්රතිලක නම් වෙයිද, මෙය ද මෙසේ සිද්ධයැයි දතයුතුයි. මේ පදත්ථුතිය නම්