6. නකුලපිතු සූත්ර වර්ණනාව
සවැන්නෙහි බාළ්හගිලානො යනු දැඩිගිලනායි, එතදවොච යනු හිමියාට බෙහෙත් කොට ව්යාධිය සංසිඳවීමට නොහැකි වන්නී දැන් සිංහනාදය කරමින් සත්ය ක්රියාවෙන් සංසිඳවීමට සමීපයෙහි හිඳ මේ “මා ඛො ත්වං” යනාදී වචනය කීවාය. සාපෙඛො යනු තෘෂ්ණා සහිත වූයේයි, න නකුලමාතා යනු මෙහි නකාරය න සක්ඛති යි මෙසේ පරපදය සමග යෙදිය යුතුය, සන්ථරිතුං යනු සිදුරු නැති කිරීමට මනාව තැබීමට, පැවැත්වීමට යන අරුත්ය, වෙණිං ඔලිඛිතුං යනු එළුලොම් පිළියෙල කොට ගටා වෙළුවක් කිරීමටයි,
අඤ්ඤං වීරං ගමිස්සති යනු වෙනත් සැමියකු ගන්නේය, සොළසවස්සානි ගහට්ඨකං බ්රහ්මචරියං සමාදිණ්ණං යනු මෙයින් සොළොස්සකට මත්තෙහි ගෘහස්ථ බ්රහ්මචර්ය්යවාසය සමාදන්වූයේයි, දස්සනකාමතරා යනු වැඩිමනත් වූ දැකීමේ කැමැත්ත ඇත්තෝයි, මේ තුන් අංගයන්ගෙන් සිංහනාදය කොට මේ සත්යයෙන් ඔබගේ සිරුරෙහි ව්යාධිය පහසුවේවායි සත්යක්රියා කළාය,
දැන් භාග්යවතුන් වහන්සේ සාක්ෂ්ය කොට තමන්ගේ ශීලාදී ගුණයන්ගෙන් ද සත්යක්රියා කිරීමට “සියා ඛො පන තෙ” යනාදිය කීවාය, එහි පරිපූරකාරිනී යනු සම්පූර්ණ කරන්නීයි, චෙතොසමථස්ස යනු සමාධි කර්මස්ථානයටයි, ඔගාධප්පත්තා යනු ස්ථිර තැනකට, අනුප්රවේශයකට පත්වූවායි, පතිගාධප්පත්තා යනු ස්ථිර තැනකට, අනුප්රවේශයකට පත්වූවායි, පතිගාධප්පත්තා යනු ප්රතිගාධයකට ප්රතිෂ්ඨාවකට පැමිණියායි, අස්සාසප්පත්තා අස්වැසිල්ලකට පැමිණියායි, වෙසාරජ්ජප්පත්තො යනු සොම්නස් නුවණට පැමිණියායි, අපාරප්පච්චයා යනු අනුන් කෙරෙහි ඇදහිල්ල පරප්පච්ච යයි කියනු ලැබේ. අනුන් ඇදහීම ඇය විසින් දුරු කරන ලද්දේයයි අරුත්ය, මේ අංග තුනෙන් තමන්ගේ ගුණයන් අරභයා සත්ය ක්රියා කළාය, ගිලානාවුට්ඨිතො යනු ගිලන්වී නැඟී සිටියේයි, යාවතා යනු යම්පමණ වූවෝයි, තාසං අඤ්ඤතරා යනු ඔවුන් අතුරෙහි එක් තැනැත්තියෙකි, අනුකම්පිකා යනු හිතානුකම්පා ඇත්තීයි, ඔවාදිකා යනු අවවාද දෙන්නීයි, අනුසාසිකා යනු අනුශාසනා දෙන්නීයි.
7. කුසල සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පතිසල්ලාණා වුට්ඨිතො යනු හුදෙකලා බවින් ධර්මයහි සතුටුවීමෙන්, ඵලසමවත් විසීමෙන් නැඟී සිටියේයි, යථාවිහාරං තම තමන් වසන විහාරයයි, නවා යනු පැවිද්දෙන් නවකයෝයි, ඔවුහු පන්සියයක් පමණ වූවාහුය, කාකච්ඡමානා යනු කාක් හඬ කරන්නාහුයි, දත් (කුරු) කන්නාහුයි, ථෙරා යනු ස්ථිරභාවයට පත්වූවෝයි, තෙන නො යනු එහෙයින් නොවේද? සෙය්යසුඛාදිය යට කියන ලද අර්ත්ථ ඇත්තේමය. රට්ඨිකො යනු රට පරිභොග කරන යමෙකි, පෙත්තණිකො යනු යමෙක් පියා විසින් බුදින ලද දෙය අනුව බුදියිද හෙතෙමේයි, සෙනාපතිකො යනු සෙනාවට දෙටුවූයේයි, ගාමගාමිකො යනු ගාමභොජකයායි, පුග්ගාමණිකො යනු ගණදෙටුවායි, අවිපස්සකො කුසලානං ධම්මානං යනු කුසල් දහම් නොසොයන්නේ සොයා නොබලන්නේවීයි, බොධිපක්ඛියානං ධම්මානං යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේයි.
8. මච්ඡික සූත්ර වර්ණනාව
අටවැන්නෙහි මච්ඡිකං යනු මසුන් මරන්නාවූයි, ඇතුපිටින් යනුයි හත්ථියායී නමි, අන්යවූ දෙය ද මේ ක්රමයමයි, වජ්ඣෙ යනු නැසිය යුත්තවුන්ය, වධායොපනීතෙ යනු නැසීම සඳහා එළවන ලද්දේ (සමීපයට යොමුකරන ලද්දේ) යි, පාපකෙන මනසා යනු ලාමක වූ නැසීමේ සිතිනි, පෙළෙහි වනාහි වාධායුන්නීතෙයි ලියත්. මාගවිකො යනු මුවන් නසන්නායි, කො පන වාදො මනුස්සභූතං යනු යමෙක් මිනිසකු පවිටු සිතෙන් බලාපොරොත්තු වෙයිද ඔහුගේ පැමිණීම නැතිවිට කුමක් කියයුතුද? මෙය පවිටුකම් කරන්නාගේ අනිටුපල බව දැක්වීමට කියන ලදි. එබදු කර්ම කරන්නා වූ යමකුට ද කීර්ති ප්රතිලාභයක් වේද ඔවුනට ඒ අකුශලය නිසා කුසලය විපාක දේ යයි දතයුතුය, අකුශලකර්මයෙන් බාධාකළ බැවින් ඔහුගේ විපාකය බොහෝකල් නොපවතී යයි මේ සූත්රයෙහි අකුශල පක්ෂය කියන ලදි.