3. නගරූපම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි යතො යනු යම් විටෙකයි, පච්චන්තිමං යනු රට කෙළවර රට අවසන්හි බැසගත්තාවුයි, (පිහිටියාවූයි). මධ්‍ය දේශයෙහි නගරයට රැකවල්කිසක් නැත. එහෙයින් එය නොගන්නා ලදි. නගරපරික්ඛාරෙහි පරික්ඛිත්තං යනු නගරාලංකාරයන්ගෙන් අලංකාරවූයි. අකරණීයං යනු නොකළයුතු වූ, නොයායුතුවූයි, ගම්භීරනෙමා යනු ගැඹුරු ආවාටයෝයි, සුනිඛාතා හිඳුවන ලද්දාවූයි. ඒ නුවර දොරටුව ඉදිරියෙහි වූ කුළුණ ගඩොලින් හෝ ගලින් හෝ කිහිරි ආදී හරවත් දැවයෙන් හෝ කරත්. එය නුවර ආරක්ෂාවට කරන්නාහු පිට නගරයෙහි කරති. අලංකාරය සඳහා කරන්නාහු ඇතුළු නුවරෙහි කරත්. එය ගලින් නිමවන්නාහු මහත් ආවාටයක් කොට එය ගොඩ කොට මත්තෙහි අටැස් කොට හුණු පිරියම් කරත්. යම් විටෙක ඇතෙකු විසින් දළින් අනිනා ලද්දේ නොසැලෙයිද එවිට මනාව අලෙව් කරන ලද්දේ නම් වෙයි. ගල්කණු ආදිය ද අටැස් වූයේම වෙයි. ඒවා ඉදින් අටරියන් වෙයිද සිවුරියනක් පමණ වළෙහි පිවිසෙයි. සිවුරියනක් පමණ මතුපිටින් වෙයි. සොළොස් රියන් විසිරියන් ආදියෙහි ද මේ ක්‍රමයමයි. සියල්ලේම අඩක් යට ද අඩක් උඩ ද වෙයි. ඒවා ගොමුත්‍රවඞ්ක වෙයි. එහෙයින් ඒවා අතුරෙහි ඵලක තබා සිතුවම් කිරීමට හැකිවෙයි. ඒවා කරනලද සිතුවම් ඇත්තේ ගන්නා ලද ධජ ඇත්තේ වෙයි.
පරිඛා යනු වටකොට සිටි දිය අගලයි, අනුපරියායපථො යනු පවුරට ඇතුළතින් පවුර සමග ගිය මහ මගයි. එහි සිටියාහු පවුරෙන් පිටත සිටියවුන් සමග යුදකරත්. සලාකං යනු හී තෝමර ආදී යැවිය යුතු අවියයි. ජෙවනියං යනු එක් පසකින් මුවහත ඇති ආදී සෙසු අවියි,
හත්‍ථාරොහා යනු සියලුම ඇත් ඇදුරන් ඇත් වෙදුන් ඇත්ගොව්වන් ආදීහුයි, අස්සාරොහා යනු සියලුම අස් ඇදුරන් අස් වෙදුන් අස්ගොව්වන් ආදීහුයි. රථිකා යනු සියලුම රිය ඇදුරු රිය සෙබළ රිය රකින්නන් ආදීහුයි. ධනුග්ගහා යනු දුනුවායෝයි, වෙලකා යනු යමෙක් යුද්ධයෙහි ජයකොඩිගෙන ඉදිරියෙන් යත්ද ඔවුහුයි, වලකා යනු මෙහි රජුන්ගේ තැන වේවා මෙහි අසුවල් මහ ඇමතියාගේ යයි මෙසේ සේනා සංවිධානය කරන්නෝයි. පිණ්ඩදායිකා යනු සැහැසි මහ සෙබළුයි, ඔවුහු සතුරු සේනාවට පිවිස පිඬක් මෙන් සිඳ සිඳ දක්වත්. උඩපැන පිටවෙතැයි අරුත්ය. යමෙක් හෝ සටන් වැද සෙබළුන්ට බත් පැන් ගෙන පිවිසෙත් ද ඔවුනට ද මේ නමෙකි. උග්ගා රාජපුත්තා යනු මතුව මතුව ආවාවූ, යුදයට පිවිසෙන රාජපුත්‍රයෝයි, පක්ඛන්දිනො යනු යමෙක් කවරකුගේ හිස හෝ අවිය රැගෙන එන්නෙමුදැයි කියා අසුවලාගේ යයි කියන ලද්දාහු යුදයට පැන එයම ගෙන එත්ද මොවුහු පනිත්නුයි පක්ඛන්දිනො නමි. මහානාගයන් වැනි වූයේනුයි මහානාගා නමි. ඉදිරියෙන් එන්නා වූ ඇතුන් අතුරෙහි වුව ද නොනැවැත්විය හැකි යෝධයන්ට මෙය පර්‍ය්‍යාය නාමයෙකි. සුරා යනු හුදු සූරයෝයි, යමෙක් සන්නාහසන්නද්ධවූවාහුද මුහුද තරණය කරන්නට හැකි වෙත්ද ඔවුහුයි. චම්මයොධිනො යනු යමෙක් සම් සැට්ටයට හෝ පිවිස හී වළක්වන සම හෝ ගෙන යුද කරත් ද ඔවුහුයි. දාසකපුත්තා යනු බලවත් සෙනෙහස ඇති ගෙහි දැසි බවට පත් සෙබළුයි, දොවාරිකො යනු දොරටු පල්ලායි, වාසනලෙපනසම්පන්නො යනු සුවඳ ගැන්වීමෙන් සියලු සිදුරු වැසීමෙන් සුණු පිරියමින් යුක්ත වූයි, පිටත හෝ කණු පවුරු නමින් ගැනෙන වාසනයෙන් ද ගනව ඔපදමන ද සුණු පිරියමින් ද යුක්තවූ පුන් කලස් පෙළ දක්වා කරනලද සිතුවම් ඇති දැරූ කොඩි ඇත්තේයි, තිණකට්ඨොදකං යනු ඇත් අස් ආදීන්ට කෑම සඳහාත් ගෙවල් වැසීම සඳහාත් ගෙනවුත් බොහෝ තැන්වල තබන ලද තෘණ ද ගෙවල් සෑදීම් පිසීම් ආදිය සඳහා ගෙනවුත් තබන ලද දර ද යන්ත්‍රයන්ගෙන් පිවිසුවා පොකුණුවල තබන ලද දිය ද වේ. සන්නිවිතං හොති යනු කල්තියාම නොයෙක් තන්හි මනාව රැස්කරන ලද්දේ වෙයි. අබ්හන්තරානං රතියා යනු ඇතුළු නුවර වැසියන්ගේ සතුට සඳහායි, අපරිතස්සාය යනු තැතිගැන්මකට නොපැමිණීම සඳහායි, සාලියවකං යනු නොයෙක් ආකාර ඇති හැල් මෙන්ම යවයි, තිලමුග්ගමාසාපරන්නං යනු තල මුං මෑ ද සෙසු ව්‍යංජන සඳහා ගන්නා ධාන්‍ය ද වේ.